IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඔටුවන් බලාගත් ආසියානුවෙකුට මර්ස් වෛරසය වැළැඳෙයි

ඔටුවන් බලාගැනීමේ නියුතු 40 හැවිරිදි විදෙස් සේවකයකුට මර්ස් වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇති අතර ඔහු මෙම වසරේදී කටාර් රාජ්‍යයෙන් වාර්තා වූ දෙවැනි මර්ස් රෝගියා වෙයි. මෙම පුද්ගලයා මර්ස් රෝගියකු සමග සබඳතා පවත්වා නොමැති අතර ඔහු පසුගිය සති දෙකක කාලය අතරතුරේදී විදෙස් ගතවී නොමැති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එසේම ඔහු සාමාන්‍යයෙන් ප්‍රතිශක්ති මර්දන රෝගවලට හේතුවන නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයකු නොවන බවද පැවැසේ.

MERS
සාමාන්‍ය රෝග ලක්ෂණ හේතුවෙන් හමාඞ් මහ රෝහලට ඇතුළත් වී ඇති මෙම පුද්ගලයාව වැඩිදුර පරීක්ෂණවලට ලක්කිරීමේදී ඔහුට ඵෑඍී-ක්‍දඪවෛරසය ආසාදනය වී ඇති බව අනාරවණය වී තිබේ. කෙසේවෙතත් මෙම පුද්ගලයා කිසිදු ශ්වසන ආබාධ රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නැත. මේ වනවිට රෝගියාගේ තත්ත්වය ස්ථාවර වන අතර ඔහුව හුදෙකලා වාට්ටුවක නේවාසිකව තබා අවශ්‍ය කරන ප්‍රතිකාර ලබාදෙන බව ආසාධිත මර්දන සහ පාලනය කිරීමේ ජාතික මූලලේඛය පවසයි.


මෙම පුද්ගලයාට මර්ස් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගත් විගසම අමාත්‍යාංශයේ ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායමක් විසින් රෝගියා සම්බන්ධකම් පැවැත්වූ සියලුම පුද්ගලයන් පිළිබඳව විමර්ශනයක් සිදුකර ඇත. මෙම සියලුමදෙනා ඉදිරි සති දෙක ඇතුළත සියුම් නිරීක්ෂණයට ලක්කිරීමට නියමිත අතර සැකසහිත රෝග ලක්ෂණ පෙන්නුම් කරන සියලුදෙනාවම විධිමත් රසායනාගාර පරීක්ෂාවකට ලක්කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.


නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන් ඔටුවන් සමග ඍජුවම සම්බන්ධවීමෙන් වැළැකිය යුතු අතර නිරන්තරයෙන්ම දෑත් සබන් දමා හොඳින් සේදිය යුතු බව අමාත්‍යාංශය පුරවැසියන්ට සහ විදේශිකයන්ට උපදෙස් දෙයි. එසේම ශ්වසන සනීපාරක්ෂාව සහ කහින විට අනුගමනය කළයුතු ආචාරධර්ම පිළිපදින ලෙසත් ඔටු කිරි හොඳින් උතුරවා බීමට ගන්නා ලෙසත් අමාත්‍යාංශය නිර්දේශ කරයි.



අදහස් (0)

ඔටුවන් බලාගත් ආසියානුවෙකුට මර්ස් වෛරසය වැළැඳෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 112 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site