IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කොත්මලේ මහ සෑය අද සිට බුදු පුදට

කොත්මලේ මහවැලි මහ සෑයේ වැඩ අවසන් කර චූඩා මාණික්‍ය සහිත කොත් වහන්සේ පැළඳවීම අද (20) වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා අතින් සිදු කැරිණි.

දළඳා මැදුරේ සිට රථ පෙරහරකින් වැඩම කරවූ කොත් වහන්සේ චෛත්‍ය අභියස තැන්පත් කර සර්ව රාත්‍රික පිරිත් දේශනයක් ද පැවැත්වූ අතර 1985 වසරේ මහවැලි ඇමැතිව සිටි ගාමිණි දිසානායක මහතා හිටපු ජනපති ජේ.ආර්.ජයවර්ධනගේ උපදෙස් මත මෙම සෑයේ වැඩ ඇරඹීය. විසිනි.

අනුරාධපුර රුවන්වැලි සෑයට පමණක් දෙවැනි මෙම සෑය මෑත කාලයේ ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ විශාලතම බෞද්ධ සංස්කෘතික ඉදිකිරීමක් වේ.

මෙම සෑය ආශ්‍රිත ප්‍රදේශය අන්තර්ජාතික බෞද්ධ පර්යේෂණ මධ්‍යස්ථානයක් කිරීම දිසානායක මහතාගේ අදහස විය.

mahaweli_2016320 mahaweli_2016320-2 mahaweli_2016320-3 mahaweli_2016320-4



අදහස් (0)

කොත්මලේ මහ සෑය අද සිට බුදු පුදට

දුමින්ද Monday, 21 March 2016 07:51 AM

මෙය දින 100 තුළ සිදුකළ තවත් විස්කමක්ද? (නි)

:       0       0

අබරන් Monday, 21 March 2016 07:59 AM

ඔය ගොල්ලෝ කීප දෙනෙකුගේ අදහස් වලට මම ගරු කරනවා... අපේ රට අලුතින් ගොඩ නගන්න හොඳ නැහැ. හේතුව, අපේ ඉතිහාසය යට වෙන නිසා . හැමදාම ඉතිහාසය හාර හාරා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සාදුකාර දෙමින් කුසගින්නේ හෝ සිට ජීවත් විය යුතුයි. (ර)

:       0       0

නිමල් රාජපක්ෂ Sunday, 20 March 2016 11:04 PM

දිවංගත ගරු ගාමිණී දිසානායක මැතිතුමාට උපහාරයක්ම වේවා! (නි)

:       0       0

ධම්ම Monday, 21 March 2016 08:52 AM

ඒ කාලේ මහවැලියෙන් ගහපු ගැහිල්ල නිසා ලංකාවේ නම එංගලන්ත පාර්ලිමේන්තුවේ ගිගුම් දුන්නා. (බ)

:       0       0

තිලක් Monday, 21 March 2016 09:04 AM

මේ ළගදී ගාල්ල පැත්තේ පාසලක පුරා විද්‍යා සාධක තිබෙන තැනක වැසිකිලි වලක් හැරුවයි කියල්ල ඒ පාසලේ විදුහල්පතිනිය කොයිතරම් පීඩනයකට ලක්කළාද ? පන්සල් 54 ක් යට කරන ලද මේ ව්‍යාපෘතියට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව කටවහගෙන ඉදල ඔන්න වෙනස. (බ)

:       0       0

නිමල් ලලිත Monday, 21 March 2016 03:01 AM

සාදු සාදු කියා චෛත්‍ය රාජයාට නමස්කාර කරනවා හැරෙන්නට අද සිංහල බෞද්ධයා මුහුණ පා සිටින තත්වය අනුව වෙන කියන්නට දෙයක් මට නම් නැහැ. අනුර මහතාගේ අදහසට ගරු කරනවා. (නි)

:       0       0

සිරිමල් Sunday, 20 March 2016 03:11 PM

මෙම සෑය නිර්මාණය කිරීමේදී විශේෂ තාක්ෂණය සඳහා මුලික වූ ඒ. එන්. එස්. කුලසිංහ මහතාව ගෞරවයෙන් සිහිකරමු (නි)

:       0       0

අනුර Sunday, 20 March 2016 03:38 PM

මහවැලි ව්‍යාපාරය නිසා හෙළ ඉතිහාසය ගොඩක් යට ගියා. පන්සල් 54 ක් ජලයට යටවුණා. ඒ සියලු පන්සල්වල පුරාවිද්‍යා සංගණනයක් කර තිබේද? අද ගොඩක් කතාබහට ලක්වෙන බඹරගල රජ මහා විහාරයට තෙල්දෙණියේ ලොකු ඉතිහාසක් තිබෙනවා. (නි)

:       0       0

ශාන සෞදි Monday, 21 March 2016 06:44 AM

සාදු සාදු කියා චෛත්‍ය රාජයාට නමස්කාර කරනවා මෙම සෑය නිර්මාණය කිරීමේදී විශේෂ තාක්ෂණය සඳහා මුලික වූ ඒ. එන්. එස්. කුලසිංහ මහතාව ගෞරවයෙන් සිහිකරමු දිවංගත ගරු ගාමිණී දිසානායක මැතිතුමාට උපහාරයක්ම වේවා! (ම)

:       0       0

නිමල් රාජපක්ෂ Monday, 21 March 2016 07:03 AM

අනුර ,ඉතිහාසය කන්ඩද ,මහවැලි ව්‍යාපාරය අවසන් නොකළානම් ,අදත් අනුරලාට ඉන්න වෙන්නේ පහන් පත්තුකරගන ඉන්න ,මොනතරම් ජනතාවක් ගොවිතැනින් ජිවත් වෙනවද ? රටේ දියුණුවත් සමග සමහර දේවල් අපි අකමැත්තෙන් හෝ ඉවත් කරන්න සිදුවෙනවා ,(බ)

:       0       0

ජයන්ත Monday, 21 March 2016 07:04 AM

පන්සල් 54 ක් යටවෙලා ඉතින් දෙයියනේ මෙච්චර ලොකු අපරාධයක් කරනකන් ඒ කාලේ රජය බලන් හියටද ? ඒ අයට වුන පන්සල් ගැන නිසි සංගණනයක් පුරාවිද්‍යා සාධක ගැන ලිඛිත සාක්කි තිබේද ? මේගැන රජයේ බලධාරින් අවධානය යොමු කරයි කියා සිතනවා. මොකද රාවනා රජුගේ උමං මාර්ග පද්ධතියක් මේ තුලින් යට වුනා කියා මම අසා තිබෙනවා.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site