IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කුඩා පරිමාණ ගොවීන්ට බිලියන එක හමාරක්

(විමුක්ති එස් රුද්‍රිගු)

දිස්ත්‍රික්ක 5 ක සිටින හෙක්ටයාර් 0.5 ට අඩුවෙන් වගා කරන දැඩි අවදානමකට ලක්වී සිටින කුඩා පරිමාණ ගොවීන් 42000 සඳහා පොහොර සහ වී බීජ සැපයීමේ ව්‍යාපෘතියක් සඳහා යුරෝපා සංගමය යුරෝ මිලියන 4 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 1.5)ක මුදලක් ප්‍රදානය කර ඇත.

යුරෝපා සංගමය ලබා දුන් මෙම මූල්‍ය ආධාරය ප්‍රයෝජනයට ගනිමින් එක්සත් ජාතීන්ගේ අහාර සහ කෘෂිකර්ම සංවිධානය ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය මුහුණ දී සිටින අර්බුදයට සහ ආහාර සුරක්ෂිතතා අර්බුදයට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ශ්‍රී ලංකා රජය සමඟ එක්ව ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාව වර්ධනය කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර, පොලොන්නරුව, බදුල්ල, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වල සිටින හෙක්ටයාර් 0.5 ට අඩුවෙන් වගා කරන දැඩි අවදානමකට ලක්වී සිටින කුඩා පරිමාණ ගොවීන් 42000කට  2023 යල කන්නය සඳහා කිලෝ ග්‍රෑම් 50ක යූරියා බෑගයක් ලබා දීමට නියමිතය.එසේම මෙම ව්‍යාපෘතිය මගින් ඉලක්ක ගත ගොවීන්ට මෙන්ම ව්‍යාපෘති නිලධාරීන්ට කාර්යක්ෂම පොහොර භාවිතය, රසායනික පොහොර සඳහා පවතින අවශ්‍යතාව අවම කිරීම, කාබනික පොහොර භාවිතය ඉහළ නැංවීම සහ දීර්ඝ කාලීන වශයෙන් පසේ සාපල්‍යතාව ඉහළ නැංවීම පිළිබඳ පුහුණුවක් ලබාදීමට නියමිතව තිබේ.

මෙම ව්‍යාපෘතිය අද(07) නිල වශයෙන් කොළඹදී ආරම්භ විය.එම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත විමලේන්ද්‍ර ශරන් මහතා, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චයිබි මහතා, කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ කෘෂි කර්ම අමාත්‍යංශයේ ලේකම් ගුණදාස සමරසිංහ යන මහත්වරු සහභාගී වූහ.



අදහස් (0)

කුඩා පරිමාණ ගොවීන්ට බිලියන එක හමාරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site