IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කෝටි දෙකක මත්පැන් බහලුමක් රේගු බාරයට


(යොහාන් භාසුර)
නෙදර්ලන්තයෙන් නීති විරෝධී ආනයනය කළ රුපියල් කෝටි  දෙකකට ආසන්න වටිනාකමින් යුත් මත්පැන් බෝතල් 3,585 ක් ගබඩා කර තිබූ බහලුමක් කොළඹ වරායේ සී.අයි.සී.අයි.  පර්යන්තයේ අතහැර දමා තිබියදී ශ්‍රී ලංකා රේගුවේ වරාය පාලන ඒකකය භාරයට ගත් බව රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

අඩි විස්සක එම බහලුම තුළ විස්කි සහ වොඩ්කා මත්පැන් බෝතල් ගබඩාකර තිබූ බවත් සුරාබදු බලපත්‍ර ගැනීමකින් තොරව කොළඹ වරායේ තීරු බදු රහිත සාප්පුවක නමින් මෙම භාණ්ඩ තොගය ආනයනය කර තිබු බවත් එම නිලධාරියා කීය.

මෙම මත්පැන් බෝතල් තොගය වරායෙන් පැන්නුවේ නම් රජයට රුපියල් කෝටි හතරකට අධික බදු ආදායමක් අහිමිවන බව කී එම නිලධාරියා භාණ්ඩ නීති විරෝධී භාණ්ඩ ආනයනය කර වරායේ අතහැර දමා  වරාය වෙන්දේසිය හරහා නිෂ්කාශනය කර ගැනීමට ඇතැම් සංවිධානාත්මක කල්ලි කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.

රේගු අධ්‍යක්ෂ ජයලාල් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ උදය ගාමිණී මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ රසික සමන්ජිත්, රේගු අධිකාරීවරු වන ජානක පතිරණ, අමිල දසනායක සහ චාමර හීනටිගල යන මහත්වරු ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරති. 



අදහස් (0)

කෝටි දෙකක මත්පැන් බහලුමක් රේගු බාරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site