IMG-LOGO

එජාප වෙන්නප්පුව නාම යෝජනා සිරිකොතේ තාප්පය උඩ

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට තරග වැදිම සදහා සැකසු අපෙක්ෂක නාම යෝජනා පත්‍රය සිරිකොත පක්ෂ මුලස්ථානයෙ අමතක වී පැමිනීමෙන් අදාල නාම යෝජනා භාර දීමට හැකි වි නැති බව කියයි.

ඒ හේතුවෙන් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට මෙවර පළාත් පාලන මැතිවර්ණයෙදී එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමට අවස්ථාව අහිමි වි තිබේ.

නාම යෝජනා භාර ගැනිම අවසන් වු 21 දිනයෙ මෙම නාම යෝජනාව භාර දීමට පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලට වෙන්නප්පුව ආසන සංවිධායක සරත් බරන්පොල මහතා පැමිණි විට එය එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයෙ අමතක වී ඇති බව තහවුරු වීය.

කෙසේ වෙතත් මෙම නාම යෝජනා අමතක වී තිබිම ගැන එම දිස්ත්‍රික් ලේකම් කාර්යාල අසල රැදි සිටි වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට තරග වැදිමට සුදානමින් සිටි එජාප අපෙක්ෂකයින් පිරිසක් සරත් බරන්පොල මහතාට බැන බදිමින් උණුසුම් තත්වයක් ඇතිවිය.

දැන ගැනිමට හැකිවුයේ මෙම නාම යෝජනා පත්‍රය සිරිකොත පක්ෂ මුලස්ථානයෙන් එළියට රැගෙන ආ නමුත් එහි තාප්පයක් මත තබා කිසියම් කටයුත්තක නිරත වී ඇති බවත් පසුව එය ලබා ගැනිමට අමතක වී ඇති බවයි.

කෙසේ වෙතත් මේ පිළිබදව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බංඩාර මහතාට අවස්ථා කිපයක් ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබා ගත්තද එය ක්‍රියාත්මක නොවිම හේතුවෙන් අදාල පිළිතුර ලබා ගැනිමට නොහැකි විනි.

 



අදහස් (12)

එජාප වෙන්නප්පුව නාම යෝජනා සිරිකොතේ තාප්පය උඩ

සුරංග Sunday, 22 January 2023 12:34 PM

ඔහොම අපේක්ෂකයින් හරි කල්පනාකාරීව කටයුතු කරන්නේ නැත්නම් ඔවුන් වැඩක් නැහැ.. කොහොමත් ලංකාවේ දේශපාලුවන් වැඩ කරන්නේ, තීරණ ගන්නේ බඩගිනි වුණාම උයලා තියෙන්නේ මොනවද කියලා බලනවා වගෙයි... උයන්න අවශ්‍ය දේ තිබේද? ඒවා ගන්නේ කොහොමද බලන්නේ නැහැ.. අවශ්‍ය වේලාවට අවශ්‍ය පරිදි තීරණ ගැනීමට නොහැකි අයට ඡන්දය දීමෙන් තමයි රටට විනයක් වුනේ...

:       2       34

Dharmatileke Sunday, 22 January 2023 12:34 PM

නාම යෝජනා තාප්පෙ උඩ... ඡන්දෙන් පස්සේ අලියා කොට උඩ...

:       3       50

C.K.Lankaputhra Sunday, 22 January 2023 12:39 PM

සාදු සාදු සා......දු...!

:       3       29

ලසන්ත Sunday, 22 January 2023 12:53 PM

ඇත්තටම අපි පව්...! උන්හිටි තැනුත් එක්ක රටත් අමතක වෙලා යයිද මන්දා? රට කරවන්නේ මේ අයගේ නායකයෝනේ ඉතින්...

:       2       33

Sunil Sunday, 22 January 2023 12:59 PM

තමන්ගේ නාම යෝජනාවන්වත් නිසි පරිදි බාරදීමට නොහැකි පක්ෂයකටද රටේ අනාගතය බාර දෙන්නේ...?

:       3       42

සකලගුරු Sunday, 22 January 2023 01:22 PM

ධර්මසේන හිමියන්ගේ සද්ධර්ම රත්නාවලියේ උපමාවක් තියෙනවා ආඳා යවලා වල්පත ගත්තා සේ කියලා... මේකත් ඒ වගේමයි. මොකද නාමයෝජනා බාරදීමට තිබුණේ එක දවසක් නොවෙයිනේ... ඇයි නාමයෝජනා දීමට අවශ්‍යතාව තිබුණා නම් කල් ඇතිව බාරදීමට කටයුතු නොකළේ කියලා අහන්න කැමැතියි... මුලින්ම දිනයේ නාමයෝජනා දුන්නා නම් ඔහොම දෙයක් වෙන්නේ නැහැ රටේ වෙලා තියෙන්නේ... ඕකම තමයි බලන්න සංවර්ධන ව්‍යාපෘති සියල්ලම පටන් ගන්නේ අවුරුද්දේ අවසන් කාර්තුවේ තමයි... ඉතින් ව්‍යාපෘතියත් නැහැ රටේ මුදලුත් නැහැ...

:       2       20

කල්පනා Sunday, 22 January 2023 03:01 PM

කවුරු හෝ නොසැලකිල්ලෙන් වැඩක් අතපසු කළොත් කියන්න අලුතින් උපමාවක් හැදිලා තියෙනවා... එජාප මහලේකම් වෙන්නප්පුවට නාම යෝජනා ගෙනගියා වගෙයි කියලා...

:       0       20

Prabha Sunday, 22 January 2023 03:11 PM

ඇප මුදල යන්තම් බේරුණා...

:       0       17

චුන් පාන් Sunday, 22 January 2023 05:19 PM

පරදින බව දන්න නිසා කරපු මගඩි වැඩක් වෙන්න බැරිද?

:       0       14

Jagath Sunday, 22 January 2023 06:08 PM

ඒක එහෙම වෙච්චි එක හොඳයි. කොහොමත් ඇපත් නැති වෙනවනේ. දැන් ඉතිං ලැජ්ජාවෙන් බේරෙන්න පුළුවන්...!

:       0       9

Bandara Sunday, 22 January 2023 09:48 PM

ඕක බාරදුන්නත් එක ආසනයක් වත් ගන්න බෑ. රනිල් බරන්පොල මහත්තයට ස්තුති කලාලු.

:       0       0

Demuni Uduwara Monday, 23 January 2023 04:27 AM

නායකයාව අනුගමනය කරන්න ; ඔහු මුලින්ම කළ යුත්තේ කුමක්දැයි නොදනී!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 504 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site