IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


කෝටි 6 ක මත්කුඩු කුරණින් අල්ලයි

         
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ) 


රුපියල් කෝටි 6 කට අධික වටිනා හොරෙයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක කුරණ ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි .

මත්කුඩු කිලෝ 6 ග්‍රෑම් 137 ක් සැකකරු සමග පොලිස් භාරයට ගෙන ඇත .

වයස අවුරුදු 45 ක් වූ සැකකරු කටුනායක කුරණ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.



අදහස් (14)

කෝටි 6 ක මත්කුඩු කුරණින් අල්ලයි

මධූෂ් Tuesday, 16 June 2020 07:55 AM

එහෙන් මෙච්චර ඇල්ලුවා, අරහෙන් මෙච්චර ඇල්ලුවා කියලා අපි දකිනවා. ඒත් එතැනින් එහාට මොනවද වෙන්නේ කියලා හරියට කවුද දන්නේ...? ඇයි මේ දේවල් වල මහ මොළකරුවන්ව නීතියට හසු කරගන්න තාමත් බැරි වෙලා තියෙන්නේ.. නීතියේ දුර්වලතාවයන් නිසාද? එහෙමත් නැතිනම් දේශපාලන බලපෑම් නිසාද?

:       0       230

karuTuesday, 16 June 2020 09:00 AM

ලංකාවේ කුඩු හබ් එක තියෙන්නේ මීගමුවේ... එය රන් කරන "මට්ට'' පාතාලයා ඉන්නේ දියවන්නාවේ ඌරු කොටුවේ. කාලයකට ඉහතදී විශේෂ කාර්ය බලකායෙන් ඔහුගේ කුඩු කිලෝ 95 ක් ඇල්ලුවා. නමුත් පහුවෙනිදා රටේ නායකයා හෙලිකොප්ටරයකින් මීගමුවේ කුඩ්ඩාගේ නිවසට පැමිණ කිවේ " මල්ලි බයවෙන්න එපා " කියලා. කුඩ්ඩන්ටම ගිය රටක්. පොලිසියෙන් අල්ලන කුඩු කාටද විකුණන්නේ...? මේ තමයි අලුත්ම ආරංචිය.

:       0       455

Mahesh UKTuesday, 16 June 2020 11:41 AM

මේවට කෙළින්ම හෝ වක්‍රව වගකියන්න ඕනෙ රටේ මිනිස්සු.. මේ දේශපාලකයින් පත්කරන්නේ අපිම තමයි. නමුත් දැන් ඒකට අවස්ථාව ඇවිත් තියෙන්නේ. පොහොට්ටුවෙන්ද, අලියාගෙන්ද, දුරකථනයෙන්ද, නෙමෙයි. මිනිස්සු බුද්ධිමත්ව හිතලා මේ කාලකණ්ණි හැත්ත ගෙදර යවලා හරි අය පත්කර ගන්න ඕනේ. මේ තමයි ලංකාවේ අනාගතේ තීරණය කරන්නේ. නමුත් අපේ සිංහල වරිගෙට මේ දේ තේරෙන්නේ නැහැ.

:       0       152

Ajith Tuesday, 16 June 2020 08:08 AM

අන්න අර හාදයා නම වෙනස් කරලලු අර්ජාන් ඇලෙක්සැන්ඩර් කියලා... ඔහෙයිලා තාම දන්නේ නැතෙයි. දැන් කොහොමෙයි උන්දැව කුදලාගෙන මේ රටට ගෙනත් නඩු දාන්නේ..?

:       46       57

Roshan Tuesday, 16 June 2020 08:43 AM

මේ ඡන්දෙදි කුඩු මුදලාලිලා, තැබෑරුම්කාරයන් ගෙදර යවමු.

:       18       133

විපරමා Tuesday, 16 June 2020 08:55 AM

දිගට හරහට කුඩු නම් අල්ලනවා. මේවට මොනවා වෙනවද කියලා කවුද දන්නේ? කුඩු කියන්නේ සල්ලි.. දේශපාලුවන්ගේ සමහර ලොක්කන්ගේ පිහිටෙන් වැඩේ කෙරීගෙන යනවා.

:       13       49

Dinesh Tuesday, 16 June 2020 09:21 AM

කුඩු විකුණන්නේ අහිංසක දුප්පත් මිනිස්සු... ඒ අය ආරක්ෂා කළ යුුතුයි.

:       3       12

isurandi Tuesday, 16 June 2020 10:52 AM

දේශපාලකයාට ඕනෑ රටවැසියන්ව කුඩ්ඩෝ, අබ්බගාතයෝ, මන්ද බුද්ධිකයෝ... එහෙමත් නැතිනම් ගොට්ට අල්ලන අයව බිහිකරන්න මිසක් රටේ දියුණුව පිණීස වැඩ කරන්න නෙමෙයි. රට දියුණු වුණොත් එවුන්ගේ පැවැත්මට බාධාවක් වෙනවනේ.

:       0       65

isuru Tuesday, 16 June 2020 01:03 PM

මෙතෙක් කල් අල්ලපු මත්කුඩුවලට මොකක්ද කළේ...? හරිනම් ගෝල්ෆේස් ගෙනල්ලා මහජනයා ඉදිරියේ විනාශ කළ යුතුයි..

:       0       102

raviTuesday, 16 June 2020 01:58 PM

ජනතාව ඉදිරියේ පුච්චන්නේ පාන්පිටිනේ...

:       0       3

විපරමාTuesday, 16 June 2020 02:01 PM

ඒවා හොරපාරෙන් යනවා ඇති... කුඩු මුදලාලිලාගේ පිහිට නැතුව ඡන්දෙට වියදම් කරන්නේ කොහොමද?

:       0       90

aruna shantha Tuesday, 16 June 2020 02:09 PM

පහුගිය කාලෙ නේවි එකෙන් මුහුද මැදට ගිහිල්ලා ගෙනපු තොගයෙන් කොටසක් වෙන්න බැරිද? මොකද ආවට කළේ? කවුරුවත් දන්නේ නැහැ... මීඩියා ෂෝ විතරයි. හොර පාරෙන් ගෙන්නපු කෙනාගේ ගෙදර යනවා වෙන්න බැරිද?

:       1       4

Kuma Tuesday, 16 June 2020 02:15 PM

තවදුරටත් අපි මත්කුඩු අල්ලා ගත් පසු සතුටු වන්නේ නැත. මන්ද එම මත්කුඩු නැවැතත් හොර රහසේම පසුපස දොරෙන් එළියට එනවාද යන්න අපට සැක සිතෙන බැවිනි...

:       0       15

kusal Tuesday, 16 June 2020 03:01 PM

අපි දැන් ගණන් කරලා බැලුවොත්, කුඩුවලට සම්බන්ධ කී දෙනෙක් පාර්ලිමේන්තුවේ මැති, ඇමැතිකම් කරනවද කියලා... අන්න එතන තමයි උත්තරේ..

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 449 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site