IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


උපරිම සහල් මිල නියම කර ගැසට්ටු දෙකක්

(ජේ.ඉඳුරුවගේ )

වෙළඳපොළේ  දේශීය සහල් විකිණිය හැකි උපරිම සිල්ලර හා තොග  මිල සහ    ආනයනික සහල් විකිණිය හැකි උපරිම සිල්ලර  මිල නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් වෙන වෙනම අති විශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබේ.

 දේශීය සහල් මිල නියම කිරීමේ ගැසට් නිවේදනය අනුව සුදු/රතු කැකුළු සහල් කිලෝ ග්‍රෑම් එකක උපරිම තොග මිල රුපියල් 215 ක් හා සිල්ලර මිල රුපියල් 220 ක්,  මොට්ටෙයි කරුප්පන් සහ අට්ටකාරි හැර  වාෂ්පයෙන් තම්බන ලද /තැම්බූ, සුදු/රතු නාඩු කිලෝ ග්‍රෑමයක උපරිම තොග මිල රුපියල් 225 ක් හා තොග මිල රුපියල් 230 ක් ,වාෂ්පයෙන් තැම්බූ/තම්බන ලද කැකුළු සුදු/රතු සම්බා කිලෝ ග්‍රෑමයක උපරිම තොග මිල රුපියල් 235 ක් හා සිල්ලර මිල රුපියල් 240 ක් ,වාෂ්පයෙන් තම්බන ලද/තැම්බූ/ කැකුළු කීරි සම්බා කිලෝ ග්‍රෑමයක උපරිම  තොග මිල රුපියල් 255  ක් හා සිල්ලර මිල රුපියල් 260 ක් ලෙස නියම කර තිබේ.

එමෙන්ම මෙම මිල ගණන් නියම කරමින් මීට පෙර නිකුත් කර තිබූ 2022 මැයි 02  දින අති විශේෂ  ගැසට් නිවේදනයේ 82 නියෝගය හා 2022 ජුනි 10 නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ 83 නියෝගයද මෙම ගැසට් නිවේදනය මගින් පරිච්ඡින්න කර තිබේ.

ආනයනික සහල්වල උපරිම සිල්ලර  මිල නියම කරමින් නිකුත් කර ඇති අනෙක් ගැසට් නිවේදනය මගින් ආනයනික කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 210   ,ආනයනික නාඩු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 220 ,ආනයනික සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 230 ක් ලෙස නියම කර තිබේ.

මෙම මිල ගණන් දෙසැම්බර් 09 දා සිට බල පැවැත්වෙන අතර කිසිම ආනයනකරුවෙකු ,සැපයුම්කරුවෙකු ,බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් පාරිභෝගික කටයුතු අධිකාරි පනත අනුව  මෙම සහල් වර්ග මෙම උපරිම සිල්ලර හා තොග මිලට වැඩියෙන් වෙළඳාම් කිරීම,සැපයීම ,වෙළඳාමට ඉදිරිපත් කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති කේ.එච්.ඩී.කේ.සමරකෝන් මහතා විසින් ඊයේ (9)දාතමින් නිකුත් කළ මෙම  අති විශේෂ  ගැසට් නිවේදන මගින් නියම කර තිබේ.



අදහස් (7)

උපරිම සහල් මිල නියම කර ගැසට්ටු දෙකක්

siraa Tuesday, 10 December 2024 10:12 AM

මෝඩ වැඩක් කලේ ගැසට් ගහල, දැන් ආනයනය කරන වෙළෙන්දන්ට මල්ල කරේ, හරියට සීනි බදු වංචාව වගේ දෙයක්.

:       3       6

fairoos Tuesday, 10 December 2024 11:03 AM

ගෝටා වගේ ගැසට් රිවස් කරන්න නම් එපා

:       1       1

අරවින්ද මොනරවිල Tuesday, 10 December 2024 11:20 AM

ඔයා එක ගැසට් එකයි කියවලා තියෙන්නේ, අනිත් එකත් හෙමිහිට කියවලා බලන්න.......

:       1       0

සිල්වා Tuesday, 10 December 2024 01:10 PM

මෝල් හිමියන්ගේ වාසියට මිල නියම කර ඇත. පාරිභෝගිකයා වැඩියෙන් ගෙවීමට සිදුවෙයි. සිල්ලර වෙළඳාම පාඩුවට කළ නොහැකියි. සියලු දෙනාගේම ප්‍රශ්න විසඳීමට මනා අධ්‍යාපනයකින් පසුව ගැසට්ටුව රිවස් කරන්න වෙනවා.

:       0       0

prasanna Tuesday, 10 December 2024 01:36 PM

ඉස්සර මෙයාලා ගැසට්වලට හිනාවුණා. දැන් ප්ලේන්ටියේ මිලටත් ගැසට් ගහනවා. දිට්ඨ ධම්මවේදනීය කරුමය පටිසන් දීලා...

:       0       0

Kamal Koyrala Tuesday, 10 December 2024 02:39 PM

2500 ක ඉතිහාසයක් ඇති තුන් වේලටම බත්කාපු ජාතියකට වුණු වින්නැහිය. සේරම ජාතිය බේරගන්න එන්නේ සහ වපුරන්නේත් ජාතිවාදය... දැන් නැගිටපල්ලකෝ...!

:       1       0

Priyantha Dissanayake Tuesday, 10 December 2024 05:16 PM

බොහෝම අපූරු සුන්දර රැවැටීම්. මිනිසුන් පුන්නක්කු හෝ තණකොළ බුදිනවා යැයි සිතාගෙන වියයුතුයි. ජනාධිපතිවරණයට පෙර රුපියල් 200 ට අඩුවෙන් තිබූ සහල් එකවරම 210/= 220/= , 240/= ඒත් හාල් හිඟවුණා. මහමෝල් හිමියන් කැඳවා ඔවුන් සනසවා ස්ථාවර මිල රු.10කින් වැඩිකළා. එහෙම කරලා කියනවා ඒ මිලට හාල් දෙන්නලු. හාල් මෝල් හිමියන් සතුටු කරවලා මහාලොකු දෙයක් කළා වගේ මාධ්‍ය සංදර්ශන කරනවා ජනතාවට සෙතක් කළා වගේ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 0 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 317 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1031 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 532 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


ගල්ගමුවේ වැවක ගිලි දැරියන් දෙදෙනකු මරුට
2025 මැයි මස 13 1389 0

ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.


ත්‍රිරෝද රථ ගැටී හයක් රෝහලට
2025 මැයි මස 13 608 1

පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1293 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1540 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site