IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


කපිල චන්ද්‍රසේන-බිරිඳට ඇප

 ( නිමන්ති රණසිංහ)

එයාර් බස් ගනු දෙනුවට අදාළව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ  හිටපු  විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහු බිරිඳ වන නියෝමාලි විජේනායක මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.

එක් අයකුට රුපියල් ලක්ෂ 20 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 200 බැගීන් ශරීර ඇප  මත මෙසේ මුදා හැරිණි.
 
මෙම සැකකරුවන්ගේ විදෙස්ගමන්ද තහනම් කළ අතර  සෑම මසකම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුට ගොස් ප්‍රකාශයක් ලබා දෙන්නැයිද නියෝග කළේය.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

 



අදහස් (11)

කපිල චන්ද්‍රසේන-බිරිඳට ඇප

Nuwan Wednesday, 04 March 2020 10:03 AM

මොන කටින්ද හිනා වෙන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ...!

:       0       314

Mahee Wednesday, 04 March 2020 10:04 AM

ඩොලර් ලක්ෂ විස්සක් පගාව ගහලත් ඇප? හොඳ වෙලාවට ඒ එක්ක අඹ ගෙඩි දෙකතුනක් තිබිලා අහු නොවුණේ. නැත්නම් අහිංසකයින්ට හිරගෙදර ලගින්න වෙනවනේ...

:       0       242

Bandu Wednesday, 04 March 2020 10:30 AM

පුදුම නීතියක්, පුදුම ලංකාවක්.

:       1       195

de silva Wednesday, 04 March 2020 10:34 AM

මම දන්නා මනුසයෙක් අනුන්ගේ ඩෙබිට් කාර්ඩ් එකකින් රුපියල් 20000 අරගෙන අහුවෙලා , මාස 3 රිමාන්ඩ් එකේ හිටියා. ඊට පස්සේ දැන් නඩුව අවුරුදු 7 විතර අහනවා ඔහු හැම ඉරිදාවකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන්න ඕනේ පොත අත්සන් කරන්න. මට හිතෙන විදිහට ලංකාවේ ලොකු හොරකම් වලට ඇප කොන්දේසි ලිහිල් ඇති , හොරකන් කරනවානම් අඩුම තරමේ ඩොලර් මිලියනයක්වත් හොරකම් කරන්න ඕනේ , අර තොග බඩු කඩෙන් තොගයට ගන්නකොට බඩු මිල අඩු වගේ. සිල්ලර හොරුන්ට දඩුවම් වැඩිය.

:       0       227

pradeepa Wednesday, 04 March 2020 10:43 AM

අහිංසක ජෝඩුව බොහොම දුකෙන් හරි හම්බු කරගත් සල්ලි නේ, ඉක්මනට නිදහස් උනා, අපේ සුබ පැතුම්!

:       0       155

පිටිගල මිලානෝ Wednesday, 04 March 2020 11:31 AM

හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්... දනට පිනට ගෙදරදොරට දුන්නේ මං... හිතේ මනාපයෙන්...

:       0       14

de silva berlin Wednesday, 04 March 2020 11:44 AM

හරි නම් මේ ගොල්ලන්ට ඇප දෙන්න අවශ්‍ය නැහැ. කෙළින්ම දඬුවම් කරන්න පුළුවන්... මොකද මේ ගොල්ලන්ට එයාර් බස් සමාගමෙන් පගාව දුන් බව සහ මොවුන් එම පගාව ගත්ත බව ගිණුම් අංක සහ සියලු විස්තර සහිතව යුරෝපයේ උසාවියක ඔප්පු වෙලා තියෙන්නේ.., ශ්‍රී ලන්කන් එක එමිරේට්ස් එකෙන් පාලනය කරන කාලේ ලාභ ලබන එකත් ලංකාවේ ආණ්ඩුවෙන් පාලනය වෙනකොට පසුගිය අවුරුදු 10 තුළ හැම අවුරුද්දකම රුපියල් කෝටි 1000 -3000 අතර මුදලක් පාඩු ලැබුවේත් මෙවැනි පුද්ගලයන් දේශපාලන ආශීර්වාද මැද හොරකන් කරපු නිසා, දේශපාලකයන් අපි රජයේ දේපල නැවත රජයට පවරාගත්තා කියමින් පාරම් බෑවේ රට්ට ආදරේ නිසා නොව තම හිතවතුන්ට සලකන්න. පසුගිය අවුරුදු 10ක් තුළ තිබුණු සියලුම ආණ්ඩු මේකට වගකියන්න ඕනේ...

:       0       16

ලේක්කෝ ගලබඩWednesday, 04 March 2020 12:24 PM

කට.. කට.. මේක අර පුතාට ඇහෙයි.

:       0       11

Appuhami Wednesday, 04 March 2020 12:49 PM

මෙයාලට ඕවා ඵලදෙනවා නම් ඉතින් ලබන ආත්මේ තමයි. මේ ආත්මේ නම් අවුලක් වෙන්නේ නැහැ.

:       0       8

de silva Wednesday, 04 March 2020 04:10 PM

ඔය කියන පුතා සහ එයාගේ මාමා එකතුවෙලා ශ්‍රී ලන්කන් එකත් විනාශ කරලා, පියා ගැන රටේ මිනිස්සුන්ගේ තිබුණු සැලකිල්ල, කලකිරීමටත් පසුව කෝපයකටත් හරවලා ඡන්දෙන් පස්සේ ඔහුට මැද මූලනට පසුබසින්න සිදුවුනේ.. සමහරවිට ඡන්දෙන් පස්සේ නැවත කලඑළි බසින්න පුළුවන්...

:       0       0

Perera Thursday, 05 March 2020 04:03 AM

අනේ, ඉතින් යන්තම් පැලක් අටවාගෙන දරුවන්ටත් උගන්නන්න හිතාගෙන කෝටියක් දෙකක් පගාගන්න ඇති. ඕකත් මහා දෙයක්ද? අනේ මෙයාලව ගෙදර අරින්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 404 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2182 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1654 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site