IMG-LOGO

කතක් ඝාතනය කළැයි යුද හමුදා සෙබලා අත්අඩංගුවට

 

( ෂේන් සෙනෙවිරත්න)

අලවතුගොඩ පොලිස් වසමේ පල්ලේගම ඇල්ලේකඩේ ප්‍රදේශයේ නිවසක රාත්‍රී කාලයේ තනිව සිටි 26 හැවිරිදි විවාහක කාන්තාවක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ සක්‍රීය සේවයේ නියුතු පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .

එම කාන්තාවගේ සැමියා රාත්‍රී මළගෙදරක ගොස් සිටියදී ඉතා අභිරහස් ලෙස මෙම කාන්තාව ඝාතනයකොට එම නිවස අසල වෙල් යායක මඩ වගුරක දමා තිබියදී ප්‍රදේශවාසීන් ඊයේ(11) දහවල් සොයාගෙන තිබුණි .

එසේ ඝාතනය කොට තිබුණේ ධනුකා මධුවන්ති ජයතිලක (26) නැමැති කාන්තාවකි .

අලවතුගොඩ පොලීසියට මහත් අභිරහසක් වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු හෝ අත්අඩංගුවට ගැනීමට උපකාරී වී ඇත්තේ පොලිස් නිල සුනඛයෙකි .

එම පොලිස් නිල සුනඛයා ඝාතනය සිදු සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් තුනක් පමණ ගොස් අත්අඩංගුවට ගත් සැකකාර යුද හමුදා නිලධාරියාගේ නිවසට ගොස් සැකකරු සිටි කාමරයටම ගොස් හින්දගත්බ ව පොලිසිය කියයි .

අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි වියේ පසුවන අතර ඔහු හමුදා සේවයේ සිටියදී වෙඩි වැදී තුවාල සිදුවීම හේතුවෙන් යුද හමුදාවේ සැහැල්ලු රාජකාරි වල නිරතව සිටින පුද්ගලයකු බවත් ඔහු අවස්ථා කිහිපයකදීම මෙම කාන්තාවට විවිධ යෝජනා සිදු කොට ඇති බවට ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ .

ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා රාත්‍රී කාලයේ අවමගුල් ගෙදරකට ගොස් ආපසු පැමිණි අවස්ථාවේදී බිරිඳ නිවසේ නොමැති බව දැක ඒ බව සොයා බැලීමේදී නිවසට මීටර් 100 ක් පමණ දුරකින් ඇති වෙල්යායක මඩ ගොහොරුවක ඔබා තිබියදී ඇයගේ මළ සිරුර ප්‍රදේශවාසීන්ට හමුව තිබුණි .

මියගිය කාන්තාවගේ මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබූ අතර අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව ගුණතිලක මහතාගේ මෙහෙයවීමට යටතේ වැඩිදුර විමර්ශන සිදු සිදුකිරීමට නියමිතය .

 



අදහස් (3)

කතක් ඝාතනය කළැයි යුද හමුදා සෙබලා අත්අඩංගුවට

Gayan perera Sunday, 12 March 2023 05:46 PM

එය එසේ සිදුවිය යුතුයි.

:       1       7

පැරකුම්Sunday, 12 March 2023 09:13 PM

එහෙම කියලා කොහොමද? ඔබ කියන්නේ ඇය සර්ව නිර්දෝෂී කියලාද? හමුදා සෙබලා නිකම්ම ඇවිත් නෙවෙයි. ඇගෙන් කිසියම් ධනාත්මක ප්‍රතිචාරයක් තියෙන්න ඇති...

:       1       0

චන්ද්‍රිකා Monday, 13 March 2023 09:00 AM

වහැම මේ සෙබලාව විදුලි පුටුවට යවනු!!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 919 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1315 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site