IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


කුරුදු පොලු නඩුව සැප්තැම්බර් 30 වැනිදා විභාගයට

(ක්‍රිෂාන්ජීවක ජයරුක් සහ ජයන්ත ජයවර්ධන)

කුරුදු පොලු නඩුව ලබන සැප්තැම්බර් 30 වැනිදා විභාගයට ගන්නා බවත් එදිනට සියලුම සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවත් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (20) නියෝග කළේය.

වසර හතක් තිස්සේ මෙම නඩුව කල් යමින් තිබෙන බව කී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මීලඟ දින අධිකරණය හමුවේ පෙනී සිටීමට අපොහොසත් වන සැකකරුවන් වරෙන්තු කර නඩුව විභාග කර අවසන් වන තෙක් රිමාන්ඩ් භාරයේ තබන බවද දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ඇතුළු සැකකරුවන් 65 දෙනෙකු මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම් කර තිබේ.ඔවුන් අතරින් සැකකරුවන් සිව් දෙනෙකු නඩු විභාගය අතරතුර දී මියගොස් ඇත. 

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එම තනතුරින් ඉවත් වන්නැයි බල කරමින් එම පක්ෂයේම ආධාරකරුවන් පිරිසක් දෙවිනුවර නගරයේ සිට කොලඹ දක්වා ගමන් කළ පා ගමනට ප්‍රහාරයක් එල්ල වී තිබුණේ 2013 වසරේ ඔක්තොම්බර් මස 05 වැනිදාය.

එහිදී එකම පක්ෂයේ පාක්ෂිකයින් දෙපිරිසක් කුරුදු පොලු වලින් ගුටි බැට හුවමාරු කර ගත් අතර පහලොස් දෙනෙකු පමණ තුවාල ලැබීය.

එම ගැටුම අතරතුරදී වෙඩි තැබීමක් ද සිදු වු අතර ඒ සම්බන්ධයෙන් හිටපු පලාත් මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතාගේ පියා වන හර්මන් ගුණරත්න මහතාට එරෙහිව මාතර අතිරේක මහේස්ත්‍රාත්අධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් පවතී.

මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාට අමතරව අග්‍රාමාත්‍ය හිටපු පෞද්ගලි කලේකම් සුගත් චන්ද්‍රසේකර,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සන්දිත් සමරසිංහ, ලක්ෂ්මන් විජේමාන්න , කලුතර දිස්ත්‍රික් කළමණාකරු ප්‍රසාද් හෙට්ටිආරච්චි,මංගල සමරවීර මහතාගේ මහජන සම්බන්ධතා නිලධාරී සමීර මනහර , හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන බී.ජී.චන්දන ප්‍රියන්ත , ගයාන් සංජීව , ක්‍රිෂාන්ත පුෂ්පකුමාර , හබරාදුව හිටපු ආසන සංවිධායක ලයනල් ඉපිලවත්ත,මාතර මහනගර සභාවේ විපක්ෂනායක උපුල් නිශාන්ත,මාතර හිටපු නාගරික මන්ත්‍රීවරුන් වන නුස්කිඉක්බාල් , නලින් අබේගුණවර්ධන ,ජගත් නල්ලපෙරුම,එක්සත් ජාතික පක්ෂයේබලපිටිය හිටපු සංවිධායක නීතිඥකමල් ද සොයිසා,හිටපු නාගරික මන්ත්‍රී නීතිඥන දිල්මාලගොඩ , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.ආර්.විමලසිරි,මාතර ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක ලයනල් කොඩිකාර,දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හේමසිරි කොඩිතුවක්කු,එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් මාධ්‍ය ලේකම් උදයංග සදරුවන් , හිටපු මන්ත්‍රී සාගල රත්නායක මහතාගේ කාර්ය මණ්ඩල නිලධාරි ලහිරු ජයසිංහ ගැරට්,අගලවත්ත සංවිධායක ගාමිණි නල්ලපෙරුම යන මහත්වරු ද මෙම නඩුවේ සැකකරුවන් අතර සිටිති.

වැඩිදුර නඩු විභාගය ලබන සැප්තැම්බර් මස 30 වැනි දින සවස 2.00 දක්වා කල් තැබිණි.

 

 

 

 

 

 



අදහස් (1)

කුරුදු පොලු නඩුව සැප්තැම්බර් 30 වැනිදා විභාගයට

Thangalle sobitha himi Tuesday, 21 July 2020 10:08 AM

අවුරුදු 7ක් තිස්සේ මේක විභාග කරගන්න බැරිවුණු අයව අවුරුදු කීයක් ඇතුළට දානවද දන්නේ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16882 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 663 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site