(අංජුල මහික වීරරත්න)
ආර්ථික අර්බුදය හේතු කොට ගෙන ධීවර කර්මාන්තයට ඇති වී ඇති බලපෑම අවම කර, ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආර්ථික අර්බුදය හේතු කොට ගෙන ධීවර කර්මාන්තයට ඇති වී ඇති බලපෑම අවම කර, ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් 2024-10-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මාස 06 ක කාල සීමාවක් සඳහා ඉන්ධන වශයෙන් ඩීසල් භාවිත කරන ධීවර යාත්‍රා හිමිකරුවන්ට ඩීසල් ලීටරයකට රුපියල් 25/- ක් බැගින් සහ ඉන්ධන වශයෙන් භුමිතෙල් භාවිත කරන ධීවරයින්ට දිනකට භුමිතෙල් ලීටර 15ක් බැගින් මාසික උපරිම දින 25 ක් සඳහා භූමිතෙල් ලීටරයකට රුපියල් 25/- බැගින් " ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ දීමනාවක්" ලබා දීමට 2024-08-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය දී ඇත.
ඒ අනුව, ඉන්ධන වශයෙන් භුමිතෙල් භාවිත කරන කුඩා යාත්‍රා වලට අදාළව මෙම සහනය ලබා දීම වඩාත් සරල කිරීමේ අරමුණින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සක්‍රීය කුඩා ධීවර යාත්‍රා සඳහා අදාළ ධීවර යාත්‍රා හිමියන්ට මාසිකව රුපියල් 9,375/- ක " ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ දීමනාවක් " 2024-11-01 දින සිට මාස 05 ක කාලයක් සඳහා ලබා දීමටත්, ඩීසල් යාත්‍රා හිමිකරුවන් සඳහා දැනට ලබා දෙන සහනය පෙර පරිදිම ලබා දීමටත් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්
ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කුඩා ධීවර යාත්‍රා හිමියන්ට මසකට රුපියල් 9375 ක්
රුවන් Tuesday, 10 December 2024 12:55 PM
ලංකාවේ මත්ස්‍ය කර්මාන්තය ඩොලර් බිලියන ගාණක් ඒත් නිසි අවධානයක් නෑ...!
අපි හැමෝගෙම ආණ්ඩුව Tuesday, 10 December 2024 06:44 PM
ධීවරයින් වෙනුවෙන් ලොකු හස්තයක් ක්‍රියාත්මක වන බව පේනවා. ගොවියන් වෙනුවෙන් කුඩම්මාගේ සැලකිලි ඇයි?
රුවන් Tuesday, 10 December 2024 08:33 PM
ලංකාවේ ධීවර නිෂ්පාදන වලින් ඩොලර් බිලියන ගාණක් හොයන්න පුළුවන්. ගොඩක් අය ඒක දන්නේ නෑ. ඒකයි ඉන්දියාවේ අය ලංකා මුහුදු සීමාවට එන්නේ...!