IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


උපාලි ගම්ලත්ගේ 'ගුරුගීතය'

20160325-ent-86
 

20160325-ent-93ශ්‍රේෂ්ඨ සෝවියට් ලේඛක චිංගීස් අයිත්මාතව්ගේ පළමු ගුරුවරයා නවකතාව ඇසුරින් "ගුරුගීතය" නමින් ලාංකේය සිනමාවට නව සිනමා කෘතියක් එක් කරන ඔහු උපාලි ගම්ලත්ය. මෙම ඔහු එම සිනමා කෘතිය පිළිබඳව අදහස්ය.

“මේ වනවිට මෙම චිත්‍රපටය අවසන් කර මාස හතරක් පමණ වෙනවා. ජුනි මාසෙ මොස්කව් චිත්‍රපට උලෙළට යොමුකරනවා. ඒ වගේම සරසවි චිත්‍රපට උලෙළටත් යොමුකර තිබෙනවා. මෙහි වැඩිම ප්‍රමාණයක් රූගත කළෙ නේපාලයේ, අන්තපූර්ණහිමාලය කියන ප්‍රදේශයේ. එහි පහළම අඩි 6,000ක පමණ ප්‍රමාණයේ සිට අඩි 18,000 දක්වා ඉහළම තැන්වලත් රූපගත කළා.

මෙරටදී මාස එකහමාරක් පමණ රූපගත කිරීම් කළා. ඒ වගේම මාස එකහාමරක් පමණ නේපාලයේ නතර වෙලා ඒ අයට පුහුණු වීම් සහ පසුතල නිර්මාණ සිදුකළා. රූපගත කරන ස්ථානයට 90KM කිසිම වාහනයක් නොමැතිව පයින් ගමන් කරන්න සිදුවුණා. ගැල්වල බඩුපටව ගෙන දින දහයක් පයින් ගිහින් තමයි රූපගත කිරීම් කළේ.

නේපාලයේදී මුලින්ම රූගත කිරීම් ආරම්භ කළේ 2012 දී. එම ප්‍ර‘දේශයේ රූපගත කිරීම් සිදුකරන්න ටික දුරක් යද්දීම කුණාටු ඇවිත් පිරිසක් මගහැරුණා. මේ හේතු නිසා චිත්‍රපටය කිරීමට නොහැකි වුණා. නැවත 2013 දී එහි වැඩකටයුතු ආරම්භ කළා. අනපේක්ෂිත ලෙස මුදල් වියදම් වුණා.

එම ප්‍ර‘දේශයේ යළි රූපගත කිරීම් සිද්ධ කරන්න වුණා ඒ පිරිස නැති කොටස් රූපගත කිරීම සිදුකළා. හිම කුණාටුවලට බය වෙලා ආහාර සකසන්නන් පවා නැවත ආවා. රොෂාන් රවීන්ද්‍ර සහ පිරිස එම කටයුතුත් කළා. ඒ වගේ අත්දැකීමක් විනෝදාත්මකයි. හතරෙන් පස්සේ රූගත කරන්න බැහැ. රූගත කිරීම් සිදු කළේ -220C පමණ සීතලෙ. එය උහුලාගන්න බැරි තැන ශිල්පීන්ට ක්ලාන්තය පවා හැදුණා. ලංකාව ඝර්ම කලාපීය රටක් නිසා මේ චිත්‍රපටය රූපගත කිරීමට අපහසුවුණා. ඒ නිසා තමයි නේපාලයේ අන්තපුර්ණහිමාලයේ මකතංගේ හුදෙකලා ගම්මානය හා හිමාලයේ විලීවෝ විලා, කන්ග්සාර් වැනි ප්‍රදේශවල රූපගත කළා. ඊට පස්සේ අමතරව රුසියාව, කාශ්මීරය (ඉන්දියාව) වැනි රටවලත් රූපගත කිරීම් කළා.

නැවත ජාතික චිත්‍රපට සංස්ථාව මැදිහත්ව නිෂ්පාදක ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු සම්බන්ධ කර දුන්නා. ඔහුගේ නිෂ්පාදනයෙන් 2014 චිත්‍රපට වැඩ අවසන් කළා.

මෙම වසරේ අවසානයේදී පමණ ලාංකේය සිනමා ප්‍රේක්ෂකයන්ට මෙම චිත්‍රපටය නැරඹීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම මෙම චිත්‍රපටය රූපගත කිරීමේදී ලබාගත් අත්දැකීම් ඒකකරමින් මම කතාවක් රචනා කළා. එයින් "කළුහිම" කියලා සිනමාපටයක් නිර්මාණය කළා. එය ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබේවි.

 

  • රචනය, අධ්‍යක්ෂණය, සංස්කරණය, ශබ්ද නිර්මාණය

  • උපාලි ගම්ලත්

 

  • නිෂ්පාදනය උපාලි ගම්ලත්/ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු

  • කැමරාකරණය කාවින්ද රණවීර

     

  • කලා අධ්‍යක්ෂණය පූර්ණ ජයශ්‍රී

  • සංගීතය අධ්‍යක්ෂණය නදීක ගුරුගේ

     

  • ගීත රචනය නුවන් ජූඩ් ලියනගේ/නිලාර් එන්. කාසිම්

  • සංගීතය (ගීත) ලෙලුම් රත්නායක

     

  • ගායනය කිත්සිරි ජයසේකර

  • ඇඳුම් නිර්මාණය ලංකා බණ්ඩාරනායක

     

  • සහාය අධ්‍යක්ෂණය ලක්රුවන් විතානගේ

  • රංගනය - රොෂාන් රවීන්ද්‍ර (දුෂියෙන්), කල්පනී ජයසිංහ(අල්තිනායි), දමයන්ති ෆොන්සේකා, ජෙහාන් ශ්‍රීකාන්ත්, හයිසින්ත් විජේරත්න, ලංකා බණ්ඩාරනායක, ගාමිණි හෙට්ටිආරච්චි, සුබුද්ධි ලක්මාලි, ලක්රුවන් විතානගේ සහ නේපාල රංගන ශිල්පීන්

 

නිදුක් මදුෂික

 

20160325-ent-92
20160325-ent-90
20160325-ent-89
20160325-ent-83
20160325-ent-84
20160325-ent-85
20160325-ent-88
20160325-ent-82
20160325-ent-87

 

 



අදහස් (0)

උපාලි ගම්ලත්ගේ 'ගුරුගීතය'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 682 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site