IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘කොටි සංවිධානය යළි හිස ඔසවන්නේ නෑ‘

කොටි.සංවිධානය යළි කිසිම දිනක මේ රටේ හිස ඔසවන්නේ නැති බවත් දෙමළ ජනතාව යළි යුද්ධයක් කෙරෙහි තල්ලු වන්නේ නැති බවත් යුද්ධයක අවශ්‍යතාව ඇත්තේ දකුණේ ඇතැම් දේශපාලන බලවේගවලට බවත් උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.සිවඥාණම් යාපනයේදී පැවසුවේය.

එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් විසින් භාවිත කරනු ලබන මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් සහ යුද උපකරණ රැසක් පසුගිය දින යාපනයේදී හමුවීම පිළිබඳව විමසීමේදී මාධ්‍යට අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව කියා සිටියේය.

‘එල්.ටී.ටී.ඊ.නායකයා වූ ප්‍රභාකරන් තනි මතයකට අනුව ගෙන ගිය අරගලය ''කරිෂ්මාවක්'' බවත් ඔහු මිය යාමත් සමගම යළි එම සංවිධානයට පණදීමට කිසිවෙකුත් නෑ. ලෝකයේ වෙනත් රටවල එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් සිටින නමුත් ප්‍රභාකරන් නොමැති පරිසරයක යළිත් ආයුධ සටනක් සංවිධානය කිරීමට කවරෙකුටවත් හැකි වන්නේ නෑ. ප්‍රභාකරන්ගේ තනි මතවාදය දැන් අවසන් වී ඇති බැවින් දෙමළ ජනතාව යළිත් එවැනි අරගලයක් කෙරෙහි හෝ ආයුධ සටනක් කෙරෙහි කෙසේත් විශ්වාසය තියන්නේ නෑ‘ යැයිද සභාපතිවරයා කීවේය.



අදහස් (0)

‘කොටි සංවිධානය යළි හිස ඔසවන්නේ නෑ‘

ශ්‍රියා Wednesday, 06 April 2016 08:53 AM

ඔය ඇත්තමද ? (බ)

:       0       0

උද්දික Wednesday, 06 April 2016 09:01 AM

එහෙනම් කොහොමද අර ආයුධ ගෙනාවේ ? (බ)

:       0       0

අජිත් Wednesday, 06 April 2016 10:20 AM

ආයුධ අහුවුන නිසා මෙහෙම කියනවා!(හේ)

:       0       0

සරසි Wednesday, 06 April 2016 06:13 AM

කොහොමද හරියටම කියන්නේ.(හේ)

:       0       0

ටෙනිසන් Wednesday, 06 April 2016 06:32 AM

මේවාට මොනවා කියන්නද කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)

:       0       0

දසුන් Wednesday, 06 April 2016 11:59 AM

ඔබේ ප්‍රකාශයේ සත්‍යතාවයක් තිබෙනවා.දේසපාලන වාසිලබාගැනීම යුද්දයක් යලි ඇවිලෙන තුරු බලාසිටින කොටසක් ඉන්න බව ජනතාව කියනවා. (හේ)

:       0       0

අසෝක Wednesday, 06 April 2016 06:50 AM

බලමුකෝ. අපිත් ඉන්නේ මෙහෙනේ.(හේ)

:       0       0

ජයසේකර Wednesday, 06 April 2016 06:53 AM

දී කිරට බළල්ලුත් සාක්කිලු....(හේ)

:       0       0

සමීර Wednesday, 06 April 2016 07:07 AM

බය වෙන්න එපා එක තමයි ඇත්ත. හැබැයි සමගිය වෙනුවට එක එක වැඩ කරලා ඒ මිනිස්සු පිඩාවට පත් කරොත් ප්‍රශ්න ඇතිවෙයි (කෞ)

:       0       0

දුමින්ද Wednesday, 06 April 2016 07:26 AM

ඔච්චරටම විශ්වාසද (බ)

:       0       0

ධනංජය Thursday, 07 April 2016 09:15 AM

කොහොමද ඔබතුමා හරියටම කියන්නේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 9 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site