පන්නිපිටිය, ඇරැව්වල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසින් පැහැරගන්නා ලද රුපියල් කෝටි 700 කට අධික වටිනාකමකින් යුත් නිල් දියමන්තිය ඊයේ (4) රාත්‍රී 9.00 ට පමණ පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවසකින් අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
කැලණිය විශේෂ කාර්යාංශයට ලැබුණු තොරතුරු අනුව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් මෙම දියමන්තිය අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම නිල් දියමන්තිය ඉකුත් නොවැම්බර් මස 5 වැනි දින මාකඳුරේ මධුෂ් ගේ සැලසුමකට අනුව ඔහුගේ ගෝලයන් පිරිසක් පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමින් සැරසී ව්‍යාපාරිකයාගේ නිවසට කඩා වැදී මෙම නිල් දියමන්තිය සහ තවත් මැණික් ගල් කිහිපයක් පැහැරගෙන ගොස් තිබිණි.
අත්අඩංගුවට ගන්නා ලද නිල් දියමන්තිය මාකඳුරේ මධුෂ් නමැත්තාගේ ගෝලයකු සතුව තිබී අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සැකකරු ද දියමන්තිය සමග පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන අපරාධ විමර්ශන ඒකකය මීට පෙර මාකඳුරේ මධුෂ් නමැත්තාගේ ගෝලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.
පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් හෙලිකරගත් තොරතුරු මත මෙම නිල් දියමන්තිය සොයාගෙන තිබිණි.
සොයාගන්නා ලද මෙම නිල් දියමන්තිය මීට පෙර මැණික් ව්‍යාපාරිකයාගෙන් පැහැරගන්නා ලද නිල් දියමන්තියම ද යන්න තහවුරු කරගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.
විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වීසා නිකුත් ක
හදිසියේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තුවේ කතා පරිවර්තක කාර්යාලයේ සිංහල ඉංග්‍රීසි අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක වජිර ධම්මගේ මහතා වෙනුවෙන් මැති ස
රජයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශය 2025 පළමු වන කාර්තුව සඳහා වන ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලයේ සැලකිල්ලට ගෙන තිබේ.
පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා හයක සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව නම් කළ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහ
ශ්‍රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය පිහිටුවීම සඳහා වන පාර්ලිමේන්තු පනත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නවගත්තේගම වෙලේවැව ප්‍රදේශයෙදී පොලිස් කොස්තාපල්වරයෙකුගේ අමානුෂීක පහර කෑමට ලක්වු සිව්දරු පියෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම මූලස්ථ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කෝටි 700 දියමන්තිය අසුවෙයි
Nissanka Tuesday, 05 March 2019 04:29 AM
දේශපාලන බලපෑම් නැතිනම් අපේ පොලිසියට ඕනෑම හොරකමක් අපරාධයක් අල්ලන්න පුළුවන්. අපේ පොලිසිය ඇත්තටම දක්ෂයි. එත් රත්ගම වගේ සිද්ධි ශ්‍රී ලංකා පොලිසියේ අභිමානයට කැළලක්.
Bandara Tuesday, 05 March 2019 05:58 AM
එතකොට ඩුබායි ගෙනිච්චා කිව්වේ
MohanTuesday, 05 March 2019 08:03 AM
දුබි ඉඳන් ආපහු එවල
BamunuarachchiTuesday, 05 March 2019 01:27 PM
මේ කියවෙන එව්වා හිතේ සටහන් කර ගැනීම සඳහා පමණයි විස්වාසය සඳහා නොවෙයි.
පිටිගල මිලානෝ Tuesday, 05 March 2019 08:01 AM
ඒ කාලේ නම් මේ දියමන්තිය අර ගොල්ලෝ උස්සලා.
sumith Tuesday, 05 March 2019 08:16 AM
පිටිගල මිලානෝ එහම කියන්න එපා , එයාලගේ ආච්චිලාට නිකන් මැණික් මලු හමුවෙන කොට අනුන්ගේ දියමන්ති මක්කටද?
mohan Tuesday, 05 March 2019 08:26 AM
පිටිගල මසුරන් කතාව සහෝදරයා.
මිරිස්ගල නාපොලි Tuesday, 05 March 2019 08:26 AM
දවසේ කතාව. මෙන්න මගෙන් 5ක්
ලේක්කෝ ගලබඩ Tuesday, 05 March 2019 11:50 AM
පිටිගල.....අයියෝ සල්ලි........!
chandima Tuesday, 05 March 2019 01:18 PM
ලංකාවේ පොළොවේ දියමන්ති නැහැ කියනවා නේද? එතකොට මේක රටින් ගෙනාපු එකක්ද?
chandima Tuesday, 05 March 2019 04:58 PM
ඒ කලේ මේකාලේ කියල වෙනසක් නැහැ. තව ටික කාලෙකින් බලන්නකෝ