
(අතුල බණ්ඩාර සහ උපුල් හේරත්)
අනුරාධපුර, පණ්ඩුලගම ඇඟලුම් කම්හලක සේවක, සේවිකාවන්ට සිනොපාම් එන්නත ලබාදීමෙන් පසු සේවිකාවන් පිරිසකට ආසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇත.
ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ඇඟලුම් කම්හලේ සේවක සේවිකාවන් දහසකට ආසන්න පිරිසකට එන්නත් ලබා දී ඇත. ඒ අතරින් හතළිහකට ආසන්න පිරිසකට වමනය සහ කැරකැවිල්ලක් ඇති වීම නිසා එම පිරිස රෝහල්ගත කර ඇත.
එන්නත ලබාගත් සේවක සේවිකාවන් පැය කිහිපයක් විවේකීව සිටිය යුතු වුවත් , ඔවුන් දිගටම සේවය කිරීමත් ආයතන පරිශ්‍රය වායු සමනය කර නොතිබීමත් නිසා මෙම පිරිසට වමනය හා ක්ලාන්තය හටගෙන තිබු බවයි.
ඒ සියලු දෙනා සඳහා ඇඟලුම් කම්හලේ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉඩ ප්‍රමාණවත්නොවීම නිසා ඉන් කොටසක් ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට යැවූ බව කී එම නිලධාරියා , මේ ආසාත්මිකතාවට එන්නතේ බලපෑමකින් නොවන බව කීය.



2025 දෙසැම්බර් මස 18
586
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
290
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එන්නත් ගත් ඇඟළුම් සේවිකාවෝ 40ක් රෝගී වෙති
kapila Friday, 11 June 2021 07:16 PM
මෙයට ඇඟළුම් කර්මාන්ත ශාලාවේ කළමනාකාරිත්වය වග කිව යුතුයි. අද මේ කර්මාන්ත ශාලා වල අරමුණ වී ඇත්තේ මිනිසුන් මරා හෝ වැඩ ගැනීමයි...
Nihal Friday, 11 June 2021 08:06 PM
එන්නත් කියලා මොනවා විදීද සැකයි.
මෝ Friday, 11 June 2021 08:24 PM
මේ එන්නත් ගත්තට පසු දවසක් හරි විවේකීව සිටිය යුතුයි.
nihal Friday, 11 June 2021 08:39 PM
එන්නත ගත්තත් ප්‍රතිදේහ නිපදවීම සඳහා වැඩි කාලයක් ගතවෙනවා. ක්ෂණික නුඩ්ල්ස් වගේ නෑ. ඉතින් මෙවැනි ප්‍රවෘත්ති පළකිරීම තුළින් වෙන්නේ එනන්ත ගැන පැහැදීම අඩු වෙන එක... නැති බැරිකම නිසා එන්නතට ඇති ඉල්ලුම අඩු වෙන එක වෙලාවේ හැටියට හොඳ ඇති. බොහෝ තැන්වල කිසිවැඩක් නැති පැණිය ගැනත් මීට වඩා ප්‍රශංසා මුඛයෙන් කතාකරනවා මං දැකලා තියෙනවා...
sampath Friday, 11 June 2021 11:42 PM
ඇඟලුම් කර්මාන්තය විනාශ කළේ කර්මාන්ත කරුවාමයි. මේ ළමයින්ට අපි කොයිතරම් ණය ගැතිද? කොයිතරම් ඉහළින් සලකන්න ඕනෑද? රටට විදේශ විනිමය ගේන්නේ මේ අය.. ඉතින් එයාලාට පැය කීපයක විවේකයක්වත් නෑ කියන්නේ කොයිතරම් අසාධාරණයිද?
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 12 June 2021 08:43 AM
එන්නත ලබාදීමෙන් පසු මේ සේවිකාවන්ට නිවාඩු ලබා දිය යුතුව තිබුණා. ඒත්, එසේ කොට නැහැ. කෝ කම්කරු අයිතීන්... කෝ මේ කම්කරු දෙපාර්තමේන්තු බලධාරීන් හා නිලධාරීන්... මේ අසාධාරණය පත්තරෙන් හෝ දුටුවේ නැතිද?
Sri Lanka Saturday, 12 June 2021 01:01 PM
මේක තනිකර බොරුවක්