IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


එස්.බී.:ලක්‍ෂ්මන් යාපා:ඩිලාන්:විජිතමුණි අවසන් විනය පරීක්‍ෂණයට කැඳවති

(ඩයනා උදයංගනී)


ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ විනය කඩකළ බවට චෝදනා එල්ල වී ඇති රාජ්‍ය අමාත්‍යවරුන් වන එස්.බී දිසානායක, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, විජිත් විජිතමුණි සොයිසා යන මහත්වරුන් අවසන් විනය පරීක්‍ෂණ කිහිපයක් සදහා ලබන 14, 15 දිනවල කැදවා ඇතැයි පක්‍ෂයේ මහ ලේකම්, කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
 
එස්.බී දිසානායක, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන සහ ඩිලාන් පෙරේරා යන මහත්වරුන් ලබන 14 වැනිදාත්, විජිත් විජිතමුණි සොයිසා මහතා 15 වැනිදාත් විනය කමිටුව හමුවට කැදවා තිබෙන බව ද මහලේකම්වරයා සදහන්  කළේය.
 
පක්‍ෂ විනය කඩකරමින් ක‍්‍රියා කළ අයට එරෙහි පරීක්‍ෂණ දිගටම සිදුවන බව ද දයාසිරි ජයසේකර මහතා කීවේය. ඔහු මේ බව පැවසුවේ කොළඹ,  ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
 
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශක්තිමත් කරමින් ඉදිරියට ගෙනයාම සදහාත් මේ වන විට පියවර රැසක් ගෙන ඇතැයි දයාසිරි ජයසේකර මහතා පැවසීය.
 
ඉදිරි මහ මැතිවරණයේදී සන්ධානයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව තරග කර ශක්තිමත් ආණ්ඩුවක් බිහිකිරීමට හා ආණ්ඩුවේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාමට අවශ්‍ය සියලූ සහයෝගය ලබාදීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අරමුණ බව මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

 ( ඡායාරූපය-ජයමාල් චන්ද්‍රසිරි) 



අදහස් (8)

එස්.බී.:ලක්‍ෂ්මන් යාපා:ඩිලාන්:විජිතමුණි අවසන් විනය පරීක්‍ෂණයට කැඳවති

Raveendra Tuesday, 11 February 2020 07:58 AM

අනේ මේ අහිංසක තොත්ත බබාලගෙන් විනයක් බලාපොරොත්තු වෙන්න බැහැනේ. ඒ නිසා ඔන්න ඔහේ ඕක අත්හැර දාන්න.

:       1       11

ජයන්ත මිලානෝ Tuesday, 11 February 2020 08:37 AM

එල්ලෙන්න වැල් නැති ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මෙතුමන්ලා විනය පරික්ෂණයකට ගියොත් පුදුමයට කරුණක්.

:       1       6

rohana kumara mendis Tuesday, 11 February 2020 09:46 AM

විනය පරීක්ෂණ සදහා කැඳවන්න යන කෙනාටත් විනයක් තියෙනවද අනේ...

:       0       7

Hafeel Tuesday, 11 February 2020 10:27 AM

එතකොට මහින්ද ඇතුළු පොහොට්ටුව නියෝජන අනිකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීලාට විනය පරීක්ෂණ නැත්තේ බය නිසාද? නැත්නම් ඇමතිකම් නොලැබේයි කියලා බයද? මහින්දලා පොහොට්ටුවේ සාමාජිකත්වය ප්‍රසිද්ධියේ ගනිද්දීත්, ඔවුන් තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීලා කියලා බොරු සහතික නිකුත් කල ඔයාලාට විනය පරීක්ෂණ නැද්ද?

:       0       65

විපරමා Tuesday, 11 February 2020 10:43 AM

තමුන්ගේ වාසියට, පැවැත්මට එහෙට මෙහෙට පනින, අනුන්ගෙ කූඩාරම් වලට රින්ගන්නෙ නෑ කියාපු ඔයා ගැනත් අපි හොන්දාකාරවම දන්නවා.

:       0       58

sampath Tuesday, 11 February 2020 11:23 AM

දත් නැතිදා උක් දඩු ගිනි තපින්නද ? තේරවිල්ල පක්ෂයක් බවට පත්වෙමින් සිටියදී මොන විනය පරීක්ෂණද ?

:       0       22

sudda Wednesday, 12 February 2020 12:35 AM

මුළු පොහොට්ටුවටම (ශ්‍රී ලංකා එකෙන් ගිය) විනය පරීක්ෂණ තියන්න වෙයි. හැබැයි ජනතා පරීක්ෂණයෙන් නම් පොහොට්ටුව පිපුනා. පුලුවන්නම් විජිතමුණි සොයිසව යුඑන්පී එකට මුද්දරයක් උඩ අත්සන් කරලා දෙන්න. හැබැයි මෙතන ෆවුසිගේ නමත් නැහැ ප්‍රසිද්ධියේ යුඑන්පී එකට සහය දීපු චන්ද්‍රිකාත් නැහැ.

:       0       0

vidya Wednesday, 12 February 2020 11:47 PM

දයාසිරි, මයුරපාද ඉස්කොලෙටත් ලැජ්ජයි. එහාට මෙහාට පනින රිලවුන් වෙනුවට ඔය ඉස්කෝලෙන් ඇති කලේ වීරෝදාර රණවිරුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31682 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14148 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11122 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 192 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1122 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 310 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site