IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකාවට

(ටී.කේ.ජී.කපිල)

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා  කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ.

ක්‍රීඩිකාවෝ 15 දෙනෙක් සහ පුහුණුකරුවෝ,නිලධාරීලහු 10 දෙනෙක් මෙම කණ්ඩායමට ඇතුළත් වෙති.

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම " ඒ " කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිත අතර , මෙහි පළමු තරගය මෙම 10 වැනි දින පැවැත්වීමට නියමිතය .



අදහස් (7)

කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකාවට

sharm warn Friday, 03 February 2023 09:41 AM

ජයවේවා කෙල්ලනේ... ඔයාලාට ජය නියතයි.

:       2       8

සුරංගි Friday, 03 February 2023 01:19 PM

ඒක ඇත්ත මොකද උපදේශිකාව ලෝක මැරතන් සූරියක්නේ...

:       1       0

පිටිගල මිලානෝ Friday, 03 February 2023 11:56 AM

කාන්තා ක්‍රිකට් කිව්වම නිකං වැටකොළු සහ පතෝල හොදි සමග බත් වගේ…. ඇගට දැනෙන්නේම නැහැ….

:       5       3

sharm warnFriday, 03 February 2023 12:43 PM

ඔයා මොනතරම් පහත් මානසිකත්වයක් තියෙන කෙනෙක්ද කියලා මෙච්චර ප්‍රසිද්ධ කරන්න එපා. ගෙදර මිනිස්සුන්ටත් ලැජ්ජයිනේ... ඔයා දන්නවද පිරිමි ක්‍රීඩකයින් පැරැදි පැරැදි එනකොට මේ කෙල්ලෝ දිනපු වාරගණන..? පොඩ්ඩක් හොයලා බලන්න. අනිත් එක මේ ක්‍රීඩාව මුලින්ම එංගලන්තයේ කාන්තාවන් කළ ක්‍රීඩාවක් කියලා වත් දන්නවද?

:       3       5

චාන්දනීFriday, 03 February 2023 02:35 PM

කියවන්න පුළුවන් වුණාට තේරුම් ගන්න අමාරුයි වගේ නේද? පොතක් පතක් ජීවිතේට කියවලා නැද්ද? මේවගේ අය කතිර ගහලා තමයි ලංකාවට කෙළවුනේ...

:       1       2

PereraSunday, 05 February 2023 11:52 AM

එළවළුයි, බතුයි වඩාත් ගුණදායකයි..

:       0       1

Bishan Friday, 03 February 2023 02:21 PM

හොඳ අත්දැකීමක් ලබාගෙන එන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site