IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


කාචයට හසුනොවූ සපත්තු හොරා

2016-04-29-ent-03කලාවට සම්බන්ධ ජනප්‍රිය කැමරා ශිල්පියෙක් පසුගිය දවසක තනි සපත්තුවකුත් එල්ලගෙන බණ්ඩාරගම පැත්තෙ ඇවිදගෙන යනවා කට්ටිය දැකලා තියෙනවා.

"මොකද්ද බං සින්ඩ්‍රෙල්ලාගෙ චරිතය බාරගත්තද? කියලා මඟදි හමුවුණ මිත්‍රයෙක් අහලා. එතකොට තමයි ඔහු කතාව පැහැදිලි කරලා තියෙන්නෙ.

"මාර වැඩක්නෙ මචං. අපි හැමෝම සපත්තු සෙරෙප්පු ගලවලා තියෙන්නෙ ඉස්තොප්පුව එළිය ගෙට ඇතුළුවෙන තැන අයිනක. ගිය සතියෙ මගෙ කළු සපත්තු ජෝඩුව නැතිවුණා. හැම තැනම හොයලා බැලුවට ලැබුණෙ නැහැ. අද උදේ නැගිටලා බලද්දී මගේ දුඹුරු සපත්තු ජෝඩුවෙන් එකක් නැහැ. මම මේ යන්නේ බල්ලෙක්වත් අරගෙන ගිහින්ද කියලා බලන්න. දැන් ඉතින් සෙරෙප්පු තමයි දාගෙන එළියට යන්න වෙන්නෙ.* ඔහු කාණු, බොක්කු අස්සෙන් විපරම් කරමින් කිව්වලු.

"හොරෙක්ද දන්නෙ නෑනේ?" "පිස්සුද මචං එහෙනං තනි කකුල් හොරෙක් වෙන්නැති. අනික ගෙදර හැමෝගෙම සපත්තු සෙරෙප්පු තියෙන්දී මගේ විතරක් හොරකම් කරන්න. මම අදම යනවා මේකට විසඳුමක් හොයන්න."

"කොහෙද යන්නෙ පොලීසියටද?"

"නෑ බං කොළඹ, තව අලුත් සපත්තු ජෝඩුවක් ගන්න. හැබැයි ඒක නම් මළත් එළියෙ තියන්නෙ නෑ" ඔහු කිව්වලු.

 

DESHAYA



අදහස් (0)

කාචයට හසුනොවූ සපත්තු හොරා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 54 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 674 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 354 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site