IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘උසාවිය මාධ්‍ය තහනමක් පනවා නෑ‘

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මාතර උසාවියට රැගෙන ආ අවස්ථාවේ මාධ්‍යවේදීනට මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනවිය කිසිම තහනමක් නොපැනවූ බව වාර්තාවේ.

මහේස්ත්‍රාත්වරිය පොලිසියට උපදෙස් දී ඇත්තේ රූපවාහිනී කැමරා උසාවියට රැගෙන නොආයුතු බවයි.

මාතර පොලිස් අධිකාරී සුදත් මාසිංහ උසාවියේ ගේට්ටුද වසා මාධ්‍යවේදීනට තහනමක් පනවා තිබිණි. මේ ගැන මාධ්‍යවේදීහු දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට පැමිණිලි කළහ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් මාසිංහගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ අධිකරණ ශාලාවට මාධ්‍යවේදීනට ඇතුළුවීමට නොදෙන ලෙස අධිකරණ නියෝගයක් පනවා ඇති බවයි.



අදහස් (0)

‘උසාවිය මාධ්‍ය තහනමක් පනවා නෑ‘

උපාලි Thursday, 12 May 2016 04:00 PM

අධිකරණ නියෝගය වරදවා වටහා ගැනීමක් වෙන්න ඇති. (බ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 13 May 2016 07:42 AM

හිතලා බලනකොට මේ පොලිස් අධිකාරීවරයා ඇදගෙන නාගත්තේ එයාගේම උවමනාවටනේ. (නි)

:       0       0

සත්‍යයා Thursday, 12 May 2016 08:46 PM

අනේ පොලිසියට අධිකරණ නියෝග තේරුම් ගන්න බැරිද? ශ්‍රී ලංකාවේ බලවත් සමහරුන්ට පොලිසියත් බය වගෙයි පෙනෙන්නේ. (නි)

:       0       0

රංග Thursday, 12 May 2016 08:57 PM

පොලිසිය කරන්නෙම කොහෙත්ම අදාළ නැති දේවල්. අරෙහේ හොයාගන්න ප්‍රශ්න ගොඩගැහිලා, මෙහෙ එනවා මාධ්‍යය නවතන්න! (නි)

:       0       0

නලින් Friday, 13 May 2016 08:20 AM

පොලිස්කාරයා හිතාගෙන ඉන්නවා ඇත්තේ පරණ කට්ටිය ළඟදීම එයි කියලනේ. එහෙම ආවොත් ඇඳගෙන නෑවට පාඩු නැහැනේ. පොලියත් එක්ක හොයාගන්න පුළුවන්නේ. (බ)

:       0       0

ජයන්ත Thursday, 12 May 2016 11:58 PM

නඩුකාරතුමිය එවැනි ප්‍රකාශයක් කළා නම් මාධ්‍යවේදීන් එම ප්‍රකාශයට ගරුකළ යුතුයි. (නි)

:       0       0

සමන්ති Friday, 13 May 2016 12:39 AM

සැකකටයුතු පුද්ගලයෙකු උසාවියට ඉදිරිපත් කිරීමේදී මහජනයාට පුවතේ විස්තර කෙසේවෙතත් සාධාරණය නම් බලාපොරොත්තු වෙනවා (නි)

:       0       0

ටෙෂාන් Friday, 13 May 2016 01:07 AM

මේ ගැන පරීක්ෂණයක් පවත්වනවා නම් අපි කැමතියි (නි)

:       0       0

විජේ Friday, 13 May 2016 02:00 AM

වෘත්තියමය මාධ්‍යවේදීන් හදන්න ආයතන ඇතිකරන්න කටයුතු කරන්න ඕනෑ. මාධ්‍ය නිදහස ඒ ආකාරයෙන් තහවුරු කළයුතුයි (නි)

:       0       0

බණ්ඩාර Friday, 13 May 2016 06:13 AM

සමහරු හිතාඉන්නේ තවමත් තියෙන්නේ රාජපක්ෂලගේ ආණ්ඩුව කියලා (නි)

:       0       0

හේමපාල ලියනගේ Friday, 13 May 2016 01:57 PM

සමහර උදවිය රජය කලකිරවන්න පැය විසිහතරම වැඩකරනව .අන්තිමට කියනව යහපාලන ආණ්ඩුවෙ වැඩ තමා මේව කියල (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site