හෙරොයින් කුඩු නියෝජිතයකු බව කියන වසන්ත කුමාර මෙන්ඩිස් සතු දස මහල් ගොඩනැඟිල්ලක් විකිණීම, අත්හිටුවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නියෝග කළේය.
කුඩු වෙළෙඳාමෙන් ප්‍රකෝටිපතියකු වූ එම පුද්ගලයා රුපියල් කෝටි ගණන් වටිනා චංචල හා නිශ්පල දේපල මිලට ගෙන ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
වසන්ත කුමාර මෙන්ඩිස් අත්අඩංගුවට ගැණුනේ හෙරොයින් කිලෝ 30ක් සමගය.
එහෙත් ඔහු නොදන්නා රටකට සංක්‍රමණය වී ඇතැයි රහස් පොලිසිය කියා සිටියේය.
ගාල්ලේ ඔහු සතු දස මහල් ගොඩනැගිල්ල විකිණීම හෝ එම දේපොළට මැදිහත් වීම වළක්වමින් මහේස්ත්‍රාත් සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කුඩු රජාගේ මාලිගාව විකිණීම නවතී
ජාගුරු Monday, 03 February 2014 06:41 PM
ඇල්ලුවා නම් වෙන රටකට සංක්‍රමණය වුනේ කොහොමද? පේන්න අල්ලලා රටින් පිටවෙන්න දෙන එක විහිළුවක් නේද? (නදී)
මදු ..ප්‍රන්සය Monday, 03 February 2014 07:33 PM
කුඩු කන්ටෙනේර් ගණන් ගෙන්නපු අය කොහොම දීයුනු වෙලා ඇත්ද ? (අ)
නන්ද Monday, 03 February 2014 07:39 PM
ලංකාවේ තියෙන්නේ නියම "හොරා පොලිස්" සෙල්ලම්. හොර බඩු අහුවෙනවා. (අ)
ගාමිණී - සිරි Monday, 03 February 2014 09:36 PM
මෙම දේපල විකුණා හෝ අදාළ ගොඩනැගිල්ලේ ,කුඩු භාවිතයෙන් ජීවිතය නොමග ගිය තරුණ, තරුණියන් උදෙසා ප්‍රතිකර්ම කරන පුනරුත්තාපන මධ්‍යස්ථානයක් බිහිකිරීම ඉතාමත් කාලෝචිතයි....කුඩු නිසා අසරණ දෙමව්පියන්ගේ ,උගත් දරුවන් බොහොමයක්ම අසරණ වෙලා...(අ)
ප්‍රසාද් Tuesday, 04 February 2014 12:01 AM
නිෂ්පල දේපල මොකට මිලට ගත්තද මන්දා? (දී)
කරු Tuesday, 04 February 2014 01:10 AM
ඉහලින් නියෝගයක් ආවාවත්ද? (දී)
ලාල් Tuesday, 04 February 2014 01:20 AM
කෝ දැන් බොදුබලසේනාව?(දී)
මාලා Tuesday, 04 February 2014 01:30 AM
නවසිලන්තේ වගේ රටක නම් නිතියානුකුල නොවන ලෙස උපයපු සියල්ල රාජසන්තක කරනවා.(නදී)
මුණසිංහ Tuesday, 04 February 2014 07:07 AM
මෙයා ඔය ගොඩනැගිල්ල හදන්නේ කුඩු සල්ලි වලින් කියල මීට අවුරුදු ගණනකට කලින් සියලු දෙනාම දැනගෙන හිටිය කියන එක ප්‍රසිද්ද දෙයක්. (නදී)
මුදිත Tuesday, 04 February 2014 08:53 AM
කිලෝ 40ට තට්ටු 10 නම් කිලෝ 261ට බබාට තට්ටු කීයක ගෙයක් ඇත්ද ? (නදී)
සනා Tuesday, 04 February 2014 10:31 AM
ඇතුලේ මොනවා හරි ලොකු දෙයක් තියෙනවා (දී)
පද්මා Tuesday, 04 February 2014 11:08 AM
අනේ මන්දා මොනවා වෙන්න යනවද කියක්ලා. කෝ දැන් අර කෑ ගහපු අය (දී)
ප්‍රදීපා Monday, 03 February 2014 06:01 PM
අල්ලපු කිලෝ 251 ට මොකද උනේ? (නදි)
දයා අලහාකෝන් Monday, 03 February 2014 06:35 PM
අර අල්ලපු කුඩු කන්ටේනරයට මොකද උනේ.(නදී)
නාලිකා Monday, 03 February 2014 06:36 PM
මෙම කුඩු මහා මොළකරු දැන් සිටින්නේ තායිලන්තයේ බැංකොක් නුවර ය.. ඔහුගේ වාහන සමාගමක් බැංකොක් නගරයේ තිබී වසා දමා ඇත...(නදී)
පේමා Monday, 03 February 2014 06:40 PM
දීපල්ලකෝ පුලුවන්නම් උත්තර...(නදී)