IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ලංකාවට අත දෙයි

(අංජුල මහික වීරරත්න)

තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ප්‍රතිඥා දී තිබෙි.

තිරසර සංවර්ධන ඉලක්ක අය වැයට එක් කිරීම පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයන් මෙි බව සඳහන් කර ඇත.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, පරිසරය සහ තිරසාර මූල්‍යකරණය පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආනන්ද මලවිතන්ත්‍රී යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නියෝජනය කරමින් එහි නේවාසික නියෝජිත Azusa Kubota , අයවැය ලේඛන උපදේශක Asif Shah, ඒකාබද්ධතා විශේෂඥ දුලානි සිරිසේන මෙනවිය සහ ප්‍රතිපත්ති, පර්යේෂණ සහ නියැලීමේ සහකාර Afraa Mohamed යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

 



අදහස් (1)

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ලංකාවට අත දෙයි

ගජමෑන් Tuesday, 07 February 2023 10:45 AM

ලෝකයේ බොහෝ ජාතීන් ලංකාවට ආධාර උපකාර කොතෙක් කරනවාද. ඒත් බලන්න සුනාමි ආධාර කොපමණ ලැබුනද.එකෙක් තනිවම කෑවා තව එකෙක් කාපු එකාගෙ කට සෝදා පිහදාලා ඌ ඒවා කාලම නැහැ කිව්වා .එහෙම මෑතකදී ඇමතියෙක් කිව්වා. කුඹුරු වැඩකල ගොවීන්ට දෙන්න විදේශයකින් ලැබුණු ආධාරයක් ඔක්කොටම බැංකු ගිණුම් හරහා දෙනවා කියලා,ඒක කියලා මාස දෙකක් විතර වෙනවා. තවමත් නැහැ. ඔය ලැබෙන ඒවටත් සුනාමි ආධාර වලට වෙච්ච දේම වෙන්න පුළුවන් .මෙහෙම ගසා කෑ එවුන්ට Not the King කාළකණ්නියෝ කියලා තමයි කියන්න වෙන්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site