IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කුඩු ජාවාරමාගේ ගෙදරින් කෝටි 20ක වාහන මාට්ටු

(ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය)

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොග වශයෙන් මෙරටට එවා ඒවා අලෙවි කිරීමෙන් උපයාගත් බව කියන රුපියල් කෝටි ගණන් මුදලින් කොටසක් වැයකර මිළදී ගත් බව බවට කරුණු අනාවරණය වී ඇති රුපියල් කෝටි 20 ක් පමණ වටිනා අධි සුඛෝපභෝගි වාහන 06 ක් සමග මහපරිමාන මත්කුඩු ජාවාරම්කරුවකු ලෙස සැලකෙන දෙමටගොඩ රුවන් නැමැත්තා රහස් පොලිසියේ රහස් පොලිසියේ නීති විරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් අද (29) දෙමගොඩ වේළුවන පාරේ පිහිටි ඔහුගේ නිවෙස් දී සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

එම වාහන අතර බී එම් ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථ දෙකක්, ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථයක්, ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජිප් රථයක්,හොණ්ඩා වෙසල් වර්ගයේ ජිප් රථයක්, රේන් රෝවර් වර්ගයේ ජිප් රථයක් ද දෙමටගොඩ රුවන් නැමැත්තාගේ නිවසේ ගාල් කර තිබියදී සොයාගත් බව රහස් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙන් ලංකාදීපයට පැවසීය.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ දෙමටගොඩ වේළුවන පාරේ පදිංචි සිරිනායක පතිරණලාගේ රුවන් චමිල ප්‍රසන්න හෙවත් දෙමටගොඩ රුවන් නැමැත්තාය.

මොහු 2016 වසරේ සිය වරින් වර හොරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් එකක පමණ තොගයක් විදේශයන් හි සිට මෙරටට ගෙන්වා ඇති බවට පරීක්ෂණ වලින් අනාවරණය වී ඇතැයි එම රහස් පොලිස් නිලධාරියා කීය.

ඩුබායි රාජයේ සැඟව සිටින “රංග” නැමැත්තාගේ දුරකතන අංකයක් භාවිතා කරමින් පකිස්ථානයේ සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග හවුල් වී මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බව රහස් පොලිස් ආරංචි මාර්ග කියයි.

පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ, පරීක්ෂණ පවත්වා එම කරුණු ආනාවරණය කරගෙන සැකකරු අත්අඩංවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකිරීමට අමතරව විවිධ අපරාධ ක්‍රියා පහක් සම්බන්ධයෙන් කාලයක් රිමාන්ඩ් බාරයේ සිට අධිකරණය මගින් ඔහු ඇප මත නිදහස් කළ අයෙකු බව රහස් පොලිසිය කියයි.

හිටපු අමාත්‍ය වරයකු වන රවී කරුණානායක මහතා ඇතුලු පිරිසක් 2015 වසරේ මැතිවරණ ප්‍රචාරක කටයුත්ත නිරත වෙමින් සිටියදී ඔවුන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම ද මෙම අපරාධ වලට ඇතුළත් යැයි ද රහස් පොලිස් ආරංචි මාර්ග පවසයි.

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් වලින් නීති විරෝධී ලෙස දේපළ හෝ වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් වු 2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරණ පනත යටතේ පරීක්ෂණ පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන වාහන 6 ද රහස් පොලිස් බාරයට ගෙන ඇත.

 



අදහස් (12)

කුඩු ජාවාරමාගේ ගෙදරින් කෝටි 20ක වාහන මාට්ටු

Nuwan Friday, 29 October 2021 08:34 PM

අහිංසක මිනිහෙක්ගේ බයිසිකලයක් ත්‍රීවීල් එකක් අල්ලා ගත්තා නම් උප්පැන්න සහතිකේ ඉඳන් මේකේ දාලා. හැබැයි මේ කුඩු කාරයින්ගේ වාහනවල අංක තහඩු ටිකත් වහන්න තරම් මාධ්‍ය සදාචාරය මතක් වෙලා... එක රටක්... එක නීතියක් හින්දා වෙන්න ඇති...!!! 

:       0       0

Bandara Friday, 29 October 2021 09:50 PM

මේ බිස්නස් ඉතින් දේශපාලන ආශිර්වාදයන් නැතුව කරනවා බොරු. ලොකු ලොකු නම් එහෙම ගෑවිලා ඇති.

:       0       62

RaveendraSaturday, 30 October 2021 05:55 AM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය..පොදුවේ ගත්කල දේශපාලුවන් යනු වෘර්කයන් වුවත් සුදු රෙදි ඔලුවේ සිට පෙරවාගත් සටකපට පිං හාමිලාය.

:       0       0

Lalith M Friday, 29 October 2021 11:56 PM

රවි කරුණානායකට ප්‍රහාර දුන්න නම් වර්තමාන රජයේ කුක්කෙක් අනිවාර්යයෙන්ම ගෑවෙන්න ඕන නේද?

:       0       0

Kule Saturday, 30 October 2021 02:43 AM

අපි ලක්ෂ 50 කට විතර ඉඩමක් ගන්න ගියාම තමයි, ආදායම් අංශ අපට මුදල් ලැබුණු විදිහ අහන්නේ... කුඩ්ඩන්ට ඒවා අදාළ නැතුව ඇති...

:       0       0

විශුද්ධික Saturday, 30 October 2021 06:41 AM

කුඩු ගහන්න ගෙවල්වලට කරදර කරලා ගත්තු සල්ලි, හිඟා කාලා හොයපු සල්ලි, හොරකම් කරලා හොයපු සල්ලි, පොකට් ගහලා හොයපු සල්ලි වගේ හෙණ වැදෙන්න ඕනෑ ක්‍රම වලින් හොයපු සල්ලි ගීහින් අන්තිමට නැවතිලා තියෙන තැන...

:       0       0

මත්ද්‍රව්‍යය අලෙවි කරන්නන් දේශ ද්‍රෝහීන්ය ! Saturday, 30 October 2021 06:44 AM

තරුණ ජීවිත කීයක් නම් කාලකණ්ණි කරලා හොයපු සල්ලිද මේ? ඒ වගේම ඒ කාලකණ්ණි මිනිස්සුන්ගේ ගෙවල්වල , පවුල්වල මිනිස්සු කොච්චර දුක් කරදර විඳලා ඇතිද ඒ ඇබ්බැහි වුණු මිනිස්සු නිසා. මේ වාහන රාජ සන්තක කරන්න ! මත්ද්‍රව්‍ය වැටලීම් වලට නවීන තාක්ෂණය ගන්න. වාහන සහ අනිකුත් අවශ්‍ය දේවල් ගන්න මේ වාහන විකුණා මුදල් ගන්න...

:       0       0

Royfedricks Saturday, 30 October 2021 08:24 AM

ඕකා මේ ලගදි නේද ජනාදිපති සමාව ලැබිලා හිරෙන් නිදහස් වෙලා ආවේ? ආණ්ඩුවේ ලොකු තනතුරකුත් ලැබුනා නේද? පරණ පුරුදු අත් අරින්නම බැරුව වගෙයි.

:       0       0

Dasun Saturday, 30 October 2021 08:41 AM

මෙතුමාගේ අයියාට නේද අපේ දුමින්ද සිල්වා මැතිතුමා එක්ක ගිහින් මරණ දඬුවම හිමිවුනේ...?

:       0       0

69lakshaya Saturday, 30 October 2021 10:15 AM

මේ අපේ අය... මයිල් ගහකටවත් හානියක් වෙන්න දෙන්නේ නැහැ.

:       0       0

Don Saturday, 30 October 2021 02:28 PM

කොහොමද ලංකාවේ ධනවතුන්ගේ ආදායම් මාර්ගය....?

:       0       14

fairoos Sunday, 31 October 2021 12:59 PM

අහිංසකයන්ට ත්‍රිරෝද රියක් ගන්නත් මිලියනයක් ඕනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site