IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


උසාවියෙන් ලංවිමට අතුරු තහනමක්

ලංකා විදුලි බල මණ්ඩලය කැළණි ගඟ හරස්කර මෙගාවොට් 150 විදුලිය උත්පාදනය කිරීමේ අපේක්ෂාවෙන් ගිනිගත්හේන පොල්පිටියේ ආරම්භ කර ඇති බෝර්ඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යාපෘති අධ්‍යක්‍ෂක ආචාර්ය කමල් ලක්සිරිට හා එම ව්‍යාපෘතිය කොන්ත්‍රාත්තුව ඇති  චින සමාගමේ ප්‍රධාන ඉංජිනේරුවාට හැටන් දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ප්‍රසාද් ලියනගේ මහතා අද (25) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

එම ව්‍යාපෘතියේ ඉදිකිරිම්  සිදුකිරිමේදී ප්‍රමිතියෙන් තොර ගල් බෝර දැමිම නිසා තමන්ට දැඩි හිරිහැර සිදුවන බව පවසමින් පොල්පිටිය වැසියන් ගිනිගත්හේන පොලිසියට කරන ලද  පැමිණිලි ගණනාවක් මත අංක බී 424/ 216  මහජන පිඩා පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබුණි.

පැමිණිල්ලේ නීතිඥයන් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ  කරුණු සහ පැමිණිල්ලේ සාක්කි සලකා බැලූ මහේස්ත්‍රාත් මින් ඉදිරියට එම ව්‍යාපෘතියේ ගල් බෝර දමා පිපිරිම් කිරිමේදී පුර්ව දැනුම්දීම් සිදු කිරිම සහ භූ විද්‍යා හා පතල් කාර්යංශයේ නිලධාරියකුගේ අධික්‍ෂණය යටතේ කරන ලෙස නියෝග කරමින් මහේස්ත්‍රාත් මේ  අතුරු තහනම නිකුත් කළේය.

නඩුව මැයි 2 වැනි දිනට කල් තැබූ මහේස්ත්‍රාත්වරයා වගඋත්තරකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනි සිටින ලෙසත්  මෙම කොන්දේසි සහිත ආඥාව අවලංගු කර ගැනිම හෝ වෙනස් කර ගැනිම පිණිස කරුණු දැක්විමට අවශ්‍ය නම්  එදිනට එකි කරුණු ඉදිරිපත් කරන ලෙසත්  වගඋත්තරකාර පාර්ශවයට නියෝග කළේය.



අදහස් (0)

උසාවියෙන් ලංවිමට අතුරු තහනමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site