IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


‘ එන්නත නොලැබේවි යැයි බිය වෙන්න එපා‘

(සුජිත් හේවාජුලිගේ )

එන්නත නොලැබේවියයි කිසිවකු බිය විය යුතු නැතිබවත් කොරෝනා මර්දන එන්නත ලබාදී යුතු සියලු දෙනාට එන්නත නිසි වේලාවට ලබා දීමට කටයුතු කරන බවත් කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද  හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

එන්නත්කරණය සදහා අවශ්‍ය කෙරෙන එන්නත් තොග විදේශයෙන් මිලදී ගැනීමට කටයුතු කරගෙන යන බවද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

ඇස්ට්‍රාසෙනිකා දෙවෙනි මාත්‍රාව ලබා දීම සඳහා එන්නත්  සොයා ගැනීමට ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව  රටවල් කිහිපයක් සමග  සාකච්ඡා කරගෙන යන බවත් එම එන්නත බොහෝ දුරට වෙනත් රටකින් ගෙන්වා ගැනීමට හැකියාව තිබෙන බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.

මේ අතර ස්පුට්නික් එන්නත් මාත්‍රා එක් කෝටි තිස් ලක්ෂයක් රුසියාවෙන් ලබාගැනීමට  රජය කටයුතු කරගෙන යන බව කි ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානියා ඉන් මාත්‍රා ලක්ෂ නමයක් ඉදිරි දින කිහිපයේදී මෙරටට ලැබීමට නියමිතව ඇතැයි ඇතැයිද සඳහන් කළේය .

එමෙන්ම ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ නමයක් ලබන ජුනි මස අග  හෝ ජුලි මස මුල මෙරටට ලැබෙනු ඇතැයිද  ඔහු කීවේය .

ෆයිසර් එන්නත ලබා දිය යුත්තේ එක මාත්‍රාවක් පමණක් යැයි පැවසූ ශවේන්ද්‍ර සිල්වා මහතා එන්නත්කරණ ප්‍රමාණ සැලකිල්ලට ගෙන එන්නත් ගෙන්වා ගැනීම
සිදුකරන බවද පැවසුවේය.

 



අදහස් (28)

‘ එන්නත නොලැබේවි යැයි බිය වෙන්න එපා‘

Paltha Thursday, 13 May 2021 09:19 AM

නිසි වෙලාව දැනටත් පහුවෙලා තියෙන්නෙ.

:       3       61

ana Thursday, 13 May 2021 09:30 AM

නිසි වේලාවට දෙනවා කියන්නේ තවම නිසි වේලාව ඇවිත් නැද්ද?

:       3       56

ase Thursday, 13 May 2021 10:33 AM

60 පැනපු අපට රෝගය වැළඳ මිය යාමේ ප්‍රවණතාව ඉහළ බැවින් ඔය නොඑන ඒන්නත වලට පෙර රුපියල් 5000 මිනීපෙට්ටි ආධාර ලබාදෙන ක්‍රියාවලියක් සාදන්න.

:       10       47

Nihal Thursday, 13 May 2021 11:34 AM

අනේ නෑ. කොහොම හරි මැරෙන්නේ පාරක නෙවෙයි ඇඳක කියලා මතක් වෙද්දි පුදුම සහනයක් දැනෙන්නේ.

:       8       62

Ruwan Thursday, 13 May 2021 01:14 PM

එන්නත ලැබෙනකම් කොවිඩ් හැදෙන්නේ නැතිව ඉන්නේ කොහොමද කියන එකයි බය..

:       5       57

janahitha Friday, 14 May 2021 04:33 AM

බිය නොවන්න මුහුණූ ආවරණ යොදගන්න සෑමවිටම දත් පිරිසිදු කරන්න බිය තුළින් ප්‍රතිශක්තිකරනය නැතිවෙන්න පුළුවන් ආරක්ෂා වෙන්න විසඳුම ඒය පමණයි

:       2       1

අනේමන්දා Thursday, 13 May 2021 03:28 PM

ෆයිසර් එන්නත අනිත් රටවල මාත්‍රා දෙකක් දෙන්නේ දන්නේ නැතිකම නිසාද? ලංකාවේ ඉන්න "දොස්තර" ලාගෙන් උපදෙස් නැති නිසාද?

:       0       0

දොලේවත්ත Thursday, 13 May 2021 04:28 PM

ඒ ගැන නම් ඒ හැටි බයක් නෑ ඒත් මැරිල ආයි මෙහෙම ඉපදෙයි කියල නම් බයයි

:       0       0

Demuni Uduwara Thursday, 13 May 2021 05:04 PM

අපි බය නැහැ.. ඔබ කොහොමද?

:       0       0

Akila Thursday, 13 May 2021 05:23 PM

නිසි වෙලාව පහුවෙලා දැන් මාස ගණනක් වෙනවා

:       0       0

SL Thursday, 13 May 2021 07:52 PM

කොළඹ නැවතිලා වැඩ කරන පිට පළාත්වල අයට එන්නත ගන්න ක්‍රමයක් හදන්න. ග්‍රාමසේවා මට්ටමින් එන්නත් දුන්නත්.., පදිංචි සහතික, හැඳුනුම් පතේ ලිපිනය නිසා පිට පළාත්වලින් පැමිණ කොළඹ නැවතිලා වැඩ කරන අයට එන්නත ලබාගන්න බාධක වැඩියි. කරුණාකර මේ පිළිබඳ වැඩ පිළිවෙලක් දැනුවත් කරන්න...!!

:       0       0

Swarna Thursday, 13 May 2021 09:18 PM

බොරැනේ කියන්නේ.ෆයිසර් එන්නත මාත්‍රා දෙකක් දිය යුතුයි.පලවෙනි මාත්‍රාවෙන් පසු හරියටම දවස් 21 කින් දෙවන මාත්‍රාව දිය යුතුයි.

:       0       0

Nishantha Thursday, 13 May 2021 11:32 PM

එන්නත් ගන්න මිනිසසු පෝලිමේ දවසම රස්තියාදු වෙද්දි සමහර අය හොර පාරෙන් ගහගන්නවා... දුප්පත් මිනිස්සු දවසම පෝලිමේ ඉඳට හිස් අතින් යනවා. මම නම් කියන්නේ මේක පුදිගලික රෝහල්වලටත් දෙන්න. එතකොට සල්ලි තියෙන අය ගෙවල් ගහගනී. දුප්පත් අයට තව අවස්ථාව හම්බ වෙනවා....

:       0       0

Lelwala Friday, 14 May 2021 01:31 AM

පළමු මාත්‍රාවෙන් සති 4-8 කට පසුව කෝවිඩ් සීල් (ඇස්ට්‍රා ෂෙනිකා) දෙවන මාත්‍රාව ලබා දිය යුතුය. නමුත් එය ප්‍රමාද නම් මොකද කරන්නේ?

:       0       0

සනත් වීරකෝන් Friday, 14 May 2021 02:01 AM

පළමුවැනි මාත්‍රාව විදලා සති 12 ක් පහු වුනාට පස්සෙ දෙවැනි එන්නත දුන්නොත් ප්‍රතිශක්තිය ලැබෙන්නෙ පළමුවැනි මාත්‍රාවෙන් ලැබෙන ප්‍රමාණයම වන අතර ප්‍රතිශක්තිය පවතින්නෙත් සති 12 කාලයක් පමණයි. නමුත් සති 10 - 12 අතර කාලය තුලදී දෙවැනි එන්නත දුන්නොත් ප්‍රතිශක්තිය දෙගුණයකින් විතර වැඩිවෙලා අවුරුද්දක් විතර දිගු කාලයක් පවතිනවා.

:       0       0

Mangala Friday, 14 May 2021 02:14 AM

සමහර කොමෙන්ටු දැක්කාම කණගාටුයි. නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදලා පුළුවන් හැම වෙලාවෙම ගෙදර හිටියානම් කාටවත් ඇඟිල්ල දිගු නොකර වෛරසයෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. ආණ්ඩුව රට වැහුවේ නෑ කියලා අපි එළියට ගිහින් වෛරසය බෝ කරගෙන හරියන්නේ නෑ.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Friday, 14 May 2021 02:17 AM

අපෝයි ඔව්. මොනවා කියනවද ඒ ගැන නම්. දැන් කාට කාටත් අතීතය අමතකයි වගේ. ඒත්,අපට මතකයි ඒ දිනවල පාර්ලිමේන්තුවේ විපක්ෂෙ උදවිය ඉක්මනින් එන්නත ගේන්න කියා කොච්චර කිව්වාද? සත පහකට ගණන් ගත්තේ නැහැ. ධම්මික පැණි, මුට්ටි පාකිරීම වගේ දේවල් වල එල්ලී කොවිඩ් වසංගතය ගැන සුළුකොට හිතුවා. සංචරණ නීති හරිහැටි දැම්මේවත් නැහැ. මේ රටේ සැබෑ බුද්ධිමතුන් මොනතරම් කරුණු කාරණා පෙන්වා දුන්නද? සත පහකට ගණන් ගත්තේ නැහැ. ඒත්, දැන් නම් කට්ටිය හොඳටම බය වෙලා වගේ පේන්නේ. මොනවාට බෙහෙත් තිබුණත්,මෝඩකමට බෙහෙත් නැහැයි කියනවානේ.

:       0       0

jayath Friday, 14 May 2021 02:37 AM

ඔබතුමා ගෞරවනීය යුද සෙබලෙක්. කුහකකමක් නැතිව කව්රුත් එක පිළිගන්න ඕන. නමුත් පහුගිය දවස් වල ඔබතුමා කියපු කරපු දේවල් බැලුවම ඇතිවෙන්නේ කණගාටුවක්. හැබැයි ඉතින් ඒකට පැහැදිලි හේතු තියනවා. නමුත් මිනිස්සුන්ව අද කාලේ බොරු කියලා රවට්ටන්න අමාරුයි. අපි පළමු මාත්‍රාව ගතපු අය විදියට ඔබතුමාගේ වචනේ විශ්වාසකරලා බලන් ඉන්නම් - අනිකුත් උදවිය ගැන විශ්වාසයක් නැති උනත්

:       0       0

sasa Friday, 14 May 2021 04:28 AM

ෆයිසර් එන්නත ලබා දිය යුත්තේ එක මාත්‍රාවක් පමණක් යැයි පැවසූ ශවේන්ද්‍ර සිල්වා මහතා

:       0       3

de silva Friday, 14 May 2021 06:08 AM

අපි මුලින්ම අධිවේගී මාර්ග, ශාරීරික සුවතා මධ්‍යස්ථාන හදලා දේශපාලකයන්ට යන්න අලුතින් හෙළිකොප්ටරුත් ගෙන්නලා ඉවර වුණාට පස්සේ එන්නත් ගෙන්වමු. දේශපාලකයන්ගේ, දොස්තරලාගේපවුල්වල මිනිස්සුන්ට කොහොමත් එන්නත ගැහුවා. අනිත් මිනිස්සු මැරුණත් ආණ්ඩුවට කමක් නැහැ. ගජමිතුරන්ගේ කොරෝනා ගරානාව එන්නත් ගැහුවොත් කරන්න ලැබෙන්නේ නැහැ. ආණ්ඩුව ප්‍රශ්න වහගන්න, කොරෝනාව හිඟන්නාගේ තුවාලයක් කරගෙන. අපට ඔබතුමාගේ බොරු අහලා එපාවෙලා..

:       0       5

Rata Perata Friday, 14 May 2021 06:11 AM

ලොක්කටම හරියන කෙනෙක්... කයිවාරු විතරයි. බයවෙන්න එපා කියන්නේ ඕක ගෙදර හදනවාද රටට ඇති වෙන්න.

:       0       4

Deepal Nirosh Friday, 14 May 2021 06:20 AM

අපිට නම් හමුදාපතිතුමා එහෙම බයක් නැහැ, බය සැක තියෙන්නෙ එන්නත ගන්න දවසට පැය කීයක් නැත්නම් වරුවක් නිකරුණේ පෝලිංවල සිටගෙන ඉන්න වේවි ද කියලයි. අනවශ්‍ය කලබලයක් නැතුව ප්‍රදේශ අවදානම අනුව ක්‍රමානුකූලව පිළීවලකට ජනතාවට ලබා දෙන්න.

:       0       0

Panic රට වැසියා Friday, 14 May 2021 06:58 AM

ඇත්තෙන්ම හමුදාපති තුමා මේ කියන්නේ බිම් මට්ටමේ තත්වය දැනගෙන දැයි පැහැදිලි නැත. මේ වෙන විට රටේ තැන් කිහිපයක මෙම එන්නත ලබා දෙති. ඒ ක්‍රමය ඉතාම අසංවිධානාත්මකය, දැඩි අනතුරු දායක තත්වයක් ඇත, මනුෂ්‍යත්වයෙන් තොරය, "දෙන්න ඕන නිසා දෙනවා වැනිය" - වැක්සින 1000 ක් පමණ තිබෙන තැනකට ජනතාව 15000 පමණ රැස් කරවති, එය කරන්නේ ඒවා සංවිධානය කරන නිලධාරීන්ය!. සමහරු පාන්දර 5 සිට පොලිමේ සිටිති. දහවල් 1 - 2 පමණ වෙලාවක් රැඳි සිටි බොහෝ දෙනා ආපසු හැරි යති!

:       0       0

Mangala Friday, 14 May 2021 06:59 AM

ඔබතුමාට කව්රු හරි වැරදි තොරතුරක් දීලා තියෙන්නේ.

:       0       0

de silva Friday, 14 May 2021 11:05 AM

අමාරුවේ වැටිලා ඉන්නේ වේලාවේ නිකන් විහිලු නොකර ඉන්න මහත්තයෝ

:       0       2

සෙනෙවිරත්න Friday, 14 May 2021 02:15 PM

පරලෝකෙදිද විදගන්න වෙන්නෙ? බල්ලන්ගේ වැඩේ බූරුවො කරන එකම රට කොහේද?

:       0       3

Mangala Saturday, 15 May 2021 06:04 AM

අවුරුදු කන කොට හිතුවා නම් මෙහෙම වෙන්නේ නෑනේ.... රෙදි පෝලිමේ ඉන්න කොට වගේනේ...

:       0       1

දේශාන් සුලක්ෂණ Friday, 10 September 2021 09:16 PM

දෙනවනම් හැමෝටම ෆයිසර් දීපිය.මොකක්ද මේ කරන වැඩේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 561 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2265 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1700 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site