(සුජිත් හේවාජුලිගේ )
පොලිස් අධිකාරීවරු පස්දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිලයේ රාජකාරී ඉටු කිරීමට පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් පත් කරනු ලැබ සිටිති.
සේවා අවශ්‍යතා පදනම් කරගෙන මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම පත් කිරීම කරනු ලැබ ඇත.
මේ අනුව පොලිස් අධිකාරී එස්. එච්. ඩී. ජේ චන්ද්‍රකුමාර මහතා විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයටත් පොලිස් අධිකාරී එම්. ආර් නූර්දීන් මහතා විශේෂ කාර්යාංශයටත් පොලිස් අධිකාරී වයි. ජී. ආර්. එම් රිෆද් මහතා ප්‍රවාහන කොට්ඨාසයටත් පත් කරනු ලැබූහ.
මෙයට අමතරව පොලිස් අධිකාරී කේ. බී මනතුංග ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයටත් පොලිස් අධිකාරී එම්. එච්. කේ. එස් ද සිල්වා ජයසේකර මහතා අගමැති ආරක්ෂක කොට්ඨාසයටත් මෙලෙස පත්කරනු ලැබූ බව පොලිස් මූලස්ථානය පවසයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
එස්.පීලා පහකට එස් එස් පී පට්ටම්