(යොහාන් භාසුර)
විදුලි කප්පාදුව නතර කිරීමට තීරණයක් ගෙන නොමැති බවත් පැය දෙකකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සිදුවන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා අද (15) පස්වරුවේ පැවසීය.
විදුලි කප්පාදුව අත්හිටුවන බවට ලංකා විදුලිබල මණ්ඩලය නිල වශයෙන් කිසිඳු පාර්ශවයකට දැනුම්දී නොමැති බව කී නලින්ද ඉලංගකෝන් මහතා විදුලි ගාස්තු ඉහළ දැමීම පිළිබඳව ද අවසන් තීරණයක් මේ දක්වා ගෙන නොමැති බව ද සඳහන් කළේය.
මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන් විදුලිබල මණ්ඩලය ගාස්තු ඉහළ දැමීමට කළ යෝජනාවට අනුමැතිය දුන්නේ යැයි එම කොමිසම කිසිඳු දැනුම්දීමක් කර නොමැති බවත් ඒ හේතුවෙන් විදුලි ගාස්තු ඉහළ දැමීමට නොහැකි බවත් ඉලංගකෝන් මහතා වැඩි දුරටත් කීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
‘‘කපන්නේ නෑ කීවත් දිගටම කපනවා‘‘
de silva Wednesday, 15 February 2023 07:04 PM
විදුලි බිල වැඩි කළොත් ඔය කොමිසමේ සාමාජිකයෝ හම්බවෙන්න ජනතාව ගෙදරට එන දිනය ඉතා ළඟය.
SoyzaThursday, 16 February 2023 09:24 AM
කොමිසමේ පමණක් නොවෙයි මණ්ඩලයේ නිළධාරින්ගේ නිවෙස් වලට ගොස් ඔවුන්ගේ බිල් ගැන පරීක්ෂා කලොත් මෙහෙම මණ්ඩලය පාඩු ලබන්නේ ඇයි කියලා තේරුම් ගන්න පුළුවන් වේවි
පාරිභෝගික Wednesday, 15 February 2023 07:47 PM
pucsl අනුමැතිය රහිත විදුලි කප්පාදුව නීත්‍යානුකූලද?
Sisira Wednesday, 15 February 2023 08:38 PM
දෙගොල්ලොම දෙපැත්තට ඇදලා.අන්තිමට වැඩිකරනවා ඒකයි වෙන්නේ
prasanna Thursday, 16 February 2023 06:32 AM
පාරිභෝගික සංගම් ලංකාවේ තියනවද?
Lalla Thursday, 16 February 2023 07:24 AM
නටපල්ලා. හැලිය ආයිත් රත්වීගෙන එන්න ලඟයි. කකුලුවෝ ප්‍රවේශම් වෙන්න කාලය හරි.....
Bamunuarachchi Thursday, 16 February 2023 05:41 PM
කුරහන් පොතේ හැටියට වැඩ...