IMG-LOGO

2025 ජුනි මස 06 වන සිකුරාදා


උදැල්ලකින් පහරදී අයෙක් මරලා

( බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

හොරණ , රෙමුණ ලී මෝලක සේවකයන් දෙදෙනෙකු අතර ඇතිවූ බහින් බස් වීමකින් අනතුරුව එක්සේවකයෙකු අනෙක් සේවකයාට උදැල්ලකින් පහරදී  ඝාතනය කර ඇතැයි අඟුරුවාතොට  පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇති වයස අවුරුදු 55 ඇඹිලිපිටිය සෙවනගල ලක්ෂිරිගම පදිංචිව සිටි ඒච් .ඒ විමල සිරි නමැත්තකු බව පොලීසිය කියයි .

මෙම සේවකයන් දෙදෙනා රාජකාරිය අවසන් වී ඔවුන් විවේක ගන්නා කාමරයේ රැඳී සිටියදී ඇතිවූ බහින්බස්වීමක් දුරද දිග  යාමෙන් අනතුරුව සැකකරු මරණකරුට උදැල්ලෙන් පහරදී මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිසිය කියයි.

ඝාතනය සම්බන්ධයෙන් , මොරන්න , වරකා වැහැර පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකු පහර දීමට යොදාගත් උදැල්ල සමඟ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

 

 



අදහස් (2)

උදැල්ලකින් පහරදී අයෙක් මරලා

ජිල්බු Monday, 02 June 2025 09:44 AM

ගැලපෙන ආයුධය කියත. උදැල්ලෙන් ගහලා මරන්නේ ගොවි මහතුන්...

:       0       1

Bunny Peena Tuesday, 03 June 2025 08:57 AM

ඉවසීම පුරුදු පුහුණු වෙලා නැති තැන වෙන දේවල් තමයි මේවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 90 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 272 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 423 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site