IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


උසස් පෙළ හපන්නු

හොරණ තක්ෂිලා විද්‍යාල මධ්‍යම මහා විද්‍යාලයේ සිසු දෙදෙනෙක් අපොස උසස් පෙළ විභාගයෙන් දිවයිනෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූහ. තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය හා ජෛව තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය එසේ දිනාගෙන ඇත.

 

ඉන්ජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථාන

(අඟුරුවාතොට මංගල එදිරිසිංහ)

මෙවර අපොස උසස් පෙළ විභාගයෙන් ඉන්ජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථාන දිනාගැනීමට හොරණ තක්ෂිලා මධ්‍යමහා විද්‍යාලයේ  කුඩා ලියනගේ අවිශ්ක චානුක ශිෂ්‍යයා දිනාගත්තේය.

අද නිකුත් වූ ප්‍රතිඵල අනුව ඔහු ඉසෙඩ්කෝර් අගය 3.5583කි. බණ්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේ පදිංචි  අවිශ්ක වැල්මිල්ල ශ්‍රී සාරාලංකාර මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ද, බණ්ඩාරගම ජාතික පාසලෙන්  අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියේය. අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ඨ සාමාර්ථයක් ලබා  හොරණ තක්ෂිලාවට ඇතුළත් විය.

 


 

ජෛව තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථාන

(මංගල එදිරිසිංහ)

මෙවර අපොස උසස් පෙළ විභාගයෙන් ජෛව තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථාන දිනාගැනීමට හොරණ තක්ෂිලා මධ්‍යමහා විද්‍යාලයේ  සුසික සඳසර ශිෂ්‍යයා දිනාගත්තේය.

ඔහු ලබාගත් ඉසෙඩ්කෝර් අගය 3.0049කි. දකුණු කළුතර පදිංචි සුසික කළුතර තිස්ස විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු උසස් පෙළ සඳහා හොරණ තක්ෂිලා විද්‍යාලයට ඇතුලත් විය.

 

 

 

 



අදහස් (10)

උසස් පෙළ හපන්නු

Lakmal Tuesday, 04 May 2021 03:14 PM

එන්න එන්නම කොළඹ පාසල්වලින් පිට දක්ෂයින් බිහිවීම වැඩි වෙනවා. ශිෂ්‍යත්වය පාස් වෙන ගමේ දරුවා කොළඹට එවන්නේ නැතුවෙ ඒ දිස්ත්‍රික්කයෙ හොදම පාසලට යවන්න. පොඩි දරුවො අම්ම තාත්තගෙන් වෙන් කරලා නේවාසිකාගාරවල නවත්තන එක දරුවට කරන අසාධාරණයක්.

:       0       18

RaveendraWednesday, 05 May 2021 08:02 AM

ඇත්තෙන්ම ඔබගේ අදහස් අප අගය කරන්නෙමු. එමෙන්ම වැඩි පිරිසක් කිසිවිට නොහිතන පැත්තක් පිලිබදව ඔබ අදහස් දැක්වීමෙන් කොළඹින් බැහැර ප්‍රදේශවල දෙමාපියනට වැදගත් පණිවිඩයක් ලබාදී ඇත. විභාගයට පෙනීසිටි සමත් අසමත් සැමට සුබ අනාගතයක් පතන්නෙමු.

:       0       3

AselaWednesday, 05 May 2021 08:02 AM

Mr. ලක්මාල්, ඔබතුමාගේ අදහසට එකග වීමට අමාරුයි. හේතුව මේ පුතාලා අතිදක්ශයින්. මේ පුතාලාගේ පාසලෙන් විශ්වවිද්‍යාලයට යන ලමයින් සංඛාව අඩූයි. (Quantity එක) නමුත් කොලඹ පාසල් වලින් විශ්වවිද්‍යාලයට තේරී පත්වෙන සංඛාව ගොඩක් වැඩියි. බොහෝ දෙමාපියන් තමන්ගේ දරුවන් කොලඹ පාසල් වලට ඇතුලත් කරන්නට උත්සාහ කරන්නේ මේ හේතුව නිසාමය.

:       5       0

Demuni Uduwara Tuesday, 04 May 2021 05:16 PM

සුබ පැතුම් අපේ රටේ දරුවනේ

:       0       15

මැක්ස් Tuesday, 04 May 2021 05:26 PM

කොළඹ පැරද වූ ගමේ කොල්ලනි, ඔබට අපේ ආචාරය! සුබ අනාගතයක්!

:       2       13

චින්තක Tuesday, 04 May 2021 05:29 PM

අපගේ උණුසුම් සුභ පැතුම් දරුවනේ. ඔබට ජයෙන් ජය අත්වේවා. තෙරුවන් සරණයි.

:       0       13

L Wednesday, 05 May 2021 01:35 AM

සුබ පැතුම් ඔවුන්ගේ ඉදිරි ගමනට

:       0       13

Nihal Dharmatileke Wednesday, 05 May 2021 04:54 AM

ගෝලීය තරගයේ කාරියට ශ්‍රී ලංකාවෙන් නියෝජිතයෝ..., ජයවෙවා...!!!

:       0       3

fairoos Wednesday, 05 May 2021 07:01 AM

සුබ පැතුම්...!!!

:       0       4

pakeer Wednesday, 05 May 2021 10:44 AM

ඉගෙන ගන්න එකා කොහේ ගියත් ඉගෙන ගන්නවා. ඒක උපතින් ගේන දක්ෂතාවයක්... ඉගෙන ගන්නේ නැති අයට තමයි ප්‍රසිද්ධ ඉස්කෝල ඔනේ... හොද කන්ටෑක්ට්ස් හදාගෙන එතැනින්වත් උඩට එන්න. තක්සලාව කියන්නේ හොදම ඉස්කෝලයක්... එහෙට ගන්නේ 5 ශිෂ්‍යත්වය ඉහළින්ම පාස් අය විතරයි. ඉතින් අනිවාර්යයෙන් මෙ අය ගොඩ යනවා. කොළඹ ගොඩක් පාසල් එහෙම නොවෙයි. වැඩ බැරි, වැඩ පුළුවන් හැමෝම ඉන්නවා.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 912 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1002 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 397 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site