IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


කෝටි දෙකක මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් එස්ටීඑෆ් දැලේ

(දිල්රුක්ෂි ග්‍රේරු) 

කෝටි  දෙකක වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය  සමඟ මත්ද්‍රව්‍ය  ජාවාරමේ  නියැලුණු  පුද්ගලයින් දෙදෙනකු අද  (31) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලැබුණු විශේෂ  තොරතුරක්  මත  වැල්ලම්පිටිය ප්‍රදේශයේ කළ  විශේෂ මෙහෙයුමකදී  මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් වැල්ලම්පිටිය ප්‍රදේශයේම පදිංචිකරුවෝ වන අතර කාලයක සිට හෙරොයින් ජාවාරමේ නියැලෙන පුද්ගලයින් බව තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබී   ක්‍රිස්ටල් හෙවත්  ‘අයිස් ‘ නැමැති  මත්ද්‍රව්‍ය  කිලෝ 3කට ආසන්න ප්‍රමාණයක්, හෂිෂ්  මත්ද්‍රව්‍ය   කිලෝ 2 ග්‍රෑම්  449 ක්   සහ හෙරොයින්  ග්‍රෑම් 16 ක්  සිය බාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. 
 
වැඩිදුර පරීක්ෂණ සඳහා  සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට බාර දී  ඇත.

පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් .ලතීෆ් මහතාගේ නියෝග මත කොළඹ විශේෂකාර්ය බලකා මූලස්ථානයේ  විශේෂ මෙහෙයුම් අංශය මෙම වැටලීම කර තිබේ.



අදහස් (7)

කෝටි දෙකක මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් එස්ටීඑෆ් දැලේ

isurandi Thursday, 31 October 2019 05:32 AM

ග්‍රෑම් 9ට මරණ දඬුවම දුන්නා කියලා තිබ්බා. මේකට මොකක්ද ගන්න පියවර කියලා බලාගෙන ඉන්නවා ඉදිරියේදී....

:       0       73

HafeelThursday, 31 October 2019 06:37 AM

තව දින 18 ක් වගේ තියනවා අපේ ජනාධිපතිට එල්ලුම් ගහ ක්‍රයාත්මක කරන්න. ඒ අතරතුර නඩු තීන්දු එන්න විදියක් නැහැ.

:       0       6

MaheeThursday, 31 October 2019 07:22 AM

කිලෝ 2ට ග්‍රෑම් 9ක් ඒවා 200ක් විතර තියෙන හින්දා සමහර විට 200 වතාවක් එල්ලා මරන්න නියම වෙයි. එහෙම එල්ලුවට පස්සේ අවුරුදු 10-15කින් එළියට ඇවිත් පුනරුත්පත්තිය ඇත්ත බව තහවුරු කරයි.

:       0       69

sandy123 Thursday, 31 October 2019 05:58 AM

ඡන්ද කාලේදී හොරු අල්ලයි, මළමිනී නැගිටෙයි.. අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල පහළ දමනවා. නායකයින් හරි අවංක වෙනවා. එහෙමත් නැතිනම් දෙවිවරු වෙනවා. හැමදේම අපේ දෙපා මුලටම ගෙනත් දෙනවා. හරියට කියනවා නම් ලංකාව හරි පුදුම විදිහට ආශ්චර්ය මවනවා.

:       54       82

MaheeThursday, 31 October 2019 07:13 AM

ඔක්කෝම වුණාට පස්සේ සාප කර කර විඳවනවා. ඔය චක්‍රය වෙනස් කරන්න පුළුවන් අපට. නමුත් එහෙම වෙනස් කරන්න තරම් මැදිහත්ව සිතිය හැකි නිවහල් මනසක් සහිත ඡන්ද දායක පිරිසක් අපට නෑ. ඒ හින්දා "අපට ලැබෙන්නේ අපේ ජනයාට ගැලපෙන ආණ්ඩුවකි"

:       15       67

RaveendraThursday, 31 October 2019 08:40 AM

මහී මයා වෙත, ඔබගේ වටිනා අදහස් අප අගය කරන්නෙමු. අප වගාකරන දෙය අප විසින් නෙලාගන්නවා යන්න මෙයට හොදම උදාහරණයකි. අවාසනාවට ටකරන් අනුභව කරන එල ගවයන්, මිහරකුන් බුරුවන් බහුල ඡන්දදායකයන් සිටිනා පරිසරයක සුන්දර සෞම්‍ය ප්‍රියමනාප පරිසරයක් කෙසේ උදාවේද ?

:       0       5

Uditha - London Thursday, 31 October 2019 08:42 AM

මරණ දඬුවම නියම කරලා අපේ සල්ලි වලින් ජීවිතාන්තය දක්වා කන්න බොන්න දීලා තියා ගමු අනේ... වෙන මොනවා කරන්න කියලද? ඕනෑනම් කාලයක් ගියාම කල්කිරියාව බලලා වෙසක් එකට හරි, නිදහස් දවසට හරි පොදු සමාවක් දීලා නිදහස් කරමු.. එහෙම හොඳයි නේද මම කියන්නේ? හාද?

:       0       40

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 381 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1647 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site