IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කෙම්පිටිය වලව්වේ හිමිකරු නිදි ඇඳේම මරා දමලා

(චමින්ද වැවතැන්න)

කෑගල්ල බුළුරුප්ප කෙම්පිටිය වලව්වේ හිමිකරු නිදි ඇදේ දී අත් ගැට ගසා ඇද සිටි සරම ගලවා ගෙල සිරකර ඝාතනය කොට තිබියදී ඊයේ 28 වැනිදා පෙරවරුවේ සොයා ගත් බව කෑගල්ල පොලිසිය පැවසීය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කෑගල්ල හෙට්ටිමුල්ල බුළුරුප්ප කෙම්පිටිය වලව්වේ පදිංචිව සිටි ක්‍රිෂාන්ත පුලස්ති මාරපන නැමැති 75 හැවිරිදි දෙදරු පියෙකි.

ඝාතනයට ලක්ව ඇති දෙදරු පියා එකොළොස් දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් සහොදරයා බවත් ඔහුගේ එකම පිරිමි දරුවා ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින බවත් එකම දියණිය කලකට ඉහතදී මිය ගොස් ඇති බවත් පොලිසිය පැවසීය.

ඝාතනයට ලක්ව ඇති දෙදරු පියා කෑගල්ල හෙට්ටිමුල්ල බණ්ඩාරනායක විද්‍යාලය කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ ගණිත ගුරුවරයෙකු ලෙස සේවයට කොට විශ්‍රාම ලබා ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කෑගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙස වැටුපක් නොගෙන සේවය කර ඇති බවත් පොලිසිය පැවසීය.

 



අදහස් (3)

කෙම්පිටිය වලව්වේ හිමිකරු නිදි ඇඳේම මරා දමලා

HIra Tuesday, 29 October 2024 12:27 PM

ජෙප්පන් හීන් නූලෙන් ගේම දෙනවා වගේ. කොටියා ඉතින් කොටියාම තමයි.

:       5       0

fairoos Tuesday, 29 October 2024 12:29 PM

ඉතාම කණගාටුයි... මිනීමරුවන්ට නිසි දඬුවම් ලැබේවා..!

:       0       5

kapila Tuesday, 29 October 2024 01:51 PM

අද රටේ මහජන ආරක්ෂක සේවාවන් මෙවැනි අපරාධ වැළැක්වීමට අසමත් වී ඇත. පුරවැසියන්ට තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීම සඳහා ගිනි අවි ලබා දිය යුතු කාලය පැමිණ ඇත.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site