IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


කොරෝනා වක්‍රය පහළ බසී

(විනීතා එම් ගමගේ)

ගතවූ දින 15 ඇතුළත වාර් තා වී ඇත්තේ කොවිඞ් 19 රෝගීන් 149 දෙනෙක් පමණක් වුවද එම කාලය ඇතුළත කොරෝනා රෝගීන් 633 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය වාර් තා පෙන්වා දෙයි.

ඒ අනුව රෝහල් ගත  වී ප්‍රතිකාර ලබන කොවිඞ් 19 රෝගීන් ගණන සීඝ්‍රයෙන් ක්‍රමාණුකූලව අඩුවෙමින් පවතින බව පෙන්වා දෙන එම වාර් තා ඉකුත් දින තුනේ දී කිසිදු රෝගියෙකු වාර් තා නොවූ බව ද අද (21) දහවල් නිකුත් වූ වාර්තාවේ සඳහන් වේ.


(මෙම ප්‍රස්ථාරයේ ළා කොළ පැහැයෙන් දක්වා ඇත්තේ පසුගිය මාසයක කාලය තුළ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් - 19 ආසාදිතයන් සංඛ්‍යාවයි)

මේ වනවිට වාර් තා වී ඇති රෝගීන් ගණන 1950 ක් වන අතර සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති පිරිස 1498  කි. එය රෝගීන් ප්‍රතිශතයෙන් සියයට 76.8කි. 

ඒ අනුව තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 441 ක් දක්වා අඩු වී ඇති අතර දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබන්නේ එක් රෝගියෙක් පමණි.

මේ මාසයේ ගතවූ දින 21 දී වැඩිම රෝගීන් පිරිසක් වාර් තා වී ඇත්තේ ජුනි දෙවැනිදා වන අතර එදින රෝගීන් 79 දෙනෙක් වාර් තා වී තිබේ.

කෙසේ වෙතත් මේ වනවිට සුවවී රෝහලෙන් පිටව යන රෝගීන් සංඛ්‍යාව සීඝ්‍ර ලෙස වැඩිවෙමින් පවතින බැවින් ඇඳන් 484 ක් ඉකුත් දින 15 දී නිදහස්ව ඇති බව ද එම වාර් තා අනුව පෙනීයයි. 

(මෙම තීරු ප්‍රස්ථාරයෙන් දැක්වෙන්නේ පසුගිය මාසයක කාලය ඇතුළත සුවය ලබා රෝහල් වලින් පිටව ගිය කොවිඩ් - 19 ආසාදිතයන් සංඛ්‍යාවයි)

 

කොවිඩ් - 19 සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය - සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය අනුග්‍රහයෙනි



අදහස් (4)

කොරෝනා වක්‍රය පහළ බසී

සේන Sunday, 21 June 2020 01:52 PM

අපේ රටට දළදා හිමි සරණයි !

:       0       0

sunil Wijeratne Sunday, 21 June 2020 03:58 PM

සියලු දෙනාටම මගේ ගෞරවය... !!!

:       0       0

Nanda Sunday, 21 June 2020 04:27 PM

ගොඩක් සතුටුයි...

:       0       0

rama Monday, 22 June 2020 03:44 AM

අනේ අපේ රටට වාසනාවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 451 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site