IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කුණ්ඩසාලේ ප්‍රාථමිකයෙන් කෙහෙළිය නම හැලෙයි

(පී.එම්. රාජපක්ෂ සහ චමිල් රූපසිංහ)

මහනුවර කුණ්ඩසාලේ පිහිටි ‘කෙහෙළිය රඹුක්වැල්ල’ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයයේ නාමය වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා  අනුමැතිය ලබා දුන්නේය.

මෙම ප්‍රාථමික විද්‍යාලය මින් ඉදිරියට කුණ්ඩසාලේ රාජකීය ප්‍රාථමික විද්‍යාලය නමින් හැදින්වීමට පළාත් අධ්‍යාපන දෙපාර්තෙම්න්තුවේ ව්‍යුහ කමිටුව  ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලබා දීම ආණ්ඩුකාරවරයා කටයුතු කර ඇත.

මව්පියන්, ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඉදිරිපත් කර තිබු යෝජනා රැසක්  සැලකිල්ලට ගනිමින් පළාත් දෙපාර්තමේන්තුව නිර්දේශ ඉදිරිපත් කරනු ලැබ තිබේ.

මෙම විද්‍යාලය 1939 එස්.ඩබ්ලිව්.ආරඩි බණ්ඩාරනායක විදුහල නමින් ආරම්භ වු අතර, කලින් කල හදුන්වා දෙනු ලැබූ විවිධ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමිව නත්තරම්පොත විද්‍යාලය, කුණ්ඩසාලේ මහා විදුහල වැනි නම් වලින් ද හදුන්වා ඇත.

මෙම පාසල කුණ්ඩසාලෙ අධ්‍යාපන කොට්ඨාසයේ  ප්‍රාථමික විදුහල් අතරින් ප්‍රධාන තැනක් ගන්නා විද්‍යාලයකි.

වික්ටෝරියා ජලාශය ඉදිකිරීමේදී  එහි කොටසක් ජලාශයට යටවී ඇත. පසුව   බණ්ඩාරනායක ජාතික පාසල වෙත ගෙන යනු ලැබිය.

වැසි යාමේ තර්ජනයට ලක් වූ මෙම විදුහල ‘ලගම පාසල හොදම’ පාසල ව්‍යාපෘතිය යටතේ 2012 වසරේ දී ‘කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රාථමික විද්‍යාලය’ යන නමින් නව ගොඩනැගිල්ලක් ඉදිකොට සංවර්ධනය කළේය.

 



අදහස් (12)

කුණ්ඩසාලේ ප්‍රාථමිකයෙන් කෙහෙළිය නම හැලෙයි

පැරකුම් Thursday, 17 October 2024 03:24 PM

ඉතා යහපත් ප්‍රවණතාවයක්…! වහාම ක්‍රියාත්මක වන පරිදි පාසල් වලට යොදා ඇති දේශපාලුවන්ගේ නම් ඉවත් කල යුතුය.

:       0       1

Nimal 1 Thursday, 17 October 2024 03:25 PM

අනේ අපොයි, අල්ලගෙන කවුරුවත් නැද්ද?

:       0       0

Senarath Thursday, 17 October 2024 03:27 PM

කොහොමත් හොරුන්ගේ නමින් පසක් නම් කරන්න එක හරි මදිනේ...

:       0       1

ගමේ එකාලා Thursday, 17 October 2024 03:30 PM

මහජනතාවගේ බදු මුදලින් හදපු පාසල් වලට දූෂිත දේශපාලුවන්ගේ නම් දාන්න අවශ්‍ය නැහැ.

:       0       2

කිරිහාමි Thursday, 17 October 2024 04:10 PM

ඉතා හොඳ තීරණයක්. පාරවල්, පාසැල්, උද්‍යාන වගේ ඒවා නම් කරද්දි යුද හමුදාවේ පරම වීර විභූෂණ සම්මානය දෙනවා වගේ ක්‍රමයක් අනුගමනය කරන්න ඕනෑ. ජීවත්වන අයට ඒ සම්මානය සාමාන්‍යයෙන් දෙන්නේ නෑ කියලා අහලා තියෙනවා. එන්ගලන්තේ blue plaque scheme කියලා තියෙන නම් කිරීමේ ක්‍රමයට අනුව මියගිහිල්ලා අවුරුදු: 20 ක් යනකං නමක් දාන්න බැහැ. ඒ නමත් ප්‍රදේශයේ ජනතාවගෙන්ම යෝජනා වෙන්න ඕනෑ.

:       0       2

බකල ජයා Thursday, 17 October 2024 04:13 PM

මේක හදලා තියෙන්නේ ඒ උත්තමයාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන්... නම් මේක හරිම වැරැදි වැඩක්. ඒ වගේ පරිත්‍යාගශීලී මිනිස්සු මේ ලෝකෙ හරිම අඩුයි...!

:       2       0

janis Thursday, 17 October 2024 04:18 PM

විස බෙහෙත් ගෙන්නලා ළමයි මරපු පාපතරයින්...

:       0       3

Sediris Thursday, 17 October 2024 04:18 PM

එහෙම කරනවා නම් කරන්න තිබුනේ මෙයා වරදකාරයෙක් වුණා නම් නේ. මේවා නිකන් සන්දර්ශන විතරයි අර මෝඩ ජෙප්පෝ චූන් කරන. හැබැයි උගන්ඩාවට ප්ලේන් එකේ යවපු ඩොලර් ගේනකන් බලන් හිටපු ජෙප්පො පව් නේ. එහෙම එකපාරම කනට ගැහුව වගේ නැතුව හිමින් හිමින් කියන්න තිබ්බේ.

:       2       1

SharmFriday, 18 October 2024 07:39 PM

නෑ නෑ, අපි සේදිරිස් විද්‍යාලය කියලා නම් කරමු.

:       0       1

ravin Thursday, 17 October 2024 04:40 PM

පොදු ස්ථානවලට නම් දැමීමේ දී තම පෞද්ගලික ධනය වියදම් කොට ඉදි කරන්නක් හැර අනෙක් සියලු ස්ස්ථානවලින් දේශපාලුවන්ගේ නම් ඉවත් කළ යුතුයි.

:       0       1

Dharmatileke Thursday, 17 October 2024 04:51 PM

රාජපක්ෂ නමත් හැලිය යුතුයි.

:       0       2

පිටරටවැසියා Thursday, 17 October 2024 05:29 PM

දේශපාලුවන්ගේ නම් පාසල් වලින් විතරක් නෙමෙයි, හැම තැනකින්ම ඉවත්කළ යුතුයි. මොකද, මේ සියල්ල රටේ දුක්විඳින ජනතාවගේ බදුමුදලින් ගොඩනැගුණු සහ නඩත්තුවන පොදු දේපළ නිසා. කාගේහරි නම ගහගන්න ඕනෑමනම්, පෞද්ගලික මුදලින් ඒ සියල්ල කරපුවාදෙන්...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 55 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site