IMG-LOGO

ඔව්, මම පෙම්වතෙක්

2016-05-06-ent-12

මේ දවස්වල විකාශය වන සී.රජ නාට්‍ය හරහා සහ ඉදිරියේදී විකාශය වීමට නියමිත මෝදර බඹරා නාට්‍ය ඔස්සේ පුංචි තිරයෙන් ඔබට සමීපවන දසුන් පතිරණ සමඟයි මේ කතා බහ.

 

2016-05-06-ent-13දසුන් කොහොමද ජීවිතේ?

හ්ම්... මේ දවස් ටිකේ ජීවිතය නම් අවුලක් නැතිව හොඳින් ගෙවනවා.

 

මේ දවස්වල මොකද කරන්නේ?

මේ දවස්වල අනුරුද්ධ ජයසිංහගේ මෝදර බඹරා ටෙලි නාට්‍යයේත් වැඩ. ජැක්සන් ඇන්තනිගේ සී.රජ හිත් රඟපානවා. ඒත් එක්ක දැන් විකාශය වෙනව ටෙලිනාට්‍ය දෙකකත් වැඩ කටයුතු කරනවා. තව අලුතින් නාට්‍ය දෙකක වැඩවලට කතා කරලා තියෙනවා. ඊට අමතරව ගීතයක් දෙකක් කරගෙන ඉන්නවා.

 

දසුන් අපි පොඩ්ඩක් අතීතයට යමු?

උපන් ප්‍රදේශය මරදාන

 

ඉගෙන ගත්ත පාසල?

මරදාන කේරි කොලේජ්

 

කලාවට යොමුවෙන්නෙ පාසල් කාලයේදීමද?

ඔව්. ඇත්තටම කිව්වෙත් පාසල නිසා තමා අද මෙතන ඉන්නේ. මොකද මගේ පළවෙනි රඟපෑම, නර්තනය පාසල් වේදිකාව හරහා තමා සිදු කළේ.

 

පාසල් කාලෙන් පසුව කලා ක්‍ෂේත්‍රයට එන්නේ කොහොමද?

පාසල් කාලෙ දි මම කිසිම මොහොතක මම ගණිතය විද්‍යාව වගේ විෂයන්වලට දක්ෂතා පෙන්නුම් කළේවත් ඇගයුමට ලක් වුණේවත් නැහැ. දක්ෂතා පෙන්නුවේ නාට්‍ය හා නර්තනයට. ඉතින් O/L කරලා A/L කරන කාලේ මට අරමුණක් තිබුණේ නෑ, මොකද කරන්නේ කියලා. ඔය කාලෙදී මම මිල්ලෙ සොයා චිත්‍රපටය බලලා මහේන්ද්‍ර පෙරේරාට පිස්සු වැටිලා හිටියා. දවසක් මම දැක්කා TV එකේ මහේන්ද්‍ර පෙරේරා මෙහෙයවන ඇකඩමිය ගැන. ඒ හරහා මම අවු. 19 දී ඔහු ගාවට ගියා රංගනය හදාරන්න.

 

මහේන්ද්‍ර පෙරේරා වැනි ප්‍රවීණ දක්‍ෂ රංගන ශිල්පීන්ගේ ඇසුරෙදි ලැබුණු අත්දැකීම් ගැන කිව්වොත්?

ඔහු තුළින් තමා මම දැනගත්තෙ රඟපෑම කියන්නේ මොකක්ද, කියලා. රඟපෑම කියන්නේ විෂයක්. එය හදාරන්න ඕනේ කියලා මම හිතුවේ ඒ නිසා. මට අවුරුදු 19 වන විට ‍Film බලලා තිබුණා ඇති තරම්. ඒ වගේම මම රඟපෑම සහ නර්තනය පාසල් කාලේදී කළ නිසා නළුවෙක් වෙන්න ඕන කියලා හිතලා තිබුණා විතරයි. ඒත් දැනගෙන හිටියේ නෑ රඟපෑම මොකක්ද කියලා.

මම දැන් ජීවත් වෙන්නේ කලාව නිසා. ඒ නිසා මගේ ජීවිතයේ දෙවන උප්පත්තිය විදියට තමා මහේන්ද්‍ර අයියා මුණගැසීම හා ඔහු සමඟින් රංගනය හැදෑරීම දකින්නේ.

 

මුලින්ම ඔබට ලැබෙන්නේ මොනවගේ චරිතද?

මුලින් කියන්නේ මට අවුරුදු ගණනාවක් යනකම් චරිත ලැබුණෙ නෑ. මාව ගත්තෙත් නෑ. ටෙලි නාට්‍යවල පුංචි පුංචි රස්තියාදුකාර චරිත කිහිපයක් කරන කාලේ. අපිත් එක්කම මහේන්ද්‍ර අයියා ගාව ඉගෙන ගත්ත තිසර ඉඹුලාන "නිනෝ Live" කියලා චිත්‍රපටයක් කළා. ඒ චිත්‍රපටයේ තමයි මම මුලින්ම ප්‍රධාන චරිතය කළේ. හැබැයි ඒ චිත්‍රපටය අද වනතුරුත් තිරගත වුණේ නෑ. ඊට පස්සෙ ඒ හරහා Strar Sri Lanka සහ ආනන්ද අබේනායක කරපු අහසින් වැටුණු කියන නාට්‍යවල රඟපාන්න ලැබුණා.

 

ඔබ ශමීර රංගනගේ මෝටර් බයිසිකල් චිත්‍රපටයේ රඟපානවා. ඒ අවස්ථාව ලැබුණේ කොහොමද?

අපේ කට්ටියම 2006 දී Short Drama එකක් කළා &යූත් ෆෙස්ට්‍රිවල්* එකට. ඒ කාලේ 2006දී තමා ශමීර මට කිව්වේ දස්සා මම කවදා හරි චිත්‍රපටයක් කරනවා උඹව තමා ගන්නේ ප්‍රධාන චරිතයට කියලා. ශමීර කියන්නෙත් අපේ සමකාලීනයෙක්. කාලය ගතවුණා යාළුකම එහෙමම තිබුණා. ඊට පස්සෙ අපි අපේම වැඩක් විදියට මේ මෝටර් බයිසිකල් චිත්‍රපටය කළා.

 

දසුන් ඔබ චරිත තෝරා බේරා ගැනීමත් කරනවද?

අනිවාර්යෙන්ම එදත් එහෙම කළා අදත් එහෙමයි.

 

කොහොමද ඔබ චරිත තෝරා ගන්නේ?

විශේෂයෙන්ම මම පිටපත් බලනවා. ඒ වගේම අධ්‍යක්‍ෂවරයා කවුද කියන එකත් බලනවා. ඒ හැරුනම මම කොටස් 100 ට වැඩි නාට්‍යවල නම් රඟපාන්නේ නෑ.

 

ඇයි ඔබත් මෙගා විරෝධී කෙනෙක්ද?

නෑ විරෝධී නෙවෙයි. නමුත් මම කැමති නෑ එකම විදිහේ චරිතවලට කොටු වෙන්න. කොටස් 100 කට වැඩියි කියන්නෙම කාලයක් තිස්සෙ ප්‍රේක්ෂකයාට අපි එකම චරිතයක් බවට පත්වෙනවා. ඒ හරහා මිනිස්සුන්ට අපිව එපා වෙන්නත් පුළුවන්. ඉතිං මම එහෙම වෙන්න කැමති නෑ. අනික මෙගාවල හිටියේ නෑ කියලා අනිත් නාට්‍යවල අඩුවක් නෑ. ඒ නිසා ලැබෙන හොඳ නාට්‍ය පිටපත් ටික විතරක් කරනවා.

 

වේදිකාවට ද, පුංචි තිරයට ද, සිනමාවට ද වඩාත් කැමති?

සිනමාවට. ඒ කාලේ ඉඳන්ම.

 

සිනමා නිර්මාණ හරහා ඔබ කරන්න ආසා චරිත තියෙනවාද?

එහෙම නෑ. පිටපත කියෙව්වාම මට ඒ චරිතය දැනුණොත් මම කරනවා. චරිතය සුදු ද කළු ද කියලා මට වැඩක් නෑ. මට වැඩ දාලා කරන්න පුළුවන් නම් මම කරනවා.

 

චරිතය ප්‍රධාන ද අනු චරිතයක්ද කියන එක වැදගත් නැද්ද ඔබට?

කොහෙත්ම නෑ. මට දෙයක් කරන්න තියෙනවානම් සහ මට ඒක කරන්න පුළුවන්නම් මම කරනවා.

 

බලාපොරොත්තු තියෙන්නෙ ජනප්‍රිය නළුවා වෙන්න ද? හොඳම නළුවා වෙන්න ද?

හොඳම නළුවා වෙන්න.

 

අපි පෞද්ගලික තොරතුරු ටිකකුත් කතා කරමු. ඔබ පෙම්වතෙක්ද ඇහුවොත්?

ඔව්. පෙම්වතෙක්

 

Girl Friendගේ නම කියන්න කැමති නැද්ද?

පෙම්වතියගේ නම... දැන්ම කියන්න ඕනේ නෑ නේද? පස්සෙ කියන්නම්.

 

ඉදිරි බලාපොරොත්තු?

ලැබෙන කලා කටයුතු සාර්ථකව කරගෙන ඉන්න තමා. ඒ වගේම අගෝස්තු මාසයේ සිට ශමීර රංගන මෝටර් බයිසිකල් තිරගත වෙන්න නියමිතව තියෙනවා. ඒකේ ප්‍රවර්ධන වැඩවලට සහභාගි වෙනවා.

 

අවසන් වශයෙන් ඔබේ රසිකයින්ට කියන්න තියෙන්නෙ මොනවාද?

කියන්න තියෙන එකම දේ තමා Film බලනවා නම් TV එකෙන් බලන්න එපා. සිනමා ශාලාවට ගිහින්ම බලන්න. එතන තමා මැජික් එක තියෙන්නෙ.

 

 

අනූෂා රණසිංහ / සේයාරෑ අනුග්‍රහය - දසුන් 

 

DESHAYA

 

2016-05-06-ent-14

2016-05-06-ent-09
2016-05-06-ent-10
2016-05-06-ent-11

 



අදහස් (0)

ඔව්, මම පෙම්වතෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 33 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 626 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site