IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කැනඩා රාජපක්ෂ තහනම ජී 7 රටවලට ගෙන යයිද?

(විමුක්ති එස් රුද්‍රිගු)

මානව හිමිකම් කඩ වීමට ලක්වූවන්ට සවන් දෙමින් කැනඩාව රාජපක්ෂ සහෝදරයන්ට සහ හමුදා නිලධාරීන් දෙදෙනාට දැඩි සම්බාධක පැනවීමට කැනඩා රජය තීරණය කළ බවත් ජී7 සාමාජික රටවල් කැනඩාව  සමඟ එකතු වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් කැනඩා විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලී මහත්මිය අයි.බී.සී නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.

මානව හිමිකම් කඩවීමට ලක්වූ දෙමළ ප්‍රජාව දීර්ඝ කාලයක් දුක් විඳි බවත් වේදනා විඳි බවත් ඔවුන්ට යුක්තිය ළඟා කරදීම සඳහා වගවීම පිළිබඳ සාධනීය වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් එය කළ හැක්කේ ජාත්‍යන්තර මට්ටමින් පමණක් බවත් ජොලී මහත්මිය එහිදී පෙන්වා දී තිබේ.

කැනඩාව සමස්ථයක් ලෙස දැඩිව මානව හිමිකම් ආරක්ෂා කරන රටක් බවත් එසේම ජාත්‍යන්තර සහ බහුපාර්ශ්වික මටට්මෙන් මානව හිමිකම් ගෝලීයව ආරක්ෂා කළ යුතු පද්ධතියක් තිබිය යුතු බවට කැනඩාව විශ්වාස කරන බවත් ජොලී මහත්මිය ප්‍රකාශ කර ඇත.

රටක මානව හිමිකම් උල්ලංඝනය වීමේ සිදුවීම් ගැන සොයා නොබලා ව්‍යවස්ථාදායකයට මුවා වී සිටීමට හැකියාවක් නොමැති බව ජොලී මහත්මිය පවසා තිබේ.

ශ්‍රී ලංකාවට සාමය ඇති වීමට නම් සත්‍ය එළියට පැමිණිය යුතු බවත් එසේම මානව හිමිකම් උල්ලංඝනය කරන්නන් ලෝකයා බලා සිටින බව දැනගත යුතු බවත් ඇය පෙන්වා දී තිබේ.

 



අදහස් (12)

කැනඩා රාජපක්ෂ තහනම ජී 7 රටවලට ගෙන යයිද?

දාස Saturday, 21 January 2023 07:37 PM

එය එසේ කලයුතුමයි.

:       10       25

පිටිගල මිලානෝ Saturday, 21 January 2023 08:47 PM

හැකි ඉක්මනින් සිංගප්පූරුව, ඩුබායි සහ මාලදිවයින මේ අයට තහනම් කරන්න ඕනේ. සියලු දේපලද සමග.

:       11       29

SISIL Saturday, 21 January 2023 10:39 PM

උතුරේත් දකුණේත් මානව හිමිකම් කඩවීමට ලක්ව දීර්ඝ කාලයක් දුක් වේදනා විඳින ඔවුන්ට යුක්තිය ළඟා කරදීම සඳහා වගවීම පිළිබඳ සාධනීය වැඩසටහනක් ක්‍රියාත්මක ජී 7 රටවලට සහයෝගය ලබා ගනිමු.

:       10       25

Pushpakumara Sunday, 22 January 2023 05:54 AM

කැනඩාව කියන්නෙ දෙමළ ජනතාව ගැන පමණක් නිසා කණගාටුයි. ඇත්තටම 1988 හා 1989 කාලයේ වුවත් එජාපය ගම්මට්ටමින් විනාශ කිරීම සදහා මිනීමැරුම් කලේ රාජපක්ෂ කල්ලියේ පිරිස් තමයි. සොයා බලන්න ඒකාලේ වැඩිපුරම මැරුණෙ එජාප පාක්ෂිකයන් නිවෙයිද කියලා. ඒ කාලයේ ජවිපෙ කල වැරැද්ද තමයි මිනීමැරුම් ඔවුන් නොකලබව නොකීම.ඒත් කැනඩාව සත්‍ය සොයාගෙන තියෙනවා.

:       1       5

gamsabaa Sunday, 22 January 2023 12:57 AM

යුද අපරාධකාරයෝ.. මුන්ට නඩු දාලා එල්ලුම්ගස් යවන්න ඕනි.

:       1       5

Nihal S Sunday, 22 January 2023 01:42 AM

We can not wait for the good news.

:       1       1

C.K.Lankaputhra Sunday, 22 January 2023 05:22 AM

මුන්ව මහපොලොවෙන් අතුගාලම දාන්න උන්ට පන්දන් අල්ලන අනික් උනුත් සමග. උන් මේ රටේ ඉන්න එකම රටට හෙනයක්.

:       1       6

lion Sunday, 22 January 2023 05:30 AM

These people should not be allowed to get in to any civilized country since they have committed enormous amount of crime against humanity.

:       1       2

Sunil Sunday, 22 January 2023 06:40 AM

ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් අගයන සියලුම රාජ්‍යයන් මේ තීරණය ක්‍රියාත්මක කළ යුතුයි. හැකි නම් මෙයා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙදි යෝජනාවක් ලෙස ගෙනෙන්න. දෙන්නටම දැන් අපේ රටේ නම් හිටපු ජනාධිපතිවරුන්ට ලැබෙන විශේෂ වරප්‍රසාද බොහොමයක් ලැබෙනවා.

:       1       3

sam Sunday, 22 January 2023 08:00 AM

මේ ජරාපක්ෂලාගේ පවුල් පිටින් හිරේ දැමිය යුතුයි. මුන් ඒතරම්ම පාතාලයෝ. කිසිම විදේශීය රටකට ඇතුළු වෙන්න දෙන්න එපා. හැබැයි කොහොම හරි මුන්ට විරුද්ධව තියන සෑම මිනීමැරුම්, වංචා, දූෂණ, භීෂණ චෝදනා වහාම විදේශීය මැදිහත් වීමකින් හරියාකාරව පරීක්ෂණ කර මුන්ටයි මුන්ගෙ හෙංචයියොන්ටයි දඬුවම් දිය යුතුයි. අනෙක් කෙනා සාටක කපුටා. අනෙක් අය ලවා ඔක්කොම කරගෙන දන්නේ නෑ වගේ ඉන්නේ. ඒ ගැනත් පරීක්ෂණ තියලා දඬුවම් දෙන්න.

:       1       5

osharap Sunday, 22 January 2023 01:15 PM

දෙමළ ජනයාට විතරක් නොවේ... ලංකාවේ සතා සිව්පාවගේ ඉඳන්ම තුන් වේලෙන් එක වේලක්වත් කන්න බැරි තරමට ඔය සෙට් එක මානව හිමිකම් නැති කළා. එහෙව් මොවුන්ට ඔය තහනම හොඳ වැඩියි...

:       1       3

Bamunuarachchi Monday, 23 January 2023 11:26 AM

ලෝකෙම රාජපක්ෂලාට විරුද්ධ උනත් රට වෙනුවෙන් දෙමලාට හම්බයාට කරන්න ඕන දේ ඔවුන් කළා. ඔවුන්ට මගේ ප්‍රණාමය. රාජපක්ෂලා 2005 බලයට නාවානම් රනිලයා ISGA ගිවිසුමෙන් 2/5 දෙමළුන්ට දීලා. එහෙනම් මේ වෙනකොට රටම දෙමල්ලු අල්ලාගෙන, කැමති කෙනෙක් ගූගල් කරලා ISGA ගිවිසුම කියවන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site