ආර් චිත්‍රා (37) විදේශ ගතව රැකියාවක් කරමින් සිට මීට වසර එක හමාරකට පමණ පෙර නැවත ගම රට පැමිණියේ සිය ගම්මානයේ වූ මහා ඛේදවාචකයක් ආරංචිවීමෙන් පසුවය. 2014 ඔක්තෝබර 29 වැනි දා මීරිය බැද්ද නාය යෑම සිදුවූ ස්ථානයට අඩි 75ක් පමණ ඔබ්බෙන් ඇගේ නිවස පිහිටා තිබේ. නාය යෑමත් සමග ඇගේ පවුලේ උදවියට ද එම නිවසින් ඉවත්ව යන ලෙස දැනුම් දුන්නද ඉඩමක් හා නිවසක් නැත නිසා ඉන්න හිටින්න තැනක් නැතිව අවදානම් නිවසටම වී මරණ බයෙන් දරුවන් සමග ජීවත් වන බව චිත්‍රා කියන්නීය.
2014 ඔක්තෝබර 29 වැනි දා හල්දුම්මුල්ල කොස්ලන්ද මීරියබැද්ද නාය යෑමෙන් ලයින් නිවාස 64ක් පමණ වැළලී ගිය බවත්, 37ක් මරුමුවට පත්වූ බවත් දිසාපති කාර්යාලයය කියයි.
‘අපේ ගෙවල් දොරවල් පැලිලා. රට ගිහින් හම්බ කළ හැම සතයක්ම සැරෙන් සැරේ ගේ අලුත්වැඩියා කරන්න වියදම් වුණා. මේ දවස්වල හොඳටම වහිනවා. ළමයින් එක්ක පණ බයේ ගෙදරට වෙලා ඉන්නේ. ළමයින් තුන්දෙනා ගෙදර තනි කරලා රස්සාවකට යන්නත් බවයි. කොයිවෙලේ නාය යයිද දන්නේ නෑ.‘ යැයි චිත්‍රා පැවසුවාය.
කොස්ලන්ද ශ්‍රී ගනේෂා හින්දු විද්‍යාලයය අසලින් ඉහළට ඇති මාර්ගයේ කිලෝමීටර හතරක් පමණ ගිය විය මීරියබැද්ද නාය ගිය ස්ථානය හමු වෙයි. මීරියබැද්දේ පවුල් සෞඛ්‍ය සේවිකාවගේ නිවස තිබූ තැනින් පස්වලට යටවී තිබූ මාර්ගය දැන් පාදා ඇති අතර එතැන් සිට කිලෝමීටරයක් පමණ කන්ද උඩට ගිය විට ඉරිතැලූ පාළුවට ගිය මීරියබැද්ද කණිෂ්ට විද්‍යාලයය පිහිටා තිබේ. ඒ අසලින් නිවාස කිහිපයක් සහ ලයින් කාමර පේලිය තිබේ.
මීරියබැද්ද නාය ගිය දිනවල මෙම නිවාස වල වැසියන් ඉවත් කර කොස්ලන්ද ගනේෂා පාසලට යැවූ බවත්, ඉන් පසු ඥාති ගෙදරකට ගොස් සිටි බවත්, මාසිකව පවුලේ වියදමට රුපියල් 700ක් දුන් බවත්, එම මුදල දික කිහිපයකට පමණක් ප්‍රමාණවත් වූ බවත් මීරියබැද්ද අවධානම් කලාපයේ ජීවත් වන වේලු අන්නදොරේ (38) කීවේය.
‘අපට විදුලිය නෑ. අවධානම් පැත්තක් කියලා විදුලිය විසන්ධි කරලා. මේ ප්‍රදේශයේ පවුල් 32ක් ඉන්නවා. සමහරු වෙනත් පැතිවලට ගියා. අපට ඉඩම් ගන්න ගෙවල් හදන්න සල්ලි නෑ. අපි කොහේ යන්නද?‘ වේලු පැවසීය.
නාය යෑමේ ප්‍රශ්නවලට අමතරව අලි ප්‍රශ්නවලටද මුහුණ දීමට සිදුවී ඇතැයි වීරමලෙයි පාඬියරාජා (39) කියයි.
ඔහු කියනුයේ සවස හයෙන් පසු ප්‍රදේශයට අලි එන බවයි.
‘නාය යයි කියලා බයේ ඉන්න අපිට දැන් අලින්ගෙනුත් බේරෙන්න වෙලා.‘ යැයි පාඬියරාජා පැවසීය.
තිස් දෙහැවිරිදි රාමලිංගම් ද පදිංචිව සිටිනුයේ එම ලයින් කාමරවලය. මීරියබැද්ද යාන යෑම ගැන සිය අත්දැකීම විස්තරකරමින් ඔහු කීවේ එදා තමා බේරුණේ අනූ නවයෙන් බවයි.
‘කලින් දවසේ මා යන විට පාර පැලිලා තිබුණා දැක්කා. පහුවදා උදේ පැළුම් විශාල වෙලා තිබුණා. ගමේ කොල්ලෝ කිව්වා ඉක්මනින් මෙතැනින් අයින් වෙලා යමු කියලා. මා දුවලා ලැයිමට ආවා. එද්දිම විශාල ශබ්දයක් එක්ක නාය ගියා. අපි සිටි තැන සිට අඩි 75ක් පමණ දුරින් තමයි නාය ගියේ. අපට යන්න තැනක් නැති නිසා ලයින් කාමරවලම ඉන්නවා. අපට ඉන්න ගෙවල් දුන්නා නම් හොඳටම ඇති.‘ යැයි රාමලිංගම් කීවේය.
මේ ගැන කළ විමසීමකදී බදුල්ල අපදා කළමනාකරණ නිලධාරී එම් එල් යූ කුමාර මහතා පැවසුවේ නායයෑමේ අවධානමක් ඇති ප්‍රදේශවල පිරිසට සහන සැලසීමට කටයුතු කරමින් සිටින බවයි.
‘‘බදුල්ල කඳු වැඩි ප්‍රදේශයක්. හොඳ ඉඩම් සෙවීම ලේසි නෑ. එවැනි බාධා මැද අපි මේ පිරිස් ගැන හොයා බලනවා. ඔවුන්ට සහන සලසන්න ක්‍රියාත්මක වෙනවා.‘‘ යැයි ද කුමාර මහතා කීවේය.
2025 දෙසැම්බර් මස 30
65
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘එක පැත්තකින් නාය යනවා : අනිත් පැත්තෙන් අලි කරදර‘
වසන්ත Friday, 22 April 2016 02:51 AM
අජිත් කියන දේ හරියටම හරි (නි)
දුලසිරි පෙරේරා Thursday, 21 April 2016 03:23 AM
මේ ප්‍රශ්න දෙකටම වනාන්තර එළිකිරීම බලපානවා. (ර)
සේන Wednesday, 20 April 2016 03:39 PM
අපේම අය අසරණ වෙලා කවුද බලන්නේ? (බ)
අබේරත්න Thursday, 21 April 2016 05:02 AM
ඔය මිනිස්සුන්ගේ කෑම වගේද අපේ මන්ත්‍රී තුමාලගේ සුඛ වින්දනය.(බ)
ජයනාත් Thursday, 21 April 2016 03:58 PM
අහෝ යහපාලනය ..! ඉහළ සිට පහළට නිලධාරීන් සියල්ලෝම බොරුවට නිදි .!. ඇහැරවන්න ලෙහෙසි නැහැ. දුගියන්ට දුබලයනට තමයි මේ සේරම විපත්. (නි)
යසපාල Thursday, 21 April 2016 11:19 PM
පවු දෙයියනේ අහිංසක මිනිස්සු! (නි)
විජේ Thursday, 21 April 2016 11:19 PM
මෙයාලගේ ලේ දහදිය වලින් තමා අර කට්ටිය සැප කාර් වල යන්නේ. මේ අයත් ඉතින් නැවත නැවතත් ඔවුන්ටමනේ ඡන්දෙ දෙන්නේ. ඉතින් කාටද ගහන්න ඕනෑ? (නි)
අජිත් Wednesday, 20 April 2016 08:55 PM
මේ අයට මාසික වියදමට 700යි. අපේ මන්ත්‍රී කෙනෙක්ගේ කාර් එකක වටිනාකම ලක්ෂ 400යි. නියමයි නේද? (නි)