IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


එස්.ටි.එෆ් හිටපු සෙබළාගේ ගෙදර ගිනි අවි ගබඩාවක්

(ඉන්දිකා රාමනායක සහ ගයාන් සූරියආරච්චි)

මාතර රුවන්වැල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයකුට ඉකුත් 15 වැනිදා පස්වරුවේ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු කොස්තාපල්ගේ නිවෙසේ තිබී  උණ්ඩ විශේෂ කාර්ය බළකායේ නිල ඇඳුම් කොටස් ඇතුළු භාණ්ඩ තොගයක් එම බළකාය විසින් සොයා ගනු ලැබීය.

සොයාගත් භාණ්ඩ අතර විශේෂ කාර්ය බළකායේ කැලෑ නිල ඇඳුම් කට්ටලයක්, බූට්ස් ජෝඩුවක්, විශේෂ කාර්ය බළකායේ ලාංඡන, දණහිස් හා වැලමට ආවරණ, මිලිමීටර් නමයේ වර්ගයේ පිස්තෝල සහ වෙනත් ගිනි අවිවලට යොදන උණ්ඩ 8 ක් තිබූ බව විශේෂ කාර්ය බළකාය පවසයි.

විශේෂ කාර්ය බළකායේ තංගල්ල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (19) රාත්‍රියේ සැකකරුගේ මාතර පරමුල්ල නිවෙස පරීක්ෂා කිරීමේදී ඔහුගේ කාමරයේ තිබි මෙම භාණ්ඩ සොයාගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 18 වැනිදා විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් හෙළිකරගත් තොරතුරු මත මෙම වැටලීම සිදු කර ඇත.

සැකකාර විශේෂ කාර්ය බළකා කොස්තාපල්වරයා වැඩ තහනමට ලක්ව සිටින්නකු බව ද විශේෂ කාර්ය බළකාය පවසයි.

 



අදහස් (2)

එස්.ටි.එෆ් හිටපු සෙබළාගේ ගෙදර ගිනි අවි ගබඩාවක්

DMS Karunaratne Monday, 21 October 2024 07:50 AM

අවි ගබඩාවේ තිබුනේ මේවා විතරද ?

:       1       6

Bunny Preena Wednesday, 23 October 2024 10:09 AM

පොඩි ගබඩාවක් . එහෙම නැතිනම් මෑතකදී ආරම්භ කල ගබඩාවක් විය හැකිය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site