IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කෝටි 16 ක හෙරොයින් කිලෝ 16 ක් අල්ලයි

(ඉන්දිකා  රාමනායක සහ හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
රුපියල් කෝටි 16 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 16කට ආසන්න  ප්‍රමාණයක් සමග සැකකරුවන් 7ක්
වෙන්නප්පුව, කොස්වත්ත, කිරිමැටියාන ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අද (03) අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය කියයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මහනුවර ඒකකයට ලැබුණු තොරතුරක් අනුව එම කණ්ඩායමක් විසින් සැකකරුවන් ඊයේ (2) රාත්‍රියේ සහ  අද (3) අලුයම  අත්අඩංගුවට ගෙන ඇත

කිරිමැටියාන ප්‍රදේශයේ දි හෙරොයින් ග්‍රෑම් 360ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුගෙන් හෙළි වූ තොරතුරු අනුව..තවත් සැකකරුවන් තිදෙනෙක් හොරායින් කිලෝ 2 යි ග්‍රෑම් 232ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය  පවසයි.

එම සැකකරුවන් සිව් දෙනාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී කිරිමැටියාන ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ තවත් හෙරොයින් කිලෝ 13 ග්‍රෑම්  485ක ප්‍රමාණයක් සැකකරුවන් තිදෙනෙකු  සමග අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් හෙරොයින් සහ සැකකරුවන් වැඩිදුර  පරීක්ෂණ සඳහා කොළඹ  පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය වෙත රැගෙනවිත් ඇත.



අදහස් (10)

කෝටි 16 ක හෙරොයින් කිලෝ 16 ක් අල්ලයි

rihan Saturday, 03 October 2020 08:18 AM

ලැජ්ජා නැති මිනිස්සු... කොච්චර ඇල්ලුවත් ආයෙත් ගේනවනේ. මේ අයව උල තිබ්බොත් තමයි රට හදන්න පුළුවන්.

:       0       16

kamalSaturday, 03 October 2020 09:35 AM

පොඩ්ඩක් ඉන්න, 20 පාස්වුණ ගමන් ඕනෙම කෙනෙක්ව උල තියන හැටි බලන්න පුළුවන්...

:       6       9

Ruhunu Saturday, 03 October 2020 08:34 AM

රට ඇතුළට ගෙනාපුවා කොච්චර ඇල්ලුවත් මේවා රට ඇතුළට ගේනකොට කාටවත් අල්ලන්න බැරි වුණ එකනේ පුදුමේ. ඔය වගේ අහු නොවෙච්ච දේවල් කොච්චර ඇද්ද? මේ රට ඇතුළට ගේන්නේ රටේ ආරක්ෂක අංශවලින් ගොඩක් උදව් ලැබෙනවා. ඒකයි මෙහෙම වෙන්නේ...

:       0       22

mohomed Saturday, 03 October 2020 09:59 AM

අල්ලන කුඩු විනාශ කරනවා දැකලා නැහැ. ලංකා බේකරි සංගමයට දානවද දන්නේ නැහැ පාන් හදන්න..?

:       0       20

siri Saturday, 03 October 2020 10:56 AM

මේවා ගෙන්වන මහකුඩු කාරයෝ අල්ලන්නේ කවදාද?

:       0       19

Prabha Saturday, 03 October 2020 11:20 AM

කහ නැත, පොල් නැත.. කුඩු ඇත.

:       1       17

lakmal Saturday, 03 October 2020 08:54 PM

අයියෝ මගේ ගමට වුන දේ.

:       0       0

praja Saturday, 03 October 2020 09:20 PM

වෙලාවකට හිතෙනවා මේවා ඔක්කොම සංදර්ශන කියලා.

:       0       0

Ranil Perera Sunday, 04 October 2020 04:12 AM

ඔය අල්ලන කුඩු විනාස කරනවා පෙන්නන බැරිද, පිටරටවල වගේ.?

:       0       0

Gamage Sunday, 04 October 2020 04:23 AM

ලංකාවට කුඩු ගෙන්වන්නේ කවුද කියලා මුලු ලංකාවම දන්නවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 57 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 721 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 343 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site