IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


කපුවා කපෝති

සෙල්ලකතරගම ඝණ දේවාලයට සිතූ පැතූ සම්පත් දෙන බව කියන පහනක් තනා දීමට එහි කපු මහතාගෙන් රුපියල් තිස් ලක්ෂයක්  වංචා කළැයි සැකපිට මොරටුවේ චේතිය මහගොඩගේ ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

වරෙන්තුවක් මත අත්අඩංගුවට ගත් චේතිය මහගොඩගේට රුපියල් දස ලක්ෂයක ශරීර ඇප නියම විය.

චේතිය ඔහුගේ බිරිය ද සමග කිහිප වරක් දේවාලයට පැමිණ තමා සමග මිත්‍ර වී ඉන් පසු පහණ තැනීමට රුපියල් ලක්ෂ 30ක් දුන් බව කපු මහතා කොළඹ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කර ඇත.

 



අදහස් (0)

කපුවා කපෝති

පිටබැද්දර ජයා Thursday, 05 December 2013 05:29 AM

අපේ රටේ මේ තරමටම මෝඩ මිනිස්සුත් ඉන්නවා එහෙනම්? (නි)

:       0       0

ඉන්දික Wednesday, 04 December 2013 05:34 PM

අහෝ! කතරගම කපු මහත්තයාත් සිතු පැතූ දේ ලබන්නේ වෙන කෙනෙකුට කියලාද? එතකොට කතරගම දෙයියෝ දෙන්නේ නැද්ද? (නි)

:       0       0

උපාලි Thursday, 05 December 2013 05:58 AM

අපි අහලා තියෙන්නේ සිතු පතු සම්පත් ඉල්ලන්න ඕනෑ දෙවියන්ගෙන් කියලයි. එහෙත් මේ කපු මහත්තො තමන් ළඟම ඉන්නවයි කියන දෙවියන්ට වඩා අහක හිටපු මනුස්සයෙක්ව විශ්වාස කළා එහෙනම්? (නි)

:       0       0

ජානි Wednesday, 04 December 2013 05:54 PM

මේකේ කවුද සල්ලි දුන්නේ? කපුවද? මිනිහද? කැමැත්තෙන් දුන්නා නම් වරදක් නෙමෙයිනේ? (නි)

:       0       0

ලංකා Wednesday, 04 December 2013 06:02 PM

ඇයි දෙයියන්ට කිව්වේ නැද්ද ? (නි)

:       0       0

කුමාරි Wednesday, 04 December 2013 06:06 PM

මේවට ඉතින් දෙයියොම සාක්කි කියන්න ඕනෑ.මෝඩ මිනිස්සු. පහනට හැකිද සිතු පැතු දේ දෙන්න? (නි)

:       0       0

ශාන් ගමගේ (ඕමාන) Wednesday, 04 December 2013 06:29 PM

දෙවියන්ට කියලා බලන්න පුළුවන්නේ (නි)

:       0       0

ගුණේ Wednesday, 04 December 2013 06:38 PM

වලිගයක් නෙවෙයි ඔලුවෙන් උඩට නෙරපූ අන්දෙකක්. කොහොමත් කපුවා ළඟ තියෙන්නෙත් අන් අයගේ විස්වාසය හීනියට රවටා මංකොල්ල කාපුවා..(නදී)

:       0       0

ගාමිණි Wednesday, 04 December 2013 06:42 PM

සම්පත් ලැබෙනවා කිවොත් දෙවිවරුවත් විකුණනවා. (නි)

:       0       0

අසෝකා Wednesday, 04 December 2013 06:50 PM

මම හිතනවා දෙවියන්ගේ කැමැත්ත වෙන්න ඇති කියා! (නි)

:       0       0

ඉන්දික Wednesday, 04 December 2013 06:52 PM

කපුවටත් දෙවියෝ බලන්නේ නැත්තම් අනිත් අය ගැන බලයිද? (නි)

:       0       0

පාලි කතර් Wednesday, 04 December 2013 07:07 PM

තව පොඩ්ඩක් හිතුවා නම් මේකට අහුවෙන්නේ නැහැනේ කපු මහත්තයෝ (නි)

:       0       0

රුවන් ගමරාලගේ Wednesday, 04 December 2013 07:55 PM

ලක්ෂ 30ක් නරකම නැහැ. අපි මාසෙට වැටුප ගන්න කොච්චර මහන්සි වෙන්න ඕනෙද . කපු මහත්තයට සියලු දෙයියන්ගේ පිහිට හා වාසනාව ලැබේවා.(නදී)

:       0       0

රෝස් Wednesday, 04 December 2013 09:40 PM

නමටම හරියන්න වැඩේ කරලා...!!! (අ)

:       0       0

තරංග , අබුබබි Wednesday, 04 December 2013 09:45 PM

කවද්ද ඔය පහන පත්තු කරන්නේ, දැන්මම ටිකට් එක අරන් ලංකාවට එන්න (අ)

:       0       0

එම්.එන්.පියරත්න Wednesday, 04 December 2013 10:25 PM

හුගක් වෙලාවට මිනිස්සු කතරගම එන්නෙ කපු මහත්තුරු මගින් දෙවියන්ගේ පිහිට ගන්න.දැන් මෙතන වැරදිලා තියෙන්නෙ දෙවියන්ගෙන් වැඩ ගන්න කපු මහත්තුරු හොර නරයින්ගෙන් පිහිට ගන්න ගිය එක. (අ)

:       0       0

චමත් ඉතාලිය Thursday, 05 December 2013 12:50 AM

මිනිස්සු කපුවා ළගට යන්නේ ඒ අයගේ සිතුම් පැතුම් කපුවා ලවා දෙවියන්ට කියලා ඉටු කරගන්න. කපුවාගේ සිතුම් පැතුම් ඉටු කරගන්න කපුවා බැතිමතෙකුගෙන් සිතුම් පැතුම් ඉටු කරන පහන් හොයනවා. ඒ කියන්නේ දෙවියන්ට හැමදාමත් පුද පුජා කරන කපුවාට නැත්නම් පිළිසරණක් ..... අහිංසක බැතිමතුන්ට කාගේ පිළිසරනක්ද? (නි)

:       0       0

ලලිත් Thursday, 05 December 2013 01:12 AM

ඕකට ඔය තරම් කලබල වෙන්න ඕනෑ නැහැ. හැමෝම ආයෝජනය කරන මේ කාලේ කපුවා ලක්ෂ තිහ ඩබල් කරන්න හිතාගෙන පහනකට ආයෝජනය කරලා, පහන හැදුවා නම් ඉතුරිවෙලා තියෙන්නේ සිතු පැතූ සම්පත් දෙන පහන ගැන පොඩි ඇඩ් එකක් දාන්න විතරයි. (නි)

:       0       0

සුමංගල Thursday, 05 December 2013 10:53 AM

කපුමත්තයා අර මනුස්සයාගේ නමේ තේරුමවත් හිතුවනම්... (ස)

:       0       0

සහන් Thursday, 05 December 2013 02:09 AM

තවත් දේවාල වලට මේ වගේ පහන් හදා දීලද දන්නෙ නැහැ (නි)

:       0       0

සමදරා Thursday, 05 December 2013 11:04 AM

අපේ අම්ම කියනවා බලපන් තාත්ත ද කියලා. (ස)

:       0       0

කීර්ති Wednesday, 04 December 2013 05:01 PM

කතරගම කපුවො ලඟ තියෙන්නෙත් අහිංසක මිනිස්සු රවටල ගත්ත සල්ලි නෙ. (ස)

:       0       0

සත්‍යයා Thursday, 05 December 2013 02:46 AM

මේක හරියට "ඇලඩින් සහ පුදුම පහන" වගේ කතාවක්. හැබැයි වෙනස තියෙන්නේ මේ කතාව "මුදල් දෙවියන්ගේ මල්ලි" කියා අදහන අමන මිනිසුන් දෙදෙනෙකු පිළිබද සත්‍ය කතාවක් වීමයි. (නි)

:       0       0

පුබුදු Wednesday, 04 December 2013 05:07 PM

සල්ලි දීපු උත්තමයට වලිගයක් තියන්නවද බලන්න. (ස)

:       0       0

මාටින් Wednesday, 04 December 2013 05:21 PM

කපුවා දෙවියන්ට කියලා බැතිමතුන්ට උදව් කළානේ. කපුවට දෙවියෝ උදව් කරලා නැහැ වගේ (නි)

:       0       0

නානා Wednesday, 04 December 2013 05:26 PM

ලක්ෂ 30 ක් ගෙවන්න ඔහුගේ ආදායම කීයද ? මෙතෙක් ආදායම් බදු ගෙවලද ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 54 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 476 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 247 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site