යශාන් ද සිල්වාගේ නවතම මියුසික් වීඩියෝව වන %ජීවිතේ ඔබමයි^ ගීතය පසුගියදා එළිදැක්වුණා. වෙනස්ම ආකාරයේ ගීත පිළිබඳව යශාන් මෙසේ අදහස් දැක්වූවා.
"මම නිකුත් කරපු ගීත ගැන කිව්වොත් එය හිපොප් ගීතයක්. මේ දවස්වල යන සිංදුත් එක්ක එය වෙනස් ගීතයක්. ඒ විදිහේ ගීත අඩුයි. මේ ගීතය ලිව්වෙ මම. සංගීතය උදාර ප්රනාන්දුගෙ. ක්ලැරන්ස් විජේවර්ධන මහත්තයාගේ "රෑ තාරකාවෝ" ගීතය රීමේක් කළා. ඒ ගීතය සංගීතවත් කළෙත් ඔහුමයි. මගේ තවත් ජනප්‍රිය ගීතයක් තියෙනවා "රෑ තුන්යම" කියලා. ඒ ගීතයෙ සංගීතය නිර්මාණය සිදුකළෙත් ඔහුමයි. කොළඹ සහ පාසිකුඩාවල තමයි රූගත කිරීම් කළේ.*
"ගීතයේ අදහස නම් ආදරේ හොඳ පැත්ත කතා කරන එක. මේ දවස්වල තියෙන්නෙ අඬන, දුක ගැන කියවෙන ගීත. ඒ විරහ ගීත කියන්න මම කැමති නෑ. මුදල් ලැබෙනව තමයි. ඒත් මුදල් ලැබුණටම වැඩක් නෑ ගීතයේ නිර්මණාත්මක ගුණය ඉතිරිවෙලා නැත්නම්. ඒ නිසා මෙහිදී මම ආදරේ ධනාත්මක පැත්ත කතා කරනවා. දෙන්නෙක් ආදරයෙන් බැඳිලා ඒ දෙන්නා ආදරය වැඩි තැන ඉඳන් විවාහ වෙනවා. ඒ දේ තමයි මම මේ ගීතයෙන් කියන ආදරේ හොඳ පැත්ත."
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කපිතාන් කෙනෙක් වූ යශාන්ගේ කතාව
සුනිල් සරත් කුමාර Thursday, 25 August 2016 04:45 AM
ක්ලැරන්ස්ගේ ගීත වලින් ඉගෙන ගන්න .තව තව ඒ ආරයෙ ගී තනන්න. ඒත් ක්ලැරන්ස් ගේ ගීත රීමේක්, රැප් මොන මගුලක්වත් කරන්න එපා. එහෙම කළොත් අපට ඔබව අත අරින්නයි වෙන්නෙ. (බ)