ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය තඹයකයට නොතකා පසුගිය 12 වැනි දා මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයේදී මාධ්‍යවේදීන් 20 ක් පමණ ප‍්‍රවෘත්ති වාර්තා කිරීමට අධිකරණයට පිවිසීම වැළැක්වීම පිළිබඳව තම සංගමයේ බලවත් අප‍්‍රසාදය පළ කරන බව ප්‍රාදේශීය හා ජාතික මාධ්‍යවේදී එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
බැසිල් රාජපක්‍ෂ මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අධිකරණ භූමියේ රාජකාරියේ යෙදී සිටි පොලිස් අධිකාරී සුදත් මාසිංහ ඇතුළු නිලධාරීන් මෙම බාධා කිරීම සිදු කොට ඇති බව මාධ්‍යවේදීහු කියති. එදින මාතර අධිකරණ පොලිස් මුරපොළේ බැසිල් රාජපක්ෂට පුටුවක් ලබාදී වාඩිකරවා ඇති බවත් ලංකාදීප පුවත්පතෙහි මාතර අධිකරණ වාර්තාකරු ජයන්ත ජයවර්ධන මහතා පුවත් වාර්තා කිරීමට අධිකරණයට ගමන් කිරීමේදී ඔහුගෙන් බෙල්ලෙන් අල්ලා එළියට දැමීමට තරම් පොලිස් නිලධාරියෙකු බලවත් වූයේ කෙසේදැයි සමස්ථ මාධ්‍යවේදින්ට ඇත්තේ ප‍්‍රශ්නයක් බවද ඔවුන් ගේ නිවේදනයේ සඳහන්වේ.
හිටපු අමාත්‍යවරයාට අධිකරණය විසින් ලබාදුන් තීන්දු තීරණ හා ගත් කි‍්‍රයා මාර්ග පිළිබඳව ජනතාවට සත්‍ය දැනගැනීමට නොහැකිවීම පිළිබඳව කිසිවෙකුත් සොයා නොබැලීම කණගාටුවට කරුණක් බවද පවසන මාධ්‍යවේදී එකමුතුව මෙම ක‍්‍රියාව සඳහා අනුබල දුන් පොලිස් නිලධාරීන් පිළිබඳව අපක්‍ෂපාතී පරික්‍ෂණයක් සිදු කොට ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන ලෙසත් මෙවැනි පහත් ක‍්‍රියා මින් ඉදිරියට සිදු නොවීමට වගබලා ගැනීම රජයේ වගකීමක් බව ද සඳහන් කරයි.
මේ පිළිබඳව සාධාරණයක් ඉටු නොකළහොත් රටපුරා විසිරි සිටින මධ්‍යවේදීන් හා තොරතුරු දැනගැනීමේ අයිතියට ගරු කරන සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් ද එක්ව ඊට විරුද්ධව දැඩි ක‍්‍රියා මාර්ගකට එළැඹෙන බව ද එම නිවේදනයෙන් දැනුම් දෙයි.
2025 දෙසැම්බර් මස 30
124
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
එස්පී මාසිංහගේ මර්දනයට එරෙහිව මාධ්‍ය සංගම් නැගිටී
සුදේශ් Monday, 16 May 2016 03:18 AM
මාසිංහ මැතිතුමනි, ඕවට සැළෙන්න එපා. (නි)
දර්ශන Sunday, 15 May 2016 03:55 PM
මේ ගැන විතරක් නෙමෙයි, බැසිල් රාජපක්ෂ කොළඹ අත්අඩංගුවට පත්වූ තැන සිට මාතරට බන්ධනාගාර රථයකින් නැතුව වායු සමීකරණ සැප වාහනයකින් අධිකරණයට රැගෙනයාම ගැනත් හොයන්න (නි)