ජාතික විදුලිබල පද්ධතියට අයත් මාවුස්සා කැලේ ජල ධාරීතාව 15% දක්වා පහළ බැස ඇතැයි විදුලි බල මණ්ඩලය කියයි.
මේ අතර මධ්‍යම කඳුකරයේ පවතින වියළි කාලගුණයද ප්‍රයෝජනයට ගනිමින් මාවුස්සාකැලේ ජලාශයේ සිට ලක්ෂපාන නව විදුලිබලාගාරය දක්වා ජලය ගෙන යන උමං මාර්ගය වසර 35 කට පසු නඩත්තු කිරීම් කටයුතු අරඹා ඇතැයිද මණ්ඩලය සඳහන් කරයි.
ඒ සඳහා මාසයක් පමණ ගත වනු ඇත.
ඒ කාලයේදී ලක්ෂපාන කැනියන් හා නව ලක්ෂපාන ජලාශ වලින් විදුලිය නිෂ්පාදනය නොකරන බවත් මණ්ඩලය කියයි.
කාසල්රී ජලාශයේ ධාරිතාව 55% ක් බවත් එහි ජල විදුලිය නිපදවන බවත් මණ්ඩලය පවසයි.
මේ අතර කැලණි තිස්ස තාප බලාගාරයද ,නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයද රන්දෙනිගල හා රන්ටැඹේ විදුලි බලාගාර ද නොයෙක් කාර්මික හේතු මත විදුලිය නිෂ්පාදනය නවත්වා ඇත.
එහෙත් විදුලි කප්පාදුවක් නොකරන බවද මණ්ඩලය කියයි.
2025 දෙසැම්බර් මස 30
47
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කඳුකරෙන් ජල විදුලිය අඩුවේ
මනෝජ්-සාජා Thursday, 23 January 2014 02:15 PM
''විදුලි කප්පාදුවක් නොකරන බව මණ්ඩලේ කියයි''ඒ හින්ද වෙන්ට ඇති සමහර වෙලාවට පැය පහක් ,හයක් විදුලිය නැති වෙන්නේ .(දිල්)
බෙනට් Friday, 24 January 2014 05:23 AM
මේ කරන්න යන්නේ විදුලි බිල වැඩි කිරීමට නව උපක්‍රමයක් බාවිතා කිරීම බවයි මට පෙනෙන්නේ .. (අ)
ගනේෂ් Thursday, 23 January 2014 04:03 PM
මනෝජ් එකට කියන්නේ විදුලි කප්පාදුවක් කියල නෙමෙයි. විදුලිය බිද වැටීමක් කියල . ඉස්සරහට තව තව තම වචන එයි . හැබැයි හැම එකෙන්ම වෙන්නේ අපිට කරුවලේ ඉන්න වෙන එක. (අ)
ප්‍රසන්න Thursday, 23 January 2014 11:47 AM
මොන මණ්ඩලයද කිව්වේ විදුලි කප්පාදුවක් නොකරන බව? ටීවී නිව්ස් වල කිව්වා විටින් විට විදුලිය කප්පාදු කරනවා කියා (දිල්)
තිලිණ Thursday, 23 January 2014 11:56 AM
තව ගස් කපන්න එතකොට තවත් තේරෙයි. අපේ මෝඩ මිනිසුන් ඕකටත් ආණ්ඩුවට බනිවි(දිල්)
නුවන් Thursday, 23 January 2014 12:09 PM
අය්යෝ වතුර නැති වුණාට අපිට නොරොච්චෝලේ බලාගාරේ තියෙනවනේ බය වෙන්න දෙයක් නැහැ(දිල්)
හේමන්ත Thursday, 23 January 2014 01:15 PM
රටේ අපරාධ වැඩි නිසා දෙවියන් කෝප වෙලා වෙන්නැති (දිල්)