IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කටුනායකට ආ ඉන්දීය ගුවන්යානයක යළිත් බෝම්බ බියක්

(ටී.කේ.ජී.කපිල)

ඉන්දීය ගුවන් යානයක් තුළ බෝම්බ ඇති බවට කටුනායක ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩ බැස්සවීමක් (Emergency Landing) සිදු කළ තුන් වැනි ගුවන් යානයද අද (28) දින පස්වරුවේ දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පියවර ගෙන තිබුණි.

මෙසේ බෝම්බ තර්ජනයකට ලක් වී තිබුණේ ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයකි .

මෙම ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන  ගුවන් යානය අද පස්වරු 04.05 ට සාමාන්‍ය පරිදි ගොඩ බැස්සවීමට නියමිතව තිබුණද , ඉන් විනාඩි 08 කට පෙර , එනම් පස්වරු 03.57 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පියවර ගෙන තිබුණි .

ගුවන් යානය එයාර් බස් ඒ.-320 වර්ගයේ එකක් වූ අතර එහි ගුවන් මගීන් 108 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස තවත් 08 දෙනෙකු ද පැමිණ තිබුණි .

මෙම ගුවන් යානය තුළ බෝම්බ අටවා ඇති බවට ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දීය ගුවන් සේවයේ ප්‍රධාන කාර්යාලය වෙත නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබී තිබූ අතර , එම පණිවිඩය වහාම ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ ඉන්දීය ගුවන් සේවා කළමනාකරු වෙත ලබා දීමට පියවර ගෙන තිබුණි . ඔහු එම පණිවිඩය කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් වෙත යොමු කිරීමෙන් අනතුරුව , මෙසේ මෙම ගුවන් යානය හදිසි ගොඩ බැස්සවීමකට ලක් කිරීමට පියවර ගෙන තිබුණි .

ඒ අනුව ගිනිනිවීම් රථ , බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නිලධාරීන් , වෛද්‍යවරුන් හෙදියන් , බෝම්බ හදුනා ගැනීම පුහුණු කළ සුනඛයන් , බෝම්බ හදුනා ගැනීමේ ඉලෙක්ට්‍රොනික උපකරණ රැගත් නිලධාරීන් , යුධ හමුදා කොමාන්ඩෝ භට පිරිස් , ගලවා ගැනීමේ මෙහෙයුම් භාර නිලධාරීන් කටුනායක ගුවන් තොටුපොළ ධාවන පථය වෙත කැදවා තිබුණි .

පසුව මෙම ගුවන් යානය තුළින් මේ වනවිට පැමිණි ගුවන් මගීන් බස්සවා , ගුවන් මගීන්ගේ ගමන් මලු සහ අනෙකුත් භාණ්ඩ පිටතට ගෙන පරීක්ෂා කිරීම් සිදු කරමින් සිටින අතර , මේ වනතෙක් මෙම ගුවන් යානය තුළින් පුපුරන ද්‍රව්‍ය කිසිවක් සොයා ගැනීමට නොහැකි වූ බව කටුනායක ගුවන් තොටුපොළ මාධ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

මේ ආකාරයට ඉකුත් 10/19 දින සහ 10/24 යන දින ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විස්තාරා ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් තුළ ද බෝම්බ අටවා ඇති බවට , ඉන්දියාවේ සිට සිදු කළ දැනුම් දීම මත , එම ගුවන් යානා දෙක ද කටුනායක ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩ බැස්සවීමකට ලක් කිරීමට පියවර ගෙන තිබූ අතර මේ වනවිට මේ ආකාරයට ඉන්දියාවේ ගුවන් යානා 300 කට අධික ප්‍රමාණයකට බෝම්බ ඇති බවට තර්ජන එල්ල වී තිබේ .



අදහස් (2)

කටුනායකට ආ ඉන්දීය ගුවන්යානයක යළිත් බෝම්බ බියක්

don Monday, 28 October 2024 06:58 PM

තවද දේශපාලන කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවා. ජාතික ආරක්ෂාව අනතුරේ බව පෙන්වන්න. ඕවා වලට මිනිස්සු බයවෙලා මෝඩතීරණ නොගත යුතුයි. ඡන්දයකදී... බලන්න ඊශ්‍රායලය දෙස. එහි ජනතාව මුළු ලෝකයටම විරුද්ධ වුණත් යුද්ධ කරන්න සූදානම්. ඇයි අපේ ලංකාවේ මිනිස්සු මේ වගේ පුවත්වලට බයවෙන්නේ...

:       1       11

TGLTuesday, 29 October 2024 09:26 AM

දොන්, මෝඩ කතා නොකියා උන්නා නම් හොඳයි නේද? ඉන්දීය ගුවන් සේවයට ඔය වගේ ඇමතුම් එන්නේ දැන් ගොඩක් කාලෙක ඉඳලා, ඒවා ලංකාවේ දේශපාලන කුමන්ත්‍රණද? ඔන්න ලංකාවේ ගුවන් සේවයට එහෙම තර්ජන එනවා නම් ඒක අපේ ජාතික ආරක්ෂාවට බලපාන දෙයක්. නිකන් නැති දේවල් ඇති කරන්න එපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site