
(සුජිත් හේවාජුලිගේ )
ඔමික්‍රෝන් සහ ඩෙල්ටා වයිරස ප්‍රභේද පුද්ගලයකුට එකවර ආසාදනයවීමෙන් සුපිරි කොවිඩ් ප්‍රභේදයක් බිහිවීමේ අවදානමක් මතුවිය හැකි බව රටවල් කීපයක සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවා ඇතැයි මෙරට සෞඛ්‍ය අංශ පවසයි.
බ්‍රිතාන්‍යය සෞඛ්‍ය පර්යේෂකයන් කණ්ඩායමක්ද මේ පිළිබඳව අනතුරු අඟවා ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවසීය.
ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ප්‍රභේදය ලෝකයේ බොහෝ රටවල සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින හෙයින් ශ්‍රී ලංකාවද ඒ ගැන විශේෂ අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙරට ප්‍රබලව පැතිර පවතින්නේද ඩෙල්ටා සැර කොරෝනා ප්‍රභේදයයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ ඔමික්‍රෝන් වලින් වැළකීමට ඇති හොඳම මාර්ගය බූස්ටර් එන්නත බවයි.
බූස්ටර් එන්නත හැකි ඉක්මනින් ලබා ගැනීමට කටයුතු කරන්නැයිද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
2025 නොවැම්බර් මස 04
572
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2269
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොරෝනා සුපිරි බලවතෙක් ගැන සෞඛ්‍ය අංශ අවදානයෙන්
යෝගා Sunday, 19 December 2021 03:26 PM
එහෙනම් හතරවන මාත්‍රාවටත් ලෑස්ති වෙමු. බය කරකර විදින මාර බිස්නස් එකක්...
fairoos Monday, 20 December 2021 01:37 PM
ලංකාවට එන්න දෙන්නේ නැහැ.. අපේ සර් බලාගනියි ඕවා.