IMG-LOGO

කටාර් ජනගහණය මිලියන 2.52 ඉක්මවයි: වාහන ලියාපදිංචිය සියයට 17.1 කින් පහළට

population

 

වසරක් තුළදී කටාර් ජනගහණය සියයට 7.7කින් ඉහළගොස් පසුගිය අප්‍රේල් මාසයේදී මිලියන 2.52 සීමාවට ළඟාවී තිබේ. පසුගිය මාර්තු මාසයේ දී කටාර් හි ජනගහණය මිලියන 2.34ක් වූ බවද සංවර්ධන සැලසුම් සහ සංඛ්‍යාලේඛන අමාත්‍යාංශය විසින් නිකුත් කළ වාර්තාවක දැක්වේ.


කෙසේ වෙතත්, ජනගහණය පසුගිය පෙබරවාරි මාසය සහ සසඳන විට ජනගහණයේ සුළු අඩුවීමක් දකින්නට ලැබෙන අතර ඒ මාසයේ දී කටාර් ජනගහණය මිලියන 2.54කි.


පසුගිය මාසයේ දී රටේ ජනගහණයෙන් මිලියන 1.91ක් පිරිමි වූ අතර එය පසුගිය මාර්තු මාසය හා සංසන්දනය කරන විට සියයට 8.7ක වැඩිවීමකි. පසුගිය වසරේ රටේ ගැහැණු ජනගහණය 609,055 දක්වා සියයට 4.6කින් වර්ධනය වී ඇත.


අමාත්‍යාංශයේ මාසික වාර්තාවෙන් ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වී ඇති අතර රථ වාහන නීතිරීති උල්ලංඝනය කිරීම් වසරින් වසර සියයට 18.4කින් පමණ පහළ බැස ඇති බවද එම වාර්තාවේ දැක්වේ.


පසුගිය වසරේ මාර්තු මාසයේ දී රථවාහන උල්ලංඝනය කිරීම් 155,584ක් වාර්තා වී ඇති අතර එය පසුගිය මාසයේ දී 126,948 දක්වා පහළබැස ඇත. එසේම එය පෙබරවාරි මාසයේදී වාර්තා වූ උල්ලංඝනය කිරීම් 142,031ට සාපේක්ෂව සියයට 10.6ක පහළබැසීමක් බවද ඉහත වාර්තාවේ සඳහන් වෙයි.
රේඩාර් මගින් අල්ලාගන්නා රථවාහන වැරැදි සංඛ්‍යාව පසුගිය වසරේ මාර්තු මාසයේ දී 97,175ක් වූ අතර එය පසුගිය මාසයේ දී 69,917 දක්වා සියයට 28කින් පහළ බැස ඇත. පසුගිය පෙබරවාරියේ දී මෙම වැරැදි සංඛ්‍යාව 96,503ක් දක්වා සියයට 27.5කින් පහළබැස තිබුණි.


රතු ආලෝක සංඥා නොතකා ධාවනය කිරීම පසුගිය වසරේ මාර්තු මාසයේ දී 3,156ක් වූ අතර එය පසුගිය මාසයේදී 1,738ක් දක්වා සියයට 44.9කින් පහළ බැස තිබුණි. මෙම වසරේ පෙබරවාරියේ දී එවැනි වැරැදි 2,179ක් වාර්තා වුණි.


අලුතින් ලියාපදිංචි කරන වාහන සංඛ්‍යාව පසුගිය වසරේ මාර්තු මාසයේ දී 11,368ක් වූ අතර එය මෙම වසරේ අප්‍රේල් මාසය වනවිට වාහන 9,419ක් දක්වා සියයට 17.1කින් පහළබැස තිබුණි.


කෙසේ වෙතත්, එය පසුගිය පෙබරවාරියට සාපේක්ෂව පසුගිය මාසයේ දී සියයට 14කින් ඉහළගොස් තිබුණි. පෙබරවාරියේදී අලුතින් ලියාපදිංචි කර ඇති වාහන සංඛ්‍යාව 8,259කි. 


එසේම රටේ රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම පසුගිය පෙබරවාරියට සාපේක්ෂව අප්‍රේල් මාසයේ දී 8,633 සිට 9,889 දක්වා ඉහළගොස් ඇත.



අදහස් (0)

කටාර් ජනගහණය මිලියන 2.52 ඉක්මවයි: වාහන ලියාපදිංචිය සියයට 17.1 කින් පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 501 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 323 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 489 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site