IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කතරගම ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ

කතරගම මෑතදී දක්නට නොලැබුණු තරමේ මහා සෙනගක් අදත් (25) පැමිණ සිටියහ. අද  ලක්ෂ 5 කට අධික පිරිසක් සිටි බව වාර්තා වේ. අද උදේ 7 සිට ප.ව 1 පමණ වන විට කතරගම සිට සෙල්ලකතරගම පාරේ දැඩි වාහන තදබදයක් පැවතියේය. මහා දේවාලයට බාරහාර ඔප්පු කිරීම සඳහා පැමිණි වන්දනා කරුවන්ගේ පෝලම බෙහෙවින්ම දික් වී තිබිණි. වන්දනා කරුවන් බොහෝ දෙනෙකු පැවසුවේ පැය තුන හතරක්ම මහා දේවාල පූජා වට්ටි පෝලිමේ සිටිමට සිදු වූ බවයි. කිරි වෙහෙරෙ මහා දේවාල බිම,වැඩිහිටි කන්ද හා සෙල්ල කතරගම අතුරු සිදුරු නැතිව පිරී තිබිණී.

කතරගමට පිවිසෙන හැම මාර්ගයකම කි.මී 10ක් 15 ක් පමණ දිග පෝලිම් දක්නට ලැබුණි. කතරගම නවාතැන් ලබා ගත නොහැකි වූ බොහෝ පිරිස් තිස්සමහාරාම, හම්බන්තොට, බුත්තල, වීරවිල වැනි ඈත ප්‍රදේශවලට ගිය බව දැනගන්නට ඇත.

කතරගම වාහන තදබදය කෙතරම්ද කිවහොත් වාහනයක් ගාල් කිරීමට තැනක් සොයගෙත නොහැකි විය. ආහාර හිඟයක්ද ඇති විය. දින කිහිපයක සිට දිවා රෑ දෙකෙහිම මහා දේවාලය විවෘතව තැබෙන බවත් ලබන 31 දක්වා වන්දනා කරුවන් කතරගම රැඳී සිටන බව පෙනෙන බවත් බස්නායක නිලමේ ඩී. පී කුමාරගේ මහතා පවසයි. 1 2 3 4 5 7 9 11 C-_Users_dld_Pictures_New-folder-(3)_8



අදහස් (0)

කතරගම ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ

අතුල Saturday, 26 December 2015 12:35 PM

එක් එක් අයගේ විශ්වාසයන් හට නිග්‍රහ කිරීමට හෝ ඒවා සාධාරණීකරණය කිරීමට කිසිම අයෙකුට අයිතියක් නැත. එයට හේතුව ඔවුන්ට ඒවා සාධක හෝ සාක්ෂි සහිතව ඔප්පුකළ නොහැකිවීමයි. (නි)

:       0       0

තරංග Saturday, 26 December 2015 12:43 PM

දකිනකොටත් සතුටුයි (නි)

:       0       0

ජගත් Friday, 25 December 2015 04:31 PM

දැන් මිනිස්සු මිත්‍යා මත දැඩිව විශ්වාස කරනවා. තණ්හාව තමයි හේතුව. (ර)

:       0       0

මලිත් Friday, 25 December 2015 05:34 PM

රටේ මාර්ග පද්ධතියේ දියුණුවත් කතරගමට ඔච්චර දිග පෝලිමක් තිබෙන්න හේතුවක් කියා මම සිතමි (නි)

:       0       0

කරුණාරත්න Friday, 25 December 2015 06:00 PM

එකදිගට දීර්ඝ නිවාඩුවක් ලැබුණ නිසා ‍බොහෝ දෙනා වන්දනා ගමන් යන්න පෙළඹුනා (නි)

:       0       0

රෝහණ Friday, 25 December 2015 06:05 PM

සාධු සාධු!! (නි)

:       0       0

ආරියසේන Friday, 25 December 2015 08:14 PM

සමහරුන්ගේ අදහස් ගැන නම් ඇත්තටම දුකයි (නි)

:       0       0

නිශාන්ත Friday, 25 December 2015 08:15 PM

සාධු සාධු සාධු!!! (නි)

:       0       0

සත්‍යපාල Friday, 25 December 2015 08:28 PM

නොපෙනෙන බලවේග ගැන විශ්වාස කරලා පිහිට ඉල්ලන එක තමන්ගේ වැඩක්. නමුත් එහෙත් ඉල්ලන හැම දෙයක්ම ලැබෙන්නේ නැහැ. (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Friday, 25 December 2015 11:14 PM

මේ හැමදෙයක්ම කෙරෙන්නේ භක්තිය මත නිසා අප කාටවත් විරුද්ධ වියයුතු නැහැ. ආගමක් ඇදහීම හෝ දෙවියන් වන්දනා කරන අයට ඒවා නිදහසේ කරගෙන යාමට ඉඩ දියයුතුය. කතරගම යනු දේවාලය පමණක්ම නොවේ. බුදුසිරිපා පහස ලැබූ කිරිවෙහෙර ශුද්ධ භූමියත් බැතිමතුන්ගේ වන්දනාමානයට ලක්වන තැනකි. (නි)

:       0       0

ජෙරාඩ් Saturday, 26 December 2015 12:18 AM

මිනිසුන්ගේ අචල ශ්‍රද්ධාව නොවේද මේ පෙන්නුම්කරන්නේ? (නි)

:       0       0

අභය Saturday, 26 December 2015 12:38 AM

කතරගම පැත්තේ වෙළෙන්ඳන්ට නම් සරු ඇති මේ දවස්වල (නි)

:       0       0

කාන්ති Saturday, 26 December 2015 12:45 AM

මිනිසුන්ගේ විශ්වාස ගැන විවේචනය කරන්න යෑම මම නම් අනුමත කරන්නේ නැහැ (නි)

:       0       0

කපිල Saturday, 26 December 2015 02:06 AM

සමහර මිනිසුන්ගේ අදහස් ගැන මට හරි දුකයි. මොනවා කරන්නද පණ්ඩිතකමනේ ඉතින්. ඔහොම දේවල් කිව්වහම තමන් හිතන්නේ තමන් බෞද්ධ දර්ශනයේ කෙළපැමිණියෙක් කියලා. කතරගම කියන්නේ බුදුසිරිපා පහස ලැබූ පූජනීය පින්බිමක්. (නි)

:       0       0

තනුර Saturday, 26 December 2015 02:41 AM

සාධු සාධු!! (නි)

:       0       0

රස්පී Friday, 25 December 2015 10:40 AM

දෙවියන් වැඳීම බුදු දහමට අදාල දෙයක් ද? (අ)

:       0       0

දිලිප් Saturday, 26 December 2015 03:17 AM

වසර අග කොහොමත් යන බහුතරයක් ඉන්නවා. මාතර දක්වා අධිවේගී මාර්ගය පැය එකාමරකින් යා හැකි නිසා කතරගමට යාමට යන කාලය අඩුවීම තුළ කෙටිකාලයකින් ළඟාවීමට හැකිවුණත් ඒ හා සාපේක්ෂව වන්දනාකරුවන් සියල්ලට ඔරොත්තු දෙන තරම් වටපිටාවක් නැති නිසයි මෙහෙම වුණේ. මෙය මා ලත් අත්දැකීමකි. (නි)

:       0       0

උෂන්ත Friday, 25 December 2015 11:52 AM

මිත්‍යාදුෂ්ඨිය බිද දමා සත්‍ය පෙන්වූ බුදුරදුන්ගේ දහම තම උප්පැන්යේ කොටාගත් නාමික බෞද්ධයින් වැඩි පිරිසක් ඔතන ඇත.වෙනත් ආගමිකනයින්ට ඔය පිස්සුව නෑ.(කෞ)

:       0       0

පරාක්‍රම Saturday, 26 December 2015 04:15 AM

බුදු. දහම කියන්නේ අපිට නියම මාර්ගයක් , දර්සනයක්. අවවාදයක්, අපි බුද්ධාගමේ ඉල්ලීම් (ප්රේ ) නැහැ. අපේ තියෙන්නේ ගෞරවය ( රෙක්ස්පෙට් ) අපි එහි ස්වාදිනත්වයට උසස් අන්දමින් ගරුකරමු . දෙවියන්ද එසේය . දෙවියන් අදහනවයි කියන්නේ, මනුස්සයන්ගේ ආරක්ෂාව. සහ උපකාරයයි, එයින් මනුස්සයා විසින් ඔහුට කෘත ගුණ වේ. ඒ ඔවුන් ගේ ආරක්ෂකයා ලෙස බලා පොරොත්තු ඉෂ්ඨ සිද්ද වන නිසා. එය දෙවියන්ගේත් ඔවුන්ගේත් අතර තිබෙන විස්වාසයයි . (ස)

:       0       0

චමල් Saturday, 26 December 2015 05:43 AM

බුදු බන අදහන්නෙකු කතරගම නොයනු ඇත. (ස)

:       0       0

සත්‍යපාල Saturday, 26 December 2015 08:06 AM

"නොපෙනෙන බලවේග ගැන විශ්වාස කරලා පිහිට ඉල්ලන එක තමන්ගේ වැඩක්. නමුත් එහෙත් ඉල්ලන හැම දෙයක්ම ලැබෙන්නේ නැහැ. ඉල්ලන කිසි දෙයක් ලැබෙන්නේ නෑ.මම මිත්‍යාවට එරෙහි වුනේ වයස 10 සිට. (ස)

:       0       0

සුනෙත් අරුණ Friday, 25 December 2015 02:30 PM

බුදු දහම ගැන නිවැරදිව අවබෝධයක් නැති 'සිංහල නාමික බෞද්ධයො'තමා ඔතන ඉන්න ගොඩ දෙනෙක්. බුදු දහමෙ 'දේව ඇදහිලි' නැත., දෙවියන්ට පිංදීම පමණයි තියෙන්නෙ. (කෞ)

:       0       0

දහම් Friday, 25 December 2015 03:07 PM

වෙළෙන්දන්ට රජ මගුල්. මිනිස්සු මෝඩ කමද? (කෞ)

:       0       0

රොහාන් Friday, 25 December 2015 03:47 PM

එහෙම කියන්න එපා, කතරගම කියන්නේ ගොඩක් අනුහස් තියෙන තැනක්, තමන්ගේ අසරණ කමක් කියාගෙන ගියොත් අනිවාර්යෙන්ම උපකාර ලැබෙනවා අත්දුටුවයි සත්ත්තයි (කෞ)

:       0       0

ලාලිත Saturday, 26 December 2015 10:12 AM

මොනතරම් නම් භක්තියකින්ද මේ යන්නේ? හරිම සතුටුයි (නි)

:       0       0

අසංක Friday, 25 December 2015 04:21 PM

බුදු දහම කියන්නේ එකක් , දෙවියන් ඇදහිම තවදෙයක් (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site