IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කෝන්වැවට අලි තර්ජන නිමක් නෑ

(ක්‍රිෂාන්ත බාලසූරිය)

කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.

කොක්එබේ රක්ෂිතය  නිරන්තරයෙන් සැරිසරන වනඅලි මෙලෙස මෙම ගම්මානයට කඩා වැදී පොල්, අඹ කෙසෙල්, ආදී ස්ථිර බෝග මෙන්ම කොමඩු පැකිරි පිපිඤ්ඤා වැනි ගොඩ භෝග වගාවන් විනාශ කරමින් මෙම ගම්මානයේ ජන ජීවිතයට දැඩි පීඩා එල්ල කර ඇති බව ගම්වාසීන් පෙන්වා දෙති.

ගම්මානයට පිවිසීමට ඇති මාර්ගයේ දුෂ්කරතාවයට දෙවෙනි නොවන පරිදි නිරන්තරයෙන් ගම්මානයේ සැරි සරන වන අලින් හේතුවෙන් රෑ බොහෝ වෙන විට තම පුද්ගලික අවශ්‍යතාවක් සපුරා ගැනීමට තරම්මත් නිවසින් එළියට බැසීමට නොහැකි බව ජනතාව පෙන්වා දෙති.

පසුගිය කාලයේ රජය මැදිහත්වීම මත ඉදි වූ විදුලි වැටක් තිබුණද , එම විදුලි වැට නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වැට බිඳගෙන නිරන්තරයෙන් ගම් වදින වන අලි පලවා හැරීමට තමන් සතු කිසිදු ක්‍රමවේදයක් නොමැති වීම කණගාටුදායක කරුණක් බවයි.

පඩරැල්ලාව,ගම්මානයට අමතරව කොක්එබේ, පංවැල්ල,දැකැතිපොතාන, කිඹුල්පැටියාව,දෙමටවැව ජනතාව ද රෑ දවල් නොබලා ගම්බදින වන අලි හේතුවෙන් දැඩි ලෙස අපහසුතාවයට ලක්ව ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.

වසර ගණනාවක සිට , ලිඛිත සහ වාචිකව තමන් මෙම තත්වය පිළිබඳව  වගකීතු රාජ්‍ය නිලධාරීන්ට කොතකුත් දැනුවත් කළ ද මේ දක්වා තම ගැටළුවට සාධාරණ කිසිදු විකල්පයක් ලබා නොදුන් බව ගම්වාසීහු පෙන්වා දෙති.,

පක්ස පාට බේදයකින් තොර සමස්ථ දේශපාලන අධිකාරිට චෝදනා කරන්නේ ඒ ඒ කාලයට පමණක් , තම ගැටලුව දඩ මීමා කරගෙන ,මනාපය ගැනීමට ,පමණක් අදිටනින් කටයුතු කළා හැර තම වටිනා මනාපය ලබාගත් ඡන්ද දායකයාට කිසිදු සාධාරණයක් මෙතෙක් ඉටුකරන්න සමත්ව නැති බව ඔවුහු පෙන්වා දෙති.

 



අදහස් (0)

කෝන්වැවට අලි තර්ජන නිමක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site