IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඕඅයිසිට කුණුහරපෙන් බැන සමාව ගනී

සිය ජංගම දුරකථනයෙන් කෙසෙල්වත්ත පොලීස් ස්ථානාධිපතිවට පරුෂ වචනයෙන් බැන වැදුණ තරුණයෙක් තමන් කළ වරද පිළිගැනීමෙන් පසු ඔහුගේ දෙපා නැමැද වැද සමාව ගන්නා ලෙසට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (25) සැකකරුට නියෝග කළේය.

එම තරුණයා කෙසෙල්වත්ත පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජේ. කේ. එස්. ජයනෙත්ති මහතා ඉදිරියට පැමිණ දෙපා නමැද සමාව ගත්තේය.

නැවතත් මෙවැනි වැරදි සිදු නොකරන ලෙසට තරයේ අවවාද කළ අධිකරණය සැකකාර තරුණයා මුඳවා හැරියේය. මෙලෙස අවවාද කර මුදා හැරුණේ ගාල්ල ඊ.සී.එස්.ලක්මාල් (19) න ම්  තරුණයාය.

 



අදහස් (0)

ඕඅයිසිට කුණුහරපෙන් බැන සමාව ගනී

පිටබැද්දර ජයා Monday, 25 April 2016 12:19 PM

හැබැයි ඉතින් ඇමතිලා මන්ත්‍රීලා බැන්නමත් දණ ගහලම සමාව ගන්න කියනවද ? (බ)

:       0       0

දිලිප් Monday, 25 April 2016 12:19 PM

එතකොට ඔය ලකුණු හම්බෙන ඒවටත් එහෙම කරනවද? (බ)

:       0       0

මිනිපෙ Monday, 25 April 2016 03:48 PM

මොනවා... වැදලා සමාව ගන්න? ලංකාවේ කතා කිරීමේ නිදහස තවම තිබෙනවා. (ර)

:       0       0

රවි රණතුංග Monday, 25 April 2016 11:09 AM

හොඳ පරිප්පුව (අ)

:       0       0

නලින් යහම්පත් Monday, 25 April 2016 11:24 AM

මෙසේ සමාව දීල අවවාදයක් කරලා අරින්න කැමති වූ ඔ.අයි. සි මහතා හොඳ කෙනෙක් වාගේ , නැතිනම් ලොකු දඩයක් හෝ සිර දඬුවමක් දක්වා යන්න තිබ්බ (අ)

:       0       0

නිමේෂ් Monday, 25 April 2016 12:11 PM

බැන්න හේතුව දන්නේ නැතුව මුකුත් කියන්න බෑ. සමහර පොලිස් කාරයන්ට කුනුහරපෙන් බැනල මදි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site