IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඔව්, දැන් මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ

2016-05-03-ent-78

ලංකාවේ සංගීත කලාවේ වෙනස්ම පැතිකඩක් විවර කරමින් දේශීය මෙන්ම ජත්‍යන්තර මට්ටම ඔබින ගීත නිර්මාණය කරන ඔහු ඉරාජ් වීරරත්න වෙයි. ඔහුගේ කලා කටයුතු පිළිබඳව අපත් සමග පැවසීමට මෙලෙස එක්කාසු විය.

 

2016-05-03-ent-77අලුත් තොරතුරු මොනවාද?

මේ දිනවල අලුතින් ගීතයක් කරගෙන යනවා. ඊළඟ මාසේ වගේ තමයි එළිදක්වන්න ඉන්නේ. ඒ ගීතය තමයි "විසේ කුරුට්ටා" එහි මියුසික් වීඩියෝව මේ දවස්වල කරගෙන යනවා. තව ඉන්දියාවේ බොලිවුඩ් මාර්කට් එකට මියුසික් වීඩියෝවක් එළිදක්වනවා. ජනප්‍රිය ගායිකා නේහා කාර්කා එක්ක තමයි මේ ගීතය කරන්නේ.

 

බොහෝ දෙනා දැන් අන්තර්ජාතික මට්ටම යන්න උත්සාහ කරනවා. මේ පිළිබඳව ඔබ දකින්නෙ කොහොමද?

ඒක තමයි වෙන්න ඕන දේ. හැමදාම අඬන ගීත කලාව සහ රිගින් ටෝන් ගීත කලාවෙන් එහාට ගිහින් මෙවැනි දෙයක් කරන්න හිතන එකත් බොහොමත්ම හොඳයි. ඉස්සෙල්ලා ගීතවලට එළියෙදි තරගයක් ලබා දෙන්න ඕනා. ඒවා තමයි ලෝකෙට යන්නේ.

 

රිගින් ටෝන් කලාව ගායක ගායිකාවන්ට වැඩක් නැති දෙයක්ද?

තේරුමක් නැති දෙයක් නෙමෙයි. බිස්නස්කාරයෝ ඇවිල්ලා සංගීතය විනාශය කරලා තියෙන්නේ. ගොඩක් රිගින් ටෝන්වලට යන කලාකරුවෝ මුදල් හිඟ තත්ත්වය උඩ කරනවා මිසක්, කැමැත්තෙන් නෙමෙයි කරන්නේ. ඒ නිසා ඒක බිස්නස් එකක් වෙලා. හැදෙන්නේ එකම සිංදු එකම තාලේ තියෙන ඒවා. මියුසික් වීඩියෝත් එකම විදිහට යන්නේ. ලංකාවේ වෙඩින් එකක් පාර්ටි එකක් තිබුණොත් නටන්න පුළුවන් ගීතයක් හැදෙන්නේ නැහැ.

 

එකම තාලය, එකම රැල්ල යන දේ තුළ ගීත බිහිවන ප්‍රමාණය වැඩිවෙලාද?

ඔව්, දැන් මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ. සංගීත සංදර්ශනවලට ගියාම අපට පේනවා ඇවිත් කලාකරුවෝ අඬන සිංන්දු කියනවා. අපි නටන සිංදුවක් කිව්වාම ඒකට කෑගහලා නටනකොට තේරෙනවා මිනිසුන්ට මොකක්ද ඕනේ කියලා. මිනිස්සුන්ට දැන විනෝදයයි ඕනේ. දැන් අඬ අඬා ඉන්න වෙලාවක් නැහැ. මොකද රටේ ඊට වඩා ප්‍රශ්න තියෙනවනේ.

 

"විසේ කුරුට්ටා" කියන ගීතය සිංහල සහ දෙමළ භාෂාවෙනුත් ගායනා වෙනවා නේද?

එහි දෙමළ භාෂාවෙන් ගායනා කරන්නේ කිෂාන් විසින්. රැප් ගායකයෙක් වන කිෂාන් එයත් ඒ සඳහා දායක වුණා.

 

මේ සඳහා දායක වූ අනෙක් අය?

නියෝ, කිෂාන් සහ ඒකේ රැප් කරනවා අලුත් රැප් ගායකයෙක්. ඒ ගීතයට මම නවකයන් ගොඩක් යොදා ගත්තා.

 

ඇයි නවයකන්ව ඔබගේ ගීත සඳහා දායක කරගනු ලබන්නේ?

නවකයන් අද ගොඩක් ඉන්නවා. ඒ අයගේ දක්ෂතා දැක්කාම එළියට දාන්න ඕනා. නැත්නම් එන්න විදිහයක් නැහැ. ඉතිං අපි කරන්නෙ ඒ අයට මාර්ගයක් හදලා දෙනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත/ඡායාරූප අනුග්‍රහය - ඉරාජ්ගේ ෆේස්බුක් ගිණුම

 

2016-05-03-ent-79



අදහස් (0)

ඔව්, දැන් මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site