IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


උසාවිය පොප් ගායක ප්‍රසංගයේ විස්තර ඉල්ලයි

කොළඹ සී.ආර් ඇන්ඩ් එෆ්.සී ක‍්‍රීඩාංගනයේ ඉකුත්දා පැවති ලෝ ප‍්‍රකට පොප් ගායක එන්රිකේ ඉග්ලීෂීයස්ගේ ප‍්‍රසංගයේ ටිකට් පත් අලෙවියේ ගිණුම් වාර්තා සහ ප‍්‍රසංගයේ සංවිධාන කටයුතු වලට අදාළ ලියකියවිලි දින 10ක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ දිසාඅධිකරණය ලයිව් ඉවෙන්ට් ආයතනයට අද (01) නියෝග කළේය.

ප‍්‍රසංගය නැරඹීමට වී.අයි.පී ප‍්‍රවේශ පත‍්‍ර ලබාගෙන ගිය තමන්ට එම ටිකට් පත‍්‍ර වලට හිමි වරප‍්‍රසාදය ලබා නොදීමෙන් සිදුවූ මානසික අසහනය තත්ත්වය සඳහා රුපියල් දෙකෝටි විසි ලක්ෂයක් වන්දියක් ඉල්ලා ගොනු කළ පැමිණිල්ල කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය හමුවේ කැඳැවිණි.

නීතීඥ හිෂාන් පේ‍්‍රමරත්න මහතා සහ ඔහුගේ බිරිය එම වන්දිය ඉල්ලති.

ඉකුත් දෙසැම්බර් 20 වැනිදා කාළඹ සී.ආර් ඇන්ඞ් එෆ්.සී ක‍්‍රීඩාංගනයේදී එන්රිකේ ඉග්ලීෂීයස් ගේ ‘‘සෙක්ස් ඇන්ඩ් ලව්’’ සංගීත ප‍්‍රසංගය නැරඹීමට තමා සහ බිරිය රුපියල් 35000ක් ගෙවා වී.අයි.පී ටිකට් ලබා ගත් බවත් පැමිණිල්ලෙන් කියා සිටී.



අදහස් (0)

උසාවිය පොප් ගායක ප්‍රසංගයේ විස්තර ඉල්ලයි

ජයතු Friday, 01 April 2016 08:12 PM

මේ පින්බිමේ මෙවැනි අසංවර සංදර්ශන පැවැත්වු අය ජනතාව පිළිකුල් කරනවා (නි)

:       0       0

සමිත් Friday, 01 April 2016 09:14 PM

අපේ රටේ උසාවි සහ නීතිය ගැන නම් දැන් මහජනතාව වශයෙන් අපේ කිසිම විශ්වාසයක් නැහැ (නි)

:       0       0

අජිත් කුමාර Saturday, 02 April 2016 02:56 PM

35000ක් ගෙවා ප්‍ර‍සංග බලන්න යන්නෙ කවුද?, .(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site