IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කෑගලු සතිපොළ ඉල්ලා වෙළෙන්දෝ අගනුවර එති

කෑගල්ලේ පැවැති  66 වැනි නිදහස් උත්සවයේ වැඩ කටයුතු සඳහා   කෑගල්ල නගර සභාව මගින් තාවකාලිකව තමාගෙන් ලබා ගත් සතිපොළ   නගර සභාවෙන් නැවත තමන්ට නොදෙතියි පවසමින්  කෑගල්ල සතිපොළ  සංගමයේ නිලධාරීන් චෝදනා කළත් නගර සභාවෙන් එවැනි දෙයක් සිදු කර නැතතැයිද පොළ භූමිය සංවර්ධන වැඩ කටයුතු අවසන්  වු පසු නැවත ඒ අවශ්‍ය කටයුතු සුදානම් කැර දීමට සුදානම් බව ද කෑගල්ල නගරාධිපති ජී කේ සමරසිංහ මහතා මහතා කියයි.

වෙළෙන්දන් පවසනුයේ නිදහස් උත්සවයට සමගාමීව ඉවත් කළ සතිපොළෙහි කඩ කාමර 105 ක් සති දෙකක් වසා දමා ඇති බවත් මේ හේතුවෙන් තොග වශයෙන් තමන්ගෙන්  එළවළු මිලදී ගැනීමට එන වෙළෙන්දන් මෙන්ම එහි රැකියාව කරන  සේවකයින්ගේ පටන් සියළු  දෙනාම කබලෙන් ලිපට වැටී ඇති  බවයි.

මේ පිළිබඳව විසඳුමක්  අපේක්ෂාවෙන් තමන් අද ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයට පැමිණ බව හා  එහිදි බලධාරීන් හමු වී මේ පිළිබඳ පැවසු විට කියා ඇත්තේ බලධාරීන් හා සාකච්ඡා කැර දින හතරක් ඇතුලත විසඳුමක් ලබා දීමට කටයුතු කරන බවයි.



අදහස් (0)

කෑගලු සතිපොළ ඉල්ලා වෙළෙන්දෝ අගනුවර එති

විජිත Thursday, 13 February 2014 12:56 AM

රටම අවුල් ජාලයක් (දී)

:       0       0

රුවන් Thursday, 13 February 2014 01:14 AM

කෑගල්ලට වෙල තියන දේ කියන්න බය නැති අය හිටිය එක ගැන සතුටුයි.ඒත් පරිස්සමින්. පාරවල් වහල , කඩවල් කඩල දාල ,පාර්කින් නැතිකරල කෑගල්ල තනිකරම අවුලක්. ඒත් කවුරුත් කතා කරන්නෙ නැහ. නූරි වත්තේ වුනු දේ මතකයි නෙ. කෑගල්ල තනිකරම මැරයන්ට යට වුනු නගරයක්. (දී)

:       0       0

සත්‍යා Thursday, 13 February 2014 03:28 AM

ජාතික උරුමයන් කියල කිව්වත් ජාතියට උරුම වෙලා තියෙන්නේ ඇත්තෙන් ම කරුමයක්. අපි හැමදාමත් කියනවා "නිදහස" කියල වසරකට සැරයක් සමරන්නේ ජනතාවගේ ජීවත්වීමේ නිදහස උදුරාගත් පාලකයින් ඔවුනේ නිදහස් සමරන එකයි. මෙතන කරලා තියෙන්නෙත් ඒ රැවටීම පුනරුච්චාරණය කිරීමක්. (දී)

:       0       0

සලීම් Thursday, 13 February 2014 07:05 AM

කෑගලු සතිපොළ නැතිනිසා එළවලු ඇතුළු අනෙකුත් දේ ලබාගැනීමට එන වෙළෙන්දෝ සහ පාරිබෝගිකයෝ දැඩි අපහසුතාවයකට පත්වෙලා! නගරාදීපතිතුමනි ඉක්මනටම විසදුමක් දෙන්ඩ කෑගලු සතිපොළ නැතිවීමෙන් එළවලුවල මිලත් වැඩිවීමට ඉඩ ඇත.(නදී)

:       0       0

මහේෂ් Thursday, 13 February 2014 08:12 AM

නිදහස් උත්සවයක් නිසා අර අවුරුදු සිය ගනනක් පරන, පලාතටම සෙවන දුන්නු මාර ගස් දෙකම කැපුවා. දැන් වෙලෙන්දන්ට කඩත් නැති වෙලා. (නදී)

:       0       0

කපිල Thursday, 13 February 2014 11:54 AM

කෑගල්ල සති පොළ තිබ්බ විදිය මුළු නගරයටම අවලස්සනක්. වාහන තදබදය වැඩි වීමට හේතුවක්. මෙය තිබ්බ තැන නැතුව වෙන තැනකට ඉතා අලංකාර ලෙස ස්ථාන ගත කලානම් තම වඩාත් ඔබින්නේ.(දිල්)

:       0       0

අල්විස් Wednesday, 12 February 2014 07:19 PM

අයි අප්පා ජාතික උරුමයන් පිළිඹද ඇමතිවරයා මුන ගැහිලා වැඩක් තියෙනවද? මර්වින් සිල්වා ඇමතිතුමා නේද හම්බවෙන්ට තිබුණේ? වැරදි තැනටමයි මේ ගොල්ලත් යන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 73 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site